• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමියන්ගේ කළු කොඩි විරෝධයට සජබයත් එක්වෙයි!

August 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කාදිනල් හිමියන්ගේ කළු කොඩි විරෝධයට සජබයත් එක්වෙයි!
Share on WhatsAppShare on Facebook

වසර දෙකකට පෙර සිදු වු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස හෙලිදරව් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා වහාම ආණ්ඩුවේ වගකීම් සහ වගවීම ඉටුකිරීමට බලකරමින් අතිඋතුම් කාදිනල් හිමිපාණන් විසින් අගෝස්තු විසිඑක්වනදා නිහඩ කලු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට සමගි ජන බලවේගය පුර්ණ සහාය පල කරන බවත්, මිනිසත්කමේ නාමයෙන් එයට දායක වන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය

වසර දෙකකට පෙර සිදු වු පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස හෙලිදරව් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා වහාම ආණ්ඩුවේ වගකීම් සහ වගවීම ඉටුකිරීමට බලකරමින් අතිඋතුම් කාදිනල් හිමිපාණෝ අගෝස්තු විසිඑක්වනදා නිහඩ කලු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

සමගි ජන බලවේගය මෙම නිහඩ කලු විරෝධතාවට පුර්ණ සහාය පල කරන අතර මිනිසත්කමේ නාමයෙන් එයට දායක වන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු.

පාස්කු ප්‍රහාරය යනු කතොලික බැතිමතුන්ට පමනක් එල්ල වු ප්‍රහාරයක් නොවේ. එය සමස්ථ රටේම සාමකාමී ජන ජිවිතයට එල්ලකල අභියෝගයකි. ඒ පිළිබඳව සාධාරණත්වය ඉටු නොවීම යනු ශ්‍රී ලංකාවේ ගෞරවය ජාත්‍යන්තරය තුල පිලිගැනිම දක්වා වු ගැටලුවකි.

වර්තමාන ජනාධිපතිතුමා සහ ආණ්ඩුව බලය ලබා ගැනීමට මැතිවරණ වේදිකාව තුල ප්‍රධාන සටන් පාඨයක් බවට පත් කර ගතතේ ද පාස්කු ප්‍රහාරයයි. බලය ලබාගත් වහාම ප්‍රහාරයේ මහ මොලකරු කවුද යන්න හෙලිදරව් කිරිමට පියවර ගන්නා බව වත්මන් පාලකයෝ පුන පුනා සදහන් කලේය. ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇති බවත් ආණ්ඩුවේ පළමු වගකීම පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් හෙලිදරව් කිරිම බවත් අවධාරණය කලේ ජනතාව තුල විශාල අපේක්ෂා වර්ධනය කරමින්ය. ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් වසර එක හමාරකටත් වැඩි කාලයක් අවසන් වී තිබේ. ආණ්ඩුවට ද වසරක් සම්පුර්ණ වි ඇත. නමුත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙලිදරව් කිරිමට ආණ්ඩුව අපොහොසත් වි ඇත.

අතිඋතුම් කාදිනල් හිමිපාණෝ වරෙක පැවසුවේ තමන්වහන්සේලා රැවටිමකට ලක්ව ඇති බවයි. පසුගිය 19 වනදා පැවති මාධ්‍ය හමුවකදි ගරු සිරිල් ගාමිණි පියතුමා සදහන් කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වතිකානය සංවේදීව කටයුතු කරන බවයි. උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලේ මෙරට තුල සාධාරණත්වයක් ඉටු නොවුනහොත් ජාත්‍යන්තරයට යාමට සිදුවන බවයි. මෙය බරපතල තත්වයකි. ආණ්ඩුව රටේ ගෞරවය නොසලකා හැරීමකි. පාස්කු ප්‍රහාරය පිළිබඳව වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් පවා රජය ක්‍රියාවට නංවා නැත. කුමන්ත්‍රණයේ මහ මොලකරු ලෙස පසුගිය ආණ්ඩුව සමයේ අත්අඩංගුවට ගත් අයෙකු නම් කිරිමේ විහිලු සහගත උත්සාහයකද ආණ්ඩුව නිරත විය. පසුගිය දා විශ්‍රාම ලැබූ නීතිපති දප්පුල ලිවේරා මහතා සදහන් කලේ පාස්කු ප්‍රහාරය පිටුපස බරපතල කුමන්ත්‍රණයක් තිබෙන බවයි. එමෙන්ම ගරු පියතුමෙකු නොබෝදා කීවේ මේ පසුපස බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් තිබූ බව පැහැදිලි වන බවයි.

මෙවනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවේ වගකීම වන්නේ පොරොන්දු වු පරිදි තමා බලය ලබා ගැනීමට ඉනිමගක් කරගත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණත්වය ඉටුකිරිමයි. නමුත් අද දකින්නට ලැබෙන්නේ නැග්ග ඉනිමග පෙරලා දමා යන ගමනකි.

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මහමොලකරුවන් හෙලිදරව් කිරිම ඝාතනයට ලක්වූ දෙසිය හැත්තෑවට වින්දිත පවුල් වලට මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ අභියෝගයටද සාධාරණත්වය ඉටුකිරීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කරමු.

අගෝස්තු විසිඑක්වනදා ආගමික භේදයකින් තොරව නිවෙස් අභියස කලු කොඩියක් ඔසවන ලෙසටත් පෙරවරුවේ වෙළෙඳ සැල් වසාදමා නිහඩ කලු විරෝධතාවට එක්වන ලෙස අතිඋතුම් කාදිනල් හිමිපාණෝ විසින් කර ඇති ඉල්ලිමට දායක වන ලෙස සියලු ජනතාවගෙන් සමගි ජන බලවේගය සාමය සංහිඳියාව අගයන පක්ෂයක් ලෙස ඉල්ලා සිටිමු.

රංජිත් මද්දුමබංඩාර (පා.ම.)
මහ ලේකම්
සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

ජනපතිතුමනි රට වහන්න එපා! පොඩි මිනිහා ගැන හිතන්න! ඇමැති ප්‍රසන්න ජනපතිට ලියුමකින් දැනුම් දෙයි!

Next Post

රට ‌ලොක්ඩවුන් කරන්නේ නෑ? ජනපති තීන්දුව අද සවස ප්‍රකාශයට!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper