මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරය ආරම්භ කොට ඇත.Sri Lanka Latest News
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් විසින් හර්තාලය කැඳවා තිබුණද උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව දැනගන්නට තිබේ.
හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ කළද, වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබේ.
මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන සහ තවත් ස්ථාන බොහෝමයක් වසා දමා ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වුවත් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද වාර්තා වේ.
මුස්ලිම් ප්‍රදේශවල කඩසාප්පු සුපුරුදු ලෙස විවෘතව පැවතී ඇති අතර, මඩකලපුව, චෙංගලඩි, ආරයියම්පති, වාලච්චේනයි, කොක්කට්ටිචෝලෙයි ඇතුළු දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රදේශවල සියලුම කඩසාප්පු වසා දමා ඇති බව නිරීක්ෂණය වූ බව අප වාර්තාකරු පැවසීය.
හර්තාල් පවතින නගරවල හමුදාව සහ පොලීසිය යොදවා ඇති අතර ආරක්ෂාව තර කර ඇත.










