අද දිනයේදී ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු පෞද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීම සදහා මුදල් ගෙවා වේලාවක් වෙන් කරගෙන ඇති නමුදු සිය රෝගියා මෙම කැබිනට් අමාත්‍යවරයා බව දැනගත් වහා එම වේලාව අවලංගු කිරීමට අදාළ වෛද්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයා විසින් ගෙවූ මුදලද නැවත ලබාදීමට එම විශේෂඥ වෛද්‍යවරයා පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් සමාජය තුළ මතුවෙමින් පවතින විරෝධය සහ අප්‍රසාදය මුල්කරගෙන අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










