• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද හොරෙක්…? Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මගෙන් මිත්‍රයෙක් ඇහුවා ඇයි උඔ මහින්දට ඔච්චර කැමැති කියලා. මම කීවා මම කැමැති මහින්දට නෙවෙයි, ඒ දැක්මට කියලා.
ඔව් ඒ දැක්ම ඇතුළේ ඔහු නිර්මාණය කරපු, පැළ කරපු බීජ අද රටට ඵලදරනවා. මොකා ආණ්ඩුව කළත් ව්‍යාපාරකරණය පරිපාලනය හොදින් කරන්න පුළුවන් එකෙක්ට රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්න ඒ පැලකිරීම් දලුදාලා වැඩිලා තියෙනවා. Sri Lanka Latest News

මහින්ද රාජපක්ෂ නොරොච්චෝලය හැදුවා. චීනය භාවිතයෙන් ඉවත් කරපු පරණ යකඩ ගොඩක් කොමිස් ගහලා හොරකම් කරන්න ලංකාවට ගෙනාව කිව්වා. අද ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම ඉහළ ගිහින් තියෙන්නේ සහ වියළි කාලයට ජල විදුලිය නැතුව විදුලි ඉල්ලුමෙන් 50%ක් සපයන්නේ නොරොච්චෝලයෙන්. හැබැයි මහින්ද නොරොච්චෝලය හැදුව හන්දා හොරෙක් වුණා.️

රටේ අධිවේග මාර්ග පටන් ගත්තේ මහින්ද. ඕවා හදන්නේ කොමිස් ගහන්න කියලා අධිවේගයේ දුර මීටර්වලින් මැනලා වියදම බෙදලා කිලෝමීටරයට යන වියදම පෙන්නලා, හැදුවේ රත්තරන්වලින්ද ඇහුවා. අද ලංකාවේ දවස ගානේ කෝටි විස්ස පන්නලා රටට ආදායම් උපයලා භාණ්ඩාගාරයට ලැබෙනවා. හැබැයි අධිවේග හැදුවට මහින්ද හොරෙක් කළා.️

මහින්ද හම්බන්තොටට වරායක් හැදුවා. ඒක අසාර්ථකයි කියන්න පුළුවන් හැමදේම කිව්වා. වරායෙන් රාජපක්ෂලා බිලියන ගණන් හොරකම් කළා කිව්වා. නැව් එන්නේ නෑ කිව්වා. අන්තිමට මහින්දට රිදවනවා කියලා චීනයට ඒක බදු දුන්නා. චීනය හම්බතොට වරාය වාහන ගෙන්වන ප්‍රතිනැව්ගත කරන වරායක් බවට සාර්ථක කළා. අද ශ්‍රී ලංකා වරාය අමාත්‍යාංශයේ රේගු ආදායමට පසු වැඩිම බදුකුලී සහ නිෂ්කාශන ආදායම හම්බන්තොට වරාය බිමෙන් ලබාගන්නවා. හැබැයි ඒක බැණුම් අහගෙන රටට හදපු මහින්ද හොරෙක් කළා.️

ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා යටතේ නගරසභාවලට විතරක් කාපට් පාරවල් සීමාවෙලා තිබ්බා. ගමට දුන්නේ තාර පාරවල්. ඒවා එක වැස්සකින් අබලන් වුණා. මහින්ද සමස්ත රටේ ග්‍රාමීය සහ අර්ධ නාගරික පාරවල් කිලෝමීටර 25,500ක් සම්පූර්ණයෙන් කාපට් කළා. එතකොට කිව්වේ මහින්දගේ පක්ෂයේ උන්ට කොමිස් ගහගන්න තාර පාරවල් මහින්ද බොරුවට කාපට් කරවනවා කියලා. හැබැයි ඒ හන්දා ඩොලර් බිලියන 17ක තිබ්බ ජාතික ආර්ථිකය ඩොලර් බිලියන 73ක් දක්වා ඔසවලා තියන්න මහින්දට පුළුවන් වුණා.
මහින්ද වසර 30 කට පස්සේ වවුනියාවෙන් එහාට උතුරෙන් යාපනයට කෝච්චිය අරන් ගියා. මාතරින් එහාට, දකුණෙන් බෙලිඅත්තට කෝච්චිය අරගෙන ගියා. හැබැයි මහින්ද ඒවා කරපු නිසා හොරෙක් වුණා.️

ලිපිය දිගුවෙන හන්දා මම මෙහෙම ලියනවා.
මහින්ද ඉහළ කොත්මලේ හැදුවා. බැණුම් ඇහුවා.
මහින්ද උමාඔය ව්‍යාපාරය කළා. බැණුම් ඇහුවා.
මහින්ද කොළඔ වරාය පුළුල් කළා. අලුත් දියකඩනය නිර්මාණය කළා. ඒ හරහා කොළඔ වරාය පුළුවල් කළා අලුත් ජැටි පර්යන්ත ඉදිකරලා.
මහින්ද හදපු හැම දේකින්ම අද ආදායම් උපද්දවනවා.️ මහින්ද තව වසර පහක් බලයේ හිටියා නම්, මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන තැනක් කරනවා. ඒක ඊට පස්සේ ආව අයට කරන්න බැරිවුණා.

ක්‍රිකට් ක්‍රීඩාංගණය සූරියවැව හැදුවා. ඒකට අවශ්‍ය මැච් ගන්න බැරිකම මහින්ද⁣ගේ වැරැද්දක් නෙවේ.
කොටින්ම මහින්ද හදපු ටෙලි ගම්මානය තුළින් නිර්මාණය වුණු උසස් ටෙලිනාට්‍යවලින් රටට ආදායමක් ලැබුණා. අද ඒවා වල් බිහිකරලා තියෙනවා.
අපි 2015 මහින්ද ඉවත් නොකළා නම් මේ රට අද තියෙන ආර්ථික අර්බුදයට කවදාවත් වැටෙන්නේ නෑ.️
මහින්ද හොරාකන්න හැදුවා කිව්ව, පැනලා මැරෙන්න විතරක් හොඳයි කිව්ව නෙළුම් කුලුන තුළින් විතරක් අනුර දිසානායක රට පාලනය කරපු වසර ඇතුළේ රුපියල් කෝටි 90ක ආදායමක් උපයලා තියෙනවා.️

මහින්දට සිංහල ජාතිය ගැන අරමුණක් තිබ්බා. රටේ ජීවත් වෙන සමස්ත ජාතීන් ගැන කියවාගැනීමක් තිබ්බා. කෘෂිකර්මය, කලාව, සංස්කෘතිය, ජාත්‍යන්තර සබඳතා ගැන කියවාගැනීමක් තිබ්බා. ඒ ඔස්සේ මහින්ද ලාංකිකයාට අනාගතයේ ආදායම් උත්පාදනයට සැලසුම් ගැහුවා. ඒ වගේ දැක්මක් සිරිමාවෝට පසු තිබ්බේ මහින්දට විතරයි.
රුපියල් බිලියන 5000ක් ලෝකයෙන් ණයට ගත්ත මහින්ද රටට ආදායම් උපයන්න කරපු නිර්මාණ අද ආදායම් උපයනවද නැද්ද යන්නට උත්තර හොයනකොට යම් දෙයක් ආදායම් උපයන්නේ නෑ බදු ගෙවන ජනතාවට බරක් කියන්න තියෙනව නම් ඒ දක්ෂ පරිපාලනයක්, ව්‍යාපාර දැනීමක් නැතිකම හින්දා පාඩු ලබන තැනක් විනා වෙන මොනවත් හේතුසාධක නෑ.️

නමුත් මහින්ද හොරෙක්. කලාවැව හදපු ධාතු⁣සේන වස්තුව හංගගත්තා කියලා හංවඩුවට හොරෙක්වෙච්ච ලංකාවේ කලාවැවෙන් අස්වද්දපු ඊළඟ පරම්පරා සීයකට ධාතුසේන ජාතික වීරයෙක් වුණා.

අද රටට හැදුව හැම දෙයක් හින්දම හොරෙක් වෙච්ච මහින්ද ඊළඟ පරම්පරා හරියට කියවා ගන්නවා. හැමදාම වර්තමානය වරද්දා ගන්න ජාතියක් සිංහල ජාතිය කියන්නේ. අපි හැමදාම පැරැදුණේ දිගු කාලයක් රට වෙනුවෙන් එක ගමනක් යන්න බැරිකම හින්දා නොවේ.️ ඒ ගමන එක්ක යන්න ජාතියේ පිනකට පහළවෙන එකා අපි කලින් මරාගන්න හෝ, නැත්නම් ඒකා හොරෙක් කියලා හංවඩු ගහන තක්කඩියෙක්ට රැවැටිලා සියල්ලම නැතිකරගෙන හූල්ලන හින්දා.

අපි ධාතුසේනට කළෙත් ඒක. අපි සිරිමාවෝට කළෙත් ඒක. මහින්දට කළෙත් ඒක. ජාතියේ මහා වාපිය හදපු ධාතුසේනත් මැරුවේ වස්තුව හංගගත්තා කියලා හංවඩු ගහලා තමයි.

නුවන් මොණරවිල

SendShareShare
Previous Post

ජනාධිපතිතුමනි හැදෙන්න නම් දසාරාගේ මේ ලියුම කියවන්න! Sri Lanka Latest News

Next Post

වෙලාවට ඡන්ද තිබ්බෙ නෑ! තියපු ඡන්ද කොල්ලකෑවා! විපක්ෂය මර්දනය කළා! මාධ්‍ය මර්දනය කළා! මහ ලොකුවට දඟලපු ඒකාධිපතියාට දැන් වෙලා තියෙන දේ! I Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.