මාස 2ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුලු යෝජනා ගණනාවකට ජනාධිපතිවරයා එකගතාව පළ කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාක්චජාවලින් අනතුරූව ඒ මහතා පෙන්වා දුන්නේ 13 වැනි ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලය බෙදීමක් පිළිබදවට එහිදී එකගතාවකට පැමිණි බවකි.
ADVERTISEMENT
එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කිරීමටත්, උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ නියෝජිතයන්ද සහිත ඒකාබද්ධ කමිටුවක් සහ විශේෂ අරමුදලක් පිහිටුවීමටත් මෙහිදී එකගතාවකට පැමිණි බව ඒ මහතා සදහන් කර සිටියේය.