• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහල් නිවාස ව්‍යාපෘති 45ක්! නිවාස 10,000ක්! අවුරුදු 40කට පසු කොළඹ මහල් නිවාස ප්‍රතිසංස්කරණය කරන්න නිවාස සංවර්ධන අධිකාරිය ලෑස්ති වෙයි! ඒක නම් සුපිරි වැඩක්! I Sri Lanka Latest News

August 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මහල් නිවාස ව්‍යාපෘති 45ක්! නිවාස 10,000ක්! අවුරුදු 40කට පසු කොළඹ මහල් නිවාස ප්‍රතිසංස්කරණය කරන්න නිවාස සංවර්ධන අධිකාරිය ලෑස්ති වෙයි! ඒක නම් සුපිරි වැඩක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවැසුහ. Sri Lanka Latest News

ඒ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වසර 40කට වඩා පැරණි මහල් නිවාස ව්‍යාපෘති 45ක් පවතින බවත් ඒවායේ ආසන්න වශයෙන් නිවාස 10,000ක් පමණ පවතින බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසුහ.

ඒ අනුව එම නිවාස සංකීර්ණවල සිදු කිරීමට නියමිත, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වර්තමාන පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ද ඇතුළුව වාර්තාවක් ,මාසයක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාළ නිවාස සංකීර්ණවල ගොඩනැගිලි වල වර්තමාන තත්ත්වය පිළිබඳව තාක්ෂණික හා තක්සේරු වාර්තා ලබාගන්නා බවත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මෙම ප්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ අනුව මේ පිළිබඳව ද සියලු තොරතුරු ඇතුලත් පුර්ණ වර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

තවද 2015 සහ 2019 වසරවලදී ආරම්භ කර විවිධ හේතූන් මත අතහැර දැමූ නිවාස 45,000ක් පවතින බවත්, මේවා වසර තුනක් තුළ වැඩ නිම කිරීම සඳහා ද සැළැස්මක් සකස් කර ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

මෙහිදී සහාධිපත්‍ය නිවාස සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණ අතර, මෙම අංශයේ ආයෝජන සිදු කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව නිලධාරීහු කාරක සභාවේ අවධානය යොමු කළහ. ඒ අනුව මෙම ගැටලු විසඳීමට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබා ගැනීමට, එක් එක් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම උදෙසා, නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත්කරන ලෙස කාරක සභා සභාපතිවරයා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ලද ‘One Stop Shop’ ව්‍යාපෘතිය රටේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභාව නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී

මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, රවීන්ද්‍ර බණ්ඩාර, ජගත් විතාන, නීතිඥ ගීතා හේරත් යන මහත්ම මහත්මීහු මෙන්ම නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

SendShareShare
Previous Post

සමලිංගික සේවනය! කෘෂිකර්මය! ඉන්දීය ගිවිසුම! අපිලගේ සාදු හතර වටේටම නෙළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උතුරු නැගෙනහිර හර්තාල් ඇරඹේ! මඩකලපුවේ පළාත් රැසක සියලු කඩසාප්පු වසා දමයි! හමුදාව පොලිසිය සීරුවෙන්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.