ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් තුනක් ඊයේ (23) දිනයේ වසා දමා ඇත.
ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙසේ වසා දමා ඇති බව වාර්තා වේ.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බව පැවසේ.










