• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහසේ කොහේ සැඟවී බලා හිඳ අම්මයි තාත්තයි ඇවිදින් යයි නේද? Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අහසේ කොහේ සැඟවී බලා හිඳ අම්මයි තාත්තයි ඇවිදින් යයි නේද?  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්නට මට සිදු නොවුණා නම් හොඳ බව මම ලක්ෂ වාරයක් සිතුවෙමි. මෙවැනි ලිපියක් ලියන්නට මා අමතා කිසිවෙක් නොකියනවා නම් හොඳ යැයි මම සිතුවෙමි. මේ ලිපිය ලියන එක අවසාන තත්පරයේ හෝ මඟහැර යන්නට ඇත්නම් එය මගේ වාසනාවක් යැයි මම සිතුවෙමි. මම පත්තරකාරයකු ලෙස මේ ජීවිතයට හුරුවූ දා සිට බොහෝ විටක ලැබෙන වගකීමක් ඉෂ්ට නොකරන්නට, ඉන් පලායන්නට, එය මඟහැරියා නම් සිතුවේ ඒ, අතිශය කලාතුරකිනි. මේ, එවැනි අතිශය කලාතුරකින් හෝ එසේ සිතුණු අවස්ථාවකි. මේ ලිපිය මීටත් වඩා සංවේදීව ඔබේ හද පාරණා අයුරින්, ඔබේ දෑසට කඳුළු උණනා අයුරින් ලියන්නට මට පුළුවන්කම තිබේ. නමුත් මා එසේ නොකොට හැකි උපරිමයෙන්, ඉවසිල්ලෙන් මහත් පරිශ්‍රමයෙන් මෙය ලියමි. ඒ, මා සතු වගකීමක් ඉටුකිරීමට මිස වෙන කිසිදු අදහසකින් නොවේ. Sri Lanka Latest News

පසුගිය සතියේ මා එක්තරා ලිපියක් ලීවෙමි. ඒ, අධිවේගී මාර්ගයේ අනතුරු සම්බන්ධවය. අධිවේගී මාර්ගය යනු අක්‍රමවත් අවිධිමත් ඔළමොට්ටල තැනක් බව මගේ මතයයි. අධිවේගී මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකුගේ ජීවිත අතිශය අනාරක්ෂිත බවට පත්වන්නේ මේ ඔළමොට්ටලකම නිසාය. අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන නිවැරැදිව නියාමනය නොවීම මෙහි ප්‍රථම කරුණයි. ඊළඟට අධිවේගී මාර්ගයේ අධිවේග මනින්නට තීරණය කරන්නට යන්ත්‍ර සූත්‍ර නැත. ඒවා අකුල් ගානේ හැංගී සිටිනා පොලිස් නිලධාරීන්ට පවරා තිබීම තරම් ගොංකමක් වෙන රටක සිදුවෙනවා යැයි මම නොසිතමි. අධිවේගී මාර්ගය ගැටිති සහිතය. තැන් තැන්වලින් වෙනස්කම්වලට ලක්වූ අධිවේගී මාර්ගයකි. අධිවේගී මාර්ගය තියෙන්නේ 99%ක්ම අන්ධකාරයේය. යනෙන කෙනකුට තමන්ගේ ප්‍රධාන ලාම්පු දැල්වූවායින් පසුව මිසක වෙන කිසිම විටෙකදී ඉදිරියෙන් එන වාහනයක සේයා මාත්‍රයක්වත් නොපෙනේ. වැහි වැටෙනා විටක සිදුවන වාහන ධාවනයකදී ගමන් කරන්නට සිදුව ඇත්තේ අඳුරේ අතපත ගාන්නා වාගේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳහිට මතුවන අලි ඉන්නා බව කියන දැන්වීම් පුවරු නිසා අධිවේගී මාර්ගයේ ධාවනය යනු ලෝකයේ භයානකම ත්‍රාසජනකම අත්දැකීම්වලින් එකක් ලෙස හඳුනාගත හැකිය. දැන් සිදුව ඇත්තේ මේ කිසිවක් නොව, දරු තිදෙනකුගේ මවුපියන් ඉල්ලා දෙවියන් යැදීමටය. දෙවියන් තබා මොන සක්කරයාගෙන් ඉල්ලුවද ඒ දරු තිදෙනාගේ මවුපියන් යළි ලැබෙන්නේ නැත. පැය විසිහතරක් තුළ සියල්ල වෙනස් වූ අරුමය පුදුමසහගතය.

මේ අනතුරට පැය කීපයකට පෙර ඔවුන් සිටියේ පවුලේ සංචාරයකය. ඔවුන් සතුටේ උපරිමය විඳිමින් එහේ මෙහේ දුවපනිමින් දරුවන් ඇකයේ හොවාගනිමින් ඉතා සතුටින් ජීවත් විය. සංචාරය අතරතුර දරුවන් මවුපියන්ගේ තුරුලේ මාරුවෙන් මාරුවට හුරතල් වෙමින් සිටියේය. අම්මාත් තාත්තාත් රටේ වගකිව යුත්තන් නිසාත්, රටේ යම් පිළිගැනීමක් සහිත වූවන් නිසාත්, ඉහළ වැටුපක් ලැබූවන් නිසාත්, සමාජය ගැන ආර්ථිකය ගැන දේශපාලනය ගැන සංස්කෘතිය ගැන මනා අවබෝධයකින් යුතු අය වූ නිසාත්, මේ දරුවන් තරම් වාසනාවන්ත අය මෙලොව තවත් ඇතැයි නොසිතිය හැකි තරමට ඔවුන් වාසනාවන්ත ලෙස හැසිරුණේය.

මේ ගමන සුන්දරය. විනෝදජනකය. පින්තූර දැක්කාම අපිට හිතෙන්නේ එහෙමය. ඔවුන් නවාතැනේදීද සෙල්ෆි ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේය. නිතර ගමන් බිමන් යනෙනා අපටද එවැනි පින්තූර එක් කරන්නට ඉඩකඩ නොලැබෙන අතර, මේ ආචාර්යවරයා සිය පවුලේ පින්තූර ගන්නා අතර, දරු තිදෙනා මාරුවෙන් මාරුවට වඩාගෙන පින්තූර ගන්නට අමතක කර තිබුණේ නැත. නමුත් පැය 24ක් ඇතුළත සියල්ල වෙනස් විය. සතියක් දෙකක් යද්දී දැන් හුදෙකලාව ඉතිරිව ඇත්තේ දරු තිදෙනා පමණි. සිහිනෙන් ගෑ සුවඳක් සේ අම්මාගේ මුහුණ මැවී පෙනෙනා එකත්, තාත්තාගේ සුවඳ දැනෙනා එකත් දැන් ඒ දරුවන්ට මොන විදියට දැනෙනවා දැයි ලියන්නට මට තේරෙන්නේ නැත. තාත්තා යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන්නට මිහිමත මිහිදන්ව ඇත. දැන් ඔහුගේ සිහිවටනයව ඉතිරිව ඇත්තේ මළ සිරුරු අතර සොහොන් කොතක් පමණි. ඒ සොහොන් කොත දකින්නට කෙදිනක හෝ යන්නට අවසර ඇතුවා මිසක මේ පැටවුන්ට බහ තෝරනා වයසේදී තාත්තා කියන්නට කෙනෙක් නැත. දරුවෝ දනිපනිගා ඇවිද යද්දී තාත්තා හොයනු ඇත. තාත්තාගේ සුවඳ දැනෙනු ඇත.

තවමත් ඒ කාමරයේ තාත්තාගේ අම්මාගේ ඇඳුම් එදා ඒ තිබුණු ආකාරයෙන්ම තියෙනවා විය යුතුය. ඇඳඇතිරිලි අතර තාත්තාගේ අම්මාගේ කොට්ටා තවම එහෙමම ඉතිරිව තියෙනවා විය හැකිය. නමුත් දැන් තාත්තා නැත. තාත්තා නික්ම ගොස් ටික දිනෙකින් මාමාත් නික්ම ගිය බව අසන්නට ලැබුණේය. රටක් කම්පා විය. බොහෝ දේ හිතුණේය. නමුත් කරන්නට කියන්නට දෙයක් නැති නිසා අපි බලා සිටියෙමු. දැන් කතන්දරය උඩුයටිකුරු කරමින් අම්මාද මියගිය බව උදෑසනක සමාජ මාධ්‍යයේදී දුටුවෙමි. මීට වඩා අවාසනාවන්ත ප්‍රවෘත්තියක් මේ වෙලාවේ නැත. මෙවැනි ප්‍රවෘත්ති ඇස ගැටෙනා එකත් මෙවැනි කතා ලියන්නට සිදුවෙන එකත් කරුමයකි. අවාසනාවකි. අම්මාද සමුගෙන ගියාය. දැන් අම්මා යළි නොඑන බව මේ පැටවුන්ට කවුරුන් හෝ තේරුම් කර දිය යුතුය. නින්දෙන් අවදිව අම්මා සොයන විට යළි අම්මා නොඑන බව කියා දෙන්නට තරම් මේ පැංචෝ පුංචි වැඩි බව ඔබටද මටද තේරෙන සත්‍යයකි. මේ හුරතුලුන්ට දණගාගෙන ඇවිද ගොස් අම්මාගේ ඇකයේ හිස හොවාගන්නට යළි කිසි දිනෙක ඉඩ ලැබෙන්නේ නැත. අම්මාගේ පියයුරු අතර පුංචි පැටවුන්ට දැනුණු ආත්මීය සුවය දැන් දැනෙන්නේ නැත. අම්මා මෘත දේහයක්ව නිවසට එන විට මේ පුංචි එවුන් තුන්දෙනා අම්මා දෙස බලා සිට මොනවා හිතනවා ඇතිද? මොනවා දැනෙනවා ඇතිද? මොනවා අසනවා ඇතිද? පැටියෙක් අම්මා තුරුලට යන්නට මැසිවිලි කියනු ඇත. අම්මාගෙන් කිරි උරා බොන්නට ඉල්ලා සිටිනු ඇත. අම්මා නැගිටිනතුරු බලා සිටිනු ඇත. නමුත් ඒ අම්මා යළි කිසි දිනෙක නැගිටින්නේ නැති බව ඒ දරුවන්ට තේරුම් කරන්නට, තේරුම් යන්නට පවා තවත් වසර තුන හතරක් අවශ්‍යව තිබේ.

සියල්ල උඩුයටිකුරු කළේ අධිවේගී මාර්ගයේ සිදුවූ මහා රිය අනතුරකි. මෙවැන්නක් යළි නොවන්නට නම් බොහෝ පාඩම් උගත යුතුය. බොහෝ දේ කියාදිය යුතුය. බොහෝ අය පියවර ගත යුතුය. දැන් අම්මාත් තාත්තාත් නැති තුන් නිවුන් දරුවන්ට එළඹෙන අප්‍රේල් මාසයේ උපන්දිනය සමරන්නට සිදුව තිබේ. මෙවැනි අවාසනාවන්ත ප්‍රවෘත්ති පත්තරකායන් ලෙස අපට ලියන්නට සිදුවීම තරම් අවාසනාවක් මෙලොව නැත. නමුත් පත්තරකාරයන් වූ අපට මේ ශෝකී ප්‍රවෘත්ති ඔබ වෙනුවෙන් කියන්නට සිදුවේ. මේ දරු තිදෙනා වෙනුවෙන් සැලසුමක් හදන්නට අනාගතයක් හදන්නට සුව දිවියක් හදන්නට මුළු රටටම දැන් වගකීමක් තිබේ. අම්මාත් තාත්තාත් මියගිය තුන් නිවුන් දරුවන් බලාකියා ගන්නා එක කාට පැවරේදැයි අපි නොදනිමු. එයට යෝජනා කරන්නට අපට පුළුවන්කමක් නැත. ඒ සඳහා අදහස් ඉදිරිපත් කරන්නටද අපට පුළුවන්කමක් නැත. නමුත් නෝනාවරුනි, මහත්වරුනි, මේ, අධික වේගය ගැන ඔබට ඉගෙන ගන්නට තිබෙනා ලොකුම පාඩමයි. අධිවේගය ගැන, අධිවේගී මාර්ගය ගැන ඔබට ඉගෙන ගන්නට තිබෙනා ලොකුම පාඩමයි. රාත්‍රියේ නිදිවර්ජිතව වාහන පැදවීමේ වරද ගැන ඔබට කියා දෙන්නට තිබෙනා ලොකුම පාඩමයි.

ඔබ නින්ද අවැසි විටෙක වාහනයට නැග ඉදිරියට ගමන් කරන්නේ කොපමණ දුරක්දැයි සිතා බැලිය යුතු කාලයයි. ඉතින් ආදරණීය පුතේ, ආදරණීය දුවේ, මෙය ජීවිතයේ තවත් එක් සිදුවීමක් ලෙස හිතනවා මිස ඔබට වෙන කරන්නට දෙයක් නැත. ඔබට එය කියා දෙනවා මිස අපටද වෙන කරන්නට දෙයක් නැත. බහ තෝරනා දිනෙක ඔබ ඔබේ ජීවිතයේ මේ අවාසනාවන්ත සිදුවීම ගැන වැඩිහිටියෙක්ගෙන් අසා දැනගනු ඇත. ජීවිතය කියන්නේ ඕකට බව පමණක් කෙදිනක හෝ ඔබට හමුවන බව නම් මම පවසමි. වෙන ඔබට කියන්නට මට කතාවක් නැත. අවසන මෙසේ ලියා තබමි. ඒ, අවාසනාවන්ත රාත්‍රිය උදා නොවුණා නම් ලෝකය මීට සතියකට දෙකකට ආපස්සට හැරවිය හැකි නම් ලෝකය එක මොහොතකට නතර කළ හැකි නම් කිසිවකු කිසියම් වරයක් ලබා දෙන්නේ නම් මා ඒ රාත්‍රිය උදා නොවන්නට පියවරක් ගනිමි. ඒ වේගයෙන් ඒ රථය ධාවනය නොකරන්නට පියවරක් ගනිමි. ඒ රාත්‍රියේ කොපමණ වැඩ තිබුණත් පසුදින පහන් වනතුරු කොහේ හෝ රැඳී සිටින්නට ඔවුන්ට යෝජනා කරමි. නමුත් දැන් සියල්ල සිදුවී අවසන්ය. අවසානයේදී දරු තිදෙනෙක් ජීවිත ඉල්ලමින් හඬාවැටෙනා රූප මාත්‍රයක් හදවතේ ඉතිරිවී තිබේ. මා මෙය ලියනා විටත් ඔබ මෙය කියවනා විටත් මේ පුංචි වැටව් කොතැනක හෝ දඟ කරමින් අම්මාත්, තාත්තාත් එනතුරු බලා සිටිනවා විය යුතුය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ටික ටික ඇවිලෙන යාපනය තිස්ස විහාරයේ ඇත්ත කතාව මොකක්ද? Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධයට මුහුණ දෙන්න ලංකාවට සූදානම්ද? Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.