ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ජාව නිමා කොට එළියට පැමිණීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හට හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාගෙන් දුරකතන ඇමැතුමක් ලැබී ඇති බව වාර්තා වේ.
එහිදී හමුදාපතිවරයා පවසා ඇත්තේ ආරක්ෂක අංශ උතුරේ ඉඩම් අල්ලන බවට සාකච්ජාවේදී චෝදනා කර ඇති නමුත් ආරක්ෂක අංශ එවැන්නක් සිදු කොට නැති බවය.
සුමන්තිරන් මහතා එහිදී පවසා ඇත්තේ උතුරේ ඉඩම් පිළිබද කළ සාකච්ජාවේදී ගැටලුවක් ඇත්නම් හමුදාපතිවරයා සමග සාකච්ජා කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවකි.
පසුව හමුදාපතිවරයා යම් ගැටලුවක් ඇත්නම් තමන්ට දැනුම් දෙන ලෙස සුමන්තීරන් මහතාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.