ආණ්ඩුව සමග සිට, පසුව ස්වාධීන වන බව ප්‍රකාශ කළ මන්ත්‍රී කණ්ඩායම, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබේ.
ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රීවරු 40 දෙනෙකු පමණ ඇතුළත් ය.
අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.










