• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂවේන්ද්‍රගේ කොරෝනා බළකාය විසුරුවා හරී!

December 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හෙට අරින-වහන පැති මෙන්න
Share on WhatsAppShare on Facebook

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසන් සැසිවාරය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) දින පැවති අතර, එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු බලධාරින් පිරිසක් සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද අතර එතැන් සිට වසරකුත් මාස නවයකට ආසන්න කාලයක් පුරාවට කොවිඩ් – 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතු, නිරෝධායන කටයුතු සහ කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම හා සබැඳි සියලු සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසිනි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනත් ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කර තිබේ.

එහිදී අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 

“අප කණ්ඩායමක් ලෙස එක්ව වසර 2 කට ආසන්න කාලයක් පුරාවට අපේ රටට බලපෑ ගෝලීය වසංගතය පාලනය කිරීමට වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින්නේ අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කණ්ඩායමක සාමාජිකයන් ලෙසයි. මෙම කාලපරිච්ඡේදය තුළ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ප්‍රධාන වශයෙන් අවස්ථා 03 කට සාර්ථකව මුහුණදීමට අපට හැකියාව ලැබුණා. රටේ පුරවැසියන් අදෘශ්‍යමාන තර්ජනයකින් ආරක්‍ෂා කරගැනීම සඳහා දැවැන්ත අභියෝග අපසතු වූවා. අපි ප්‍රධාන කමිටුව, විද්වත් මණ්ඩලය සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් ලෙස එක්ව මෙම වසංගතය පාලනය කිරීමට විවිධ සැලසුම් සහ ක්‍රම ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග සැකසීමට කටයුතු කළ අතර අභියෝග රැසක් මධ්‍යයේ වුවද රටේ ජනතාවට අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට කිසිදු අවස්ථාවක ඉඩකඩ ලබාදී නෑ.”

“කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය වෙතින් යෝජනා කරන ලද උපායමාර්ග සහ ක්‍රමෝපායන්හී ප්‍රතිඵලයක් ලෙස ඵලදායි ලෙස රෝගීන් කළමනාකරණය කිරීම, ආශ්‍රිතයින් හදුනා ගැනීම, නිරෝධායන ක්‍රියාවලිය මෙන්ම ජනතාවට එන්නත් ලබා දීම සහ සීමිත සීමාවන් කීහිපයකට යටත්ව සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීමට හැකියාව ලැබි ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලයට අනාගතයේදී වසංගතය පාලනය කිරීමේ කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, 2022 වර්ෂය වන විට කොවිඩ්-19 වෛරයෙන් නිදහස් ශ්‍රී ලංකාවක් ලෙස ප්‍රවේශ වීමටත් හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයි.”

“අද සිට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය තවත් දැවැන්ත ජාතික ක්‍රියාන්විතයකට දායක වන අතර 1906 ක්‍ෂණික ඇමතුම් අංකය සහ 1904 කෙටි පණිවුඩ සේවාව සමග ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගනු ලබන අතර ජාතික කර්තව්‍යය සඳහා ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයේ සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතුවලට නව දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වේ. අපි දැනටමත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අත්දැකීම් ලේඛනයකට සම්පාදනය කර ඇති අතර, එම ලේඛනයේ අවසාන පිටපත ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කීරීමට නියමිතව ඇත.”

“කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස මම ප්‍රධාන කමිටුවේ සාමාජිකයින්ට, ස්වාධීන විද්වත් මණ්ඩලයේ සාමාජිකයින්ට සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම්වල සාමාජිකයින්ට මෙන්ම වෛද්‍යවරුන්ට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් ලෙස ජාතියට ලබාදුන් අමිල දායකත්වය වෙනුවෙන් මගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම, විවිධ ආකාරයෙන් අපට සහය වීමට වෘත්තිකයන්, බුද්ධිමතුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සහ පුද්ගල කණ්ඩායම් ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඒ සියළුදෙනාගේ දායකත්වය වෙනුවෙන් මා බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා.”

“අවසාන වශයෙන්, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත සහය වීමට වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, බුද්ධි අංශ සාමාජිකයින් ඇතුළු දේශහිතෛශී පුරවැසියන් දක්වන දායකත්වය සහ සහයෝගය මම බෙහෙවින් අගය කරමි. එමෙන්ම, මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට සියළුදෙනා එක්සේසත්ව කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිමි” 

SendShareShare
Previous Post

අධිකරණ ඇමැතිතුමා ඔබතුමාට පිස්සුද? තුෂාර සබ්‍රිගෙන් මූණටම අහයි! (VIDEO)

Next Post

බම්බලපිටියේදී වෙඩින් එකකට ආ අයකුට මාංචු දමා ඔහුගේ රථයෙන්ම පැහැරගෙන ගොස් ලක්ෂ 5ක රන් බඩු ‌කොල්ලකාලා!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.