• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිතුමනි රට වහන්න එපා! පොඩි මිනිහා ගැන හිතන්න! ඇමැති ප්‍රසන්න ජනපතිට ලියුමකින් දැනුම් දෙයි!

August 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනපතිතුමනි රට වහන්න එපා! පොඩි මිනිහා ගැන හිතන්න! ඇමැති ප්‍රසන්න ජනපතිට ලියුමකින් දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

රට වසා නොදමන ලෙසත්, එසේ වැසුවොත් එදිනෙදා රැකියාව කරමින් මුදල් සොයන ජනතාව දැඩි අසීරුතාවට පත්වන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,
ජනාධිපති ලේකම් කාර්යාලය

අතිගරු ජනාධිපතිතුමනි,
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි
රට තීරණාත්මක මොහොතකට එළඹ තිබේ. එම තීරණාත්මක මොහොතේ ඔබ වෙත යොමු කරන මෙම ලිපිය ජනතාවගේ දැනුවත් වීම උදෙසා මාධ්‍ය වෙතද යොමු කරමි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් මේ අවස්ථාවේ මා දරන ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව තිබේ. මා මේ ලිපිය ලිවීම නිසා බොහෝ අයගේ අප්‍රසාදයට ලක්විය හැක. සමහරු මට බැණවැදීමටත්, මඩ ගැසීමටත් ක්‍රියාකරනු ඇත. එදිනෙදා ආදායම් ලබන අති බහුතරයක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙනුත්, සමස්ත රට වැසියා වෙනුවෙනුත් ඒ සියලු ඇනුම් බැනුම් චෝදනා භාර ගැනීමට සූදානම් වී මගේ ස්ථාවරය ප්‍රකාශ කරමි.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් ද, සම්බන්ධ වෙමින් පවතියි. නිසි අරමුණක් නොමැතිව,අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමටයි. කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක්‍රමානුකූලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටියි. වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්තාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැසක් සංවිධානය කෙරිණි. සීඝ්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කලේ ජන ජීවිතවල වටිනාකම නොතකමිනි.මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේද නැත.
මේ අභියෝගාත්මක අවස්ථාවේ බලය රැකගැනීමට වඩා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ වෑයමයි.මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වමින් ජනතාව තුළ සෘණාත්මක අදහස් ව්‍යාප්ත කරනවා වෙනුවට ජනතාවට සත්‍ය පැහැදිලි කර දෙමින් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීමක් ආණ්ඩුව සතුව ඇත.
මා නියෝජනය කරන සංචාරක ක්ෂේත්‍රයේ ඇද වැටීම සිදු වන්නේ ඉකුත් යහපාලන රජය සමයේ පාස්කු ප්‍රහාරයත් සමඟයි. පසුව කොරොනා වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරය කිසිදා නොවූ ලෙස ඇද වැටිණි. සංචාරක හෝටල් හිමිකරුවාගේ සිට මහමග තැඹිලි විකුනන පුද්ගලයා දක්වා ක්ශ්‍රේෂ්ත්‍රය ට අදාල සෑම කෙනෙක්ම ජීවත්වීමේ ගැටළු රැසකට මුහුණ දී සිටී. සංචාරක ක්ශ්‍රේතයේ ගැටලු වලට එකින් එක විසඳුම් ලබා දෙමින්, සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රයත්න දරන අවස්ථාවක රට අඟුලු දැමීමට විපක්ෂය ගෙන යන උත්සහය නිසා රට කබලෙන් ලිපට වැටීමක් සිදුවේ.

රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අඟුලු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසු තාවයක් ඇති නොවේ.මා ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදු වේ. මේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලිනි. රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවකට ලක්වේ. ඒ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අප නිවසට වී කා බී දොරඟුලු ලාගෙන සිටින විට ඔවුන්ගේ නිවෙස් වල බතක් නොයිදෙන්නේ නම් රට අඟුලු ලා පලක් තිබේද. මෙවැනි අවස්ථාවක රට අඟුලුලන්නේ නම් හෘද සාක්ෂියට එකඟව ජනතා බදු මුදලින් වැටුප් ලැබීමේ හැකියාවක් නැත.
මීට ප්‍රථම කිහිප වතාවක් රට අගුළු දා තිබියදී ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටු රැස්වීම්වලට මා ඇතුළු දේශපාලන නායකත්වයත්, දිස්ත්‍රික්කයේ නිලධාරී යාන්ත්‍රණයත් නොකඩවා සහභාගි වූහ. රෝහල් වල අවශ්‍යතා සපුරාලීම, නව රෝහල් වාට්ටු ඉදිකිරීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් ඇති කිරීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම ආදිය මෙන්ම රට අඟුළු ලෑම නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නිවෙස් අසලටම වෙළඳුන් යැවීම, ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම, නිරෝදායනය වන පවුල් වලට ආහාර ද්‍රව්‍ය ලබාදීම ආදී කටයුතු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අතරතුර රට විවෘත කරන ලෙස රජයට බලපෑම් කිරීමද ඒ සෑම අවස්ථාවකම සිදුවිය. සෞඛ්‍යය හා ආරක්ෂක සේවයේ නියුතු වූවන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සිය ජීවිත අවදානම නොතකා වසංගතය පවතින මේ මොහොතේත් දක්වන සහය විශේෂයෙන් අගය කළ යුතුයි. රට සම්පූර්ණයෙන් අඟුලුලෑ විට මෙම නිලධාරීන්ගේ සේවය බලහත්කාරයෙන් ලබා ගැනීමට ද නොහැක.

වසංගත තත්වය මදක් සමනය වීමත් සමඟ රට විවෘත කළ හැටියේ ජනතාව පාලනයකින් තොරව හැසිරීම නිසා නැවතත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වේ. මද කලකට රට අඟුරු ලෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදයයි. ආර්ථික අතින් ශක්තිමත්, සිය රටේ ජනතාවගේ සියලු වියහියදම් දැරිය හැකි රටවල් කිහිපයක් හැරෙන්නට අනෙක් සෑම රටක්ම දැඩි සංචරණ නීති යටතේ සෞඛ්‍යය උපදෙස් අනුව රට පවත්වාගෙන යයි. යම් කාලයකට රට වසා දැමුවා කියා වසංගතයට නිසි විසඳුමක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තහවුරු කර නැත.

ආසියාවේ අනෙකුත් අනිකුත් රටවලට වඩා සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවත් විපක්ෂය උලුප්පා දක්වන්නේ එහි අඩුපාඩු පමණි. සයිනොෆාම් එන්නත මෙරටට ගෙන ආවත් විපක්ෂයේ දැඩි විවේචන හේතුවෙන් ඊට අනුමැතිය ලබා ගැනීමට මාසයකට වැඩි කාලයක් ගත විය. කොරෝනා ආසාදිත මරණවලින් වැඩි ප්‍රමාණයක් එන්නත්කරනය නොවූ පුද්ගලයන්ය. නිසි කලට එන්නත් වැඩපිළිවෙළ ආරම්භ කිරීමට හැකි වූවා නම් මේ වන විට එන්නත් කරන වැඩපිළිවෙල අවසන්ය. ජනතාව ද වෛරසයට ඔරොත්තු දෙන අන්දමේ ප්‍රතිශක්තිකරණයක් සහිතය. කවදත් දුරදිග නොබලා කටයුතු කළ විපක්ෂය තවමත් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගන්නේ දේශපාලන කෝණයකිනි.

ආණ්ඩු බලය තිබියදී මහබැංකු වංචාව සිදු කළ විපක්ෂය හිස් වූ භාණ්ඩාගාරයක් වත්මන් රජයට භාරදුන් බව මේ වන විට අමතක කර තිබේ.රජයේ ආදායම් අහිමි වූ විට එන්නත්කරනය, වෛරස පාලනය, සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම ආදිය සඳහා වැයකිරීමට තරම් මුදලක් යහපාලන රජය ඉතිරි කර නැත.

මේ මොහොතේ වඩාත් තාර්කික හා විද්‍යාත්මක තීරණයකට ඔබතුමා එළඹෙන බව මම විශ්වාස කරමි. රට අඟුලු ලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොකරයි. අති බහුතරයක් වූ කුලී නිවැසියන් ප්‍රමාණයක් සිටින බවද අපට අමතක කළ නොහැක. යම් හෙයකින් රට වසා දැමීමට ඔබතුමා තීරණය කරන්නේ නම් මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මෙම වැඩපිළිවෙල සකසන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍යය ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇත.

එවැනි ක්ෂේත්‍ර වල නිලධාරීන් අතහැර රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමි. එම වැඩපිළිවෙළ සඳහා මගේ දායකත්වය ලබාදීමට මම සූදානම් බවද අවධාරණය කරමි.
ස්තූතිය,
මෙයට – සේවයට කැපවූ

ප්‍රසන්න රණතුංග
(සංචාරක අමාත්‍ය)

පිටපත් –
01.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
02.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා
03.ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා
04ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා
05ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා

SendShareShare
Previous Post

අධ්‍යාපන ඇමැතිවරු තුන් දෙනෙක් වැඩ බාරගන්න ආවේ කොහොමද?

Next Post

කාදිනල් හිමියන්ගේ කළු කොඩි විරෝධයට සජබයත් එක්වෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.