අද දිනයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංතා තරගයට කහ වර්ණයෙන් ඇදුම් ඇද පැමිණෙන ලෙසට ගෙන යන ව්‍යාපාරය පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට අනාවරණය වීමත් සමග මේ වනවිට ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි මතුවෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.
මේ එසේ ජනතාව විරෝධය පළ කොට තිබූ ආකාරයය.







අප එය අනාවරණය කළ පුවත!
අහුවෙන්න එපා! අද ක්‍රිකට් මැච් එකේ කහපාට ටීෂර්ට් වැඩේ පොහොට්ටුවේ දේශපාලන මාකටින් ගේමක්! ඉරාජ්-චතුර දෙන්නත් වැඩේට බැහැලා ඉන්න එක ගැන සැකයක්!
අද කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගයේදී ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීම සදහා කහපැහැති ටීෂර්ට් ඇදගෙන පැමිණෙන ලෙසට ගෙන යන ප්‍රචාරය පොහොට්ටුවේ කණ්ඩායමක් විසින් ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයක් බව අනාවරණය වී තිබේ.
මෙම කණ්ඩායම පොහොට්ටුවේ සිට මේ වනවිට ස්වාධිනව සිටින අතර ඉදිරියේදී කහපාට යටතේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඔවුන් විසින් එක්තරා කණ්ඩායමකට මෙහි ප්‍රචාරක ව්‍යාපාරය බාර දී ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව මෙම කණ්ඩායම විසින් ඉකුත් දින කිහිපය පුරා අද දින කහ පැහැති ටී ෂර්ට ඇද තරගය නැරඹීමට එන ලෙසට ප්‍රචාරයක් ගෙන යමින් සිටියේය.
පසුගිය දිනෙක ඩිලාන් පෙරේරා මහතා සදහන් කර සිටියේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවත්, එහි පැහැය කහ පාට බවත්ය.
එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා කඩේ ගිය ඉරාජ් වීරරත්න, චතුර අල්විස් වැනි පුද්ගලයන්ද මෙම ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටීමද සැකයට තුඩු දෙන්නක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.










