• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමනි හැදෙන්න නම් දසාරාගේ මේ ලියුම කියවන්න! Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය සලකුණු කළ ප්‍රබල ලිපි පිළිබඳ පුවත් අප ඕනෑතරම් අසා තිබේ. ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් හට රැවුල වවන ලෙස උපදෙස් දෙමින් 11 හැවිරිදි ග්‍රේස් බෙඩල් දැරිය ලියූ ලිපිය මෙන්ම, සිරගෙදර සිටි ජවහර්ලාල් නේරු සිය දියණිය ඉන්දිරාට ලියූ ලිපිද ඒ අතර වේ. එවැනිම ආන්දෝලනාත්මක සහ ගැඹුරු දේශපාලනික කියවීමක් සහිත සංවේදී ලිපියක් පසුගියදා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුවිය. ඒ මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දසාරා සෙනෙවිරත්න නම් තරුණියකගෙනි. කොළඹ විශාඛා සහ මියුසියස් විද්‍යාලයන්හි ආදිශිෂ්‍යාවක වන ඇය, තම අනන්‍යතාව ඍජුව හෙළිකරමින් මෙම ලිපිය ලියා ඇත්තේ ‘ගැහැනු අපි එක මිටට’ වැනි දැවැන්ත ව්‍යාපාර හරහා මාලිමාව සමාජයේ ගොඩනැගූ පරමාදර්ශී බලාපොරොත්තු සහ වත්මන් යථාර්ථය අතර ඇති දරුණු ගැටුම විවරණය කරමිනි.Sri Lanka Latest News

දසාරාගේ ලිපිය හුදු පෞද්ගලික ප්‍රකාශයකට වඩා බරපතළ දේශපාලනික විවේචනයක් බවට පත්වන්නේ එහි අඩංගු අතිශය සැර පණිවුඩ නිසාය. ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු වටා සිටින ‘දැළිපිහිය අතට ගත් වඳුරන්’ සහ ‘පිස්සු බල්ලන්’ වැනි අනුගාමිකයන් වහාම පාලනය කරන ලෙසයි. මාලිමාව බලයට පත්කිරීම සඳහා මූලික වූ කාන්තා පරපුරේ පුද්ගලිකත්වයට එල්ල වන අනවශ්‍ය බලපෑම් සහ ඇතැම් අනුගාමිකයන්ගේ අශෝභන හැසිරීම් පිළිබඳ ඇය එහිදී දැඩිව චෝදනා කරයි. ජයග්‍රහණයෙන් පසු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් සහ උපදේශකයන් තුළ ‘රාජ උෂ්ණය’ ඉස්මතුවී ඇති බවත්, මීට පෙර පක්ෂය වෙනුවෙන් පෙනීසිටි සැබෑ ක්‍රියාකාරීන්ගේ දුරකතන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදක්වන මට්ටමට ඔවුන් උඩඟු වී ඇති බවත් ඇය පෙන්වා දෙයි. මෙය හුදු පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් පමණක් නොව, බලය ලැබීමත් සමග දේශපාලන සංස්කෘතියක් කඩා වැටීමේ දරුණු අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකිය.

මෙම ලිපිය හරහා මතුවන අනෙක් බරපතළ කාරණය වන්නේ මාලිමාවේ අනුගාමිකයන් තුළ පවතින ‘සුජාතභාවය’ පිළිබඳ මිථ්‍යාව සහ ඒ තුළ සැඟවී ඇති ලිංගික හිංසනයන් පිළිබඳ ඉඟි පළවීමයි. ‘සහෝදරී’ යන ලේබලයට මුවාවී සිදුවන නින්දිත ක්‍රියාකාරකම් පිළිබඳ නීතිය හමුවට යාමට පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීම ඇය සිය යුතුකමක් ලෙස සලකා ඇත. මන්ත්‍රී නිවාස වායුසමනය කිරීම වැනි භෞතික පහසුකම් ඉල්ලමින් සිටින නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් සිටින වටපිටාවක, දසාරා වැනි සැබෑ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ පරමාදර්ශී දේශපාලනය ක්‍රමයෙන් අතුරුදන් වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු සහ වත්මන් ක්‍රියාවන් අතර පවතින පරස්පරතාව නිසා තමන්ව විශ්වාස කළ පිරිස් පවා දැන් පක්ෂය අත්හරිමින් සිටින බව ඇය සිය ලිපියෙන් අවධාරණය කරයි. ඒබ්‍රහම් ලින්කන් කුඩා දැරියකගේ ලිපියට ඇහුම්කම් දී සිය පෙනුම සහ ප්‍රතිපත්තිය ජනතාවට ගැළපෙන සේ සකස් කරගත්තා සේම, අනුර කුමාර දිසානායක මහතාටද දැන් ඉතිරිව ඇත්තේ තමන්ව බලයට පත් කළ දසාරාලාගේ හෘද සාක්ෂියේ හඬට ඇහුම්කම් දීම හෝ එසේ නොවුණහොත් තම ජන පදනම වේගයෙන් දියවී යන තෙක් බලා සිටීම පමණි. දසාරාගේ ලිපිය මාලිමාවේ ආණ්ඩුවට එල්ල වූ ප්‍රබල ‘හෘද සාක්ෂියේ කැඩපතක්’ වන අතර එය අනාගත දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය.

“ගරු ජනාධිපතිතුමනි, කරුණාකර ඔබේ පිස්සු බල්ලන් බැඳ තබාගන්න…” මීට දසාරා

අපේ ආණ්ඩුව ගෙනාවට පස්සෙ දිගින් දිගටම සිද්ධ වෙච්ච බොහෝ දේවල් ඉතාම සිහි නුවණින් සහ නිරීක්ෂණයෙන් යුතුව කිරලා මැනලා බලලා, ඉතාම කනගාටුවෙන් වුණත් හෘද සාක්ෂියට එකඟව අපේ ගරු ජනාධිපතිතුමාට කිවයුතු කාරණා කීපයක් තියෙනවා. ඒවා පෞද්ගලිකව කියන්න කීප වරක් උත්සාහ ගත්තත් ජනාධිපතිගෙ බලතල තමන්ගෙ අතට අරන්, දැළිපිහිය ගත්ත වඳුරො ටිකක් වගේ ක්‍රියාකරන සමහර උත්තමයො සහ උත්තමාවියන්ගෙ රාජ ඌෂ්ණය නිසාත්, සංවිධානවලට කැඳවීම කලක පටන්ම ඊනියා ලොක්කන්ගේ, බක්කන්ගේ ගොට්ටන්ට සහ පක්ෂයෙන් යැපෙන කපටි කෛරාටික කුහක ගෙවලයන්ට පමණක් සීමාකර ඇති නිසාත් ඒක එහෙම කරන්න අපහසු වුණා.
ඒ නිසා ඒ අයගෙත්, ජනාධිපතිගෙත් පහසුව සහ දැනගැනීම පිණිස මෙහෙම විවෘතවම දන්වන්න හිතුවා.

ගරු ජනාධිපතිතුමනි,
අපට ඔබතුමාගෙන් ඉල්ලන්න පෞද්ගලික ඉල්ලීම් කිසිවක් තිබුණේත් නැහැ. ඇත්තේත් නැහැ.
මා ඔබ සමග කතාකර ඇත්තේත් එකම එක වරයි. ඒත් තනිවම නොවේ. අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරයකු වන පතිරණ සහෝදරයා සමගයි.
එය ඔබත් ඉතා හොඳින් දන්නවා.

අවශ්‍යතාව වුණේ ඔබ වටා ඉන්න සමහරක් මන්දබුද්ධිකයන්ගෙ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සිදුවී ඇති සහ සිදුවිය හැකි යම් යම් අගතීන් ගැන ඔබව දැනුවත් කරන්නයි. මන්ද පක්ෂය හෝ ආණ්ඩුව ජනාධිපතිගේවත්, මහලේකම්ගේවත්, ඔබ වටා කඳවුරු බැඳ සිටින ඊනියා ගජමිතුරන්, අවස්ථාවාදී සංවිධායකයන් හෝ පක්ෂයේ ගෙවලයන් ලෙස හැසිරෙන සර්වබලධාරී යැයි සිතා සිටින උද්ධච්ච, ගුණමකු, අවස්ථාවාදී, වනචාරී, ගෝත්‍රික, අන්ධභූත පිරිමින් සහ ගැහැනුන් කවරකුගේවත් නොවන නිසා.

ඔබලාගේ දර්ශනය කෙසේ වෙතත්, ඔබගේ පෞද්ගලික ලේකම්තුමාගේ දුරකතනයවත් කිසිම විටෙක උස්සන්නේ නැහැ.
විශේෂයෙන්ම ඔබව ජනාධිපති කිරීමටත්, අනෙකුත් අයව බලයට ගෙන ඒමටත් මා ඇතුළු අපේ බොහෝ සහෝදර සහෝදරියන් තම තමන්ගේ කාලය ශ්‍රමය සහ මුදල් වියදම් කළේ අත්‍යන්තයෙන්ම අප වෙනුවෙන් පුද්ගලිකව කිසිවක්ම නොපතා බව හෘද සාක්ෂියට එකඟව ඔබත් අන් අයත් ඉතා හොඳින් දන්නවා ඇතැයි සිතමි.
ඒ කාලය අපේ දියුණුවට යොදා නොගෙන ඔබ සැමගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සම්පූර්ණයෙන්ම කැප කළේ මේ රටේ පීඩිත ජනතාවගේ සහ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙතෙක් ඔබ එය නොදන්නවා නම් දැන්වත් එය ඉතා හොඳින් දැනගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.
එම නිසා සමහරුන් කියනා පරිදි, ලියනා පරිදි අපට ඇත්තේ තනතුරු නොලැබීමේ මාන්දමක් හෝ වේදනාවක් නොවන බව නැවත නැවත අවධාරණය කරමි. (මන්ද මා ඉතා පැහැදිලිව ඒ අවස්ථා සියල්ලම තරයේ ප්‍රතික්ෂේප කළ බව අපේ ආසනයේ අය දන්නා බැවින්.)
එමෙන්ම අද මේ වනතුරු ලියුම්කරු වන මා ඔබ කිසිවකුගෙන් වතුර පොදක්වත් ඉල්ලා නැති බවත්, සිනහවක්වත්, වෙනත් කිසිම විශේෂයක්වත් බලාපොරොත්තු නොවී මගේ යුතුකම පමණක් ඔබ සැම වෙනුවෙන් හදවතින්ම ඉටුකළ බවත් ඉතා වගකීමෙන් ලියමි.

ජනාධිපතිතුමනි,
ඔබ ඡන්දයට පෙර කී කතා බොහොමයක් මේ වනවිට අවලංගු බව පැහැදිලිව පෙනෙන බැවින් (විශේෂයෙන්ම ප්‍රමුඛතාවය දියයුතු ඒවා ඕනෑ තරම් තිබියදී කැමරාකරුවන් සමග නිතර පන්සල් පල්ලි යෑම සහ පමණට වඩා අනවශ්‍ය සංදර්ශන දැමීම වැනි ඒවා) සහ ඔබගේ ඊනියා උපදේශකයන් නිසා හෝ ඔබ සිදුකරන යම් යම් නොගැළපෙන ක්‍රියා ගැන ඉතා සද්භාවයෙන් ඔබට දැනුම් දීම අපගේ බරපතළ යුතුකමක් ලෙස සිතූ බැවින් සහ ඔබගේ සමහරක් අනුගාමිකයන්ගෙන් අපගේ පුද්ගලිකත්වයට එල්ලවන යම් යම් අනවශ්‍ය අශෝභන නින්දිත ක්‍රියාකාරකම් ගැන නීතිය හමුවට යාමට පෙර ඔබව දැනුවත් කිරීම යුතුකමක් ලෙස සිතූ බැවිනි ඔබ හමුවේ යථාර්ථය පැහැදිලි කිරීම සුදුසු යැයි ලියුම්කරු සිතූවේ.

කෙසේ වුවත් ඔබ වටා සිටින දැළිපිහි අතට ගත් වඳුරන් සහ පිස්සු බලු එන්නත විදීමට අවශ්‍ය සමහර දෙපා සුනඛයන් නිසා මම ඒ අදහස අතහැර දමා ඒ කරුණ මෙසේ විවෘතව දැන්වීමට සිතුවෙමි. එය මාගේ වරදක් නොව ඔබ තමුන්නාන්සේගේ වටේ සිටිනා අයගේ වරදකි.
ගරු ජනාධිපතිතුමනි, පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් මට ඔබට කීමට ඇත්තේ මෙයයි.

කරුණාකර ඔබේ පිස්සු බල්ලන් බැඳ තබාගන්න .

ජනතාවට ජයවේවා
දසාරා….

SendShareShare
Previous Post

එහෙත් ගංවතුර – මෙහෙත් ගංවතුර! ඇමෙරිකාවෙයි ලංකාවෙයි වෙනස! Sri Lanka Latest News

Next Post

මහින්ද හොරෙක්…? Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.