• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටික ටික ඇවිලෙන යාපනය තිස්ස විහාරයේ ඇත්ත කතාව මොකක්ද? Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ටික ටික ඇවිලෙන යාපනය තිස්ස විහාරයේ ඇත්ත කතාව මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් පසුගිය 24 සංවිධාන කර තිබූ උත්සව අවස්ථාවේ ඇතිවූ යම් කලබලකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් පූජ්‍ය බළන්ගොඩ කස්සප ස්වාමින්වහන්සේ භැඅි ක්‍ැබඑැර යූටියුබ් නාලිකාවට ලබාදී තිබූ අදහස් දැක්වීම පහත පළවේ. Sri Lanka Latest News

‘පසුගිය දිනක යාපනය තිස්ස මහා විහාරයේ විහාර මන්දිරය විවෘත කරන පින්කම යෙදිලා තිබුණා. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාට පූජනීය මහා සංඝරත්නය විසින් ආරාධනා කරලා තිබුණා. නමුත් ඔහු එම ආරාධනාව ප්‍රතික්ෂේප කරලා තිබුණා බුද්ධ ශාසන අමාත්‍යවරයා විදියට. නමුත් ඔහු දේදුනු ජාතියක් බවට ශ්‍රී ලාංකේය ජාතිය පත්කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ කතාකරපු දේදුනු ඇමැතිවරයෙක් විදියටයි අපි දකින්නේ. කමක් නෑ. බුද්ධ ශාසන ඇමැති විහාර මන්දිරයක් විවෘත කරන්න නොපැමිණීම පිළිබඳ අපගේ කිසිදු ගැටලුවක් නෑ. අපගේ පූජනීය මහා සංඝරත්නය සහ ගිහි ප්‍රජාව එකතු වෙලා තිස්ස රජමහා විහාරයේ විහාර මන්දිරය විවෘත කරන්න උදෑසන දානය පිළියෙල කරමින් ඉන්න අතරතුර ඒ සඳහා අනුයුක්ත කරලා තිබුණු භට කණ්ඩායම් සහ එම පූජාවට සහාය දැක්වීම පිණිස එවලා තිබුණු හමුදා සාමාජිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි උදෑසන දානය ස්වාමින්වහන්සේලාට පිළිගන්වන්නට මත්තෙන් නැවත හමුදා කඳවුරුවලට කැඳවලා තිබුණා. අපි මේක දකින්නේ පූජනීය මහා සංඝරත්නයටත්, සමස්ත බෞද්ධ ජනතාවටත් එල්ල කළ අතුල් පහරක් විදියට.

පසුව උදෑසන දානය බොහොම අපහසුවෙන් සැදැහැතියන් විසින් ලබාදීලා, දහවල් දානය සඳහා භික්ෂුන් වහන්සේලා වෙළෙඳසල්වලට ගිහිල්ලා වළඳවන්නට යෙදුණා. ඒත් එක්කම ‘මිනීමරු හමුදාව අපිට එපා’ ‘මිනීමරු පොලිසිය අපිට එපා’ කියලා සුපුරුදු පරිදි යාපනය ප්‍රදේශයේ අන්තවාදී දේශපාලනඥයන්ගේ බසට රැවැටුණු පුද්ගලයන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් තිබුණා. අපි දන්නවා අධිකරණ නියෝගයක් තියෙනවා තිස්ස රජමහා විහාරය ඉස්සරහා උද්ඝෝෂණ කරන්න තහනම් කියලා. නමුත් එකී තහනම තිබියදී මේ පුද්ගලයන් විසින් නැවත නැවත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරමින් ‘මිනීමරු හමුදාව – මිනීමරු පොලිසිය’ යනාදී වශයෙන් රටේ ආරක්ෂක අංශවලට චෝදනා කරනවා. නමුත් මොවුන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.

ඉතිහාසයේ පළමු වතාවට තමයි භික්ෂුන් වහන්සේලාට දානයක් පිළිගන්වමින් සිටියදී මේ හමුදා සාමාජිකයන් ඉවත් කරන්න ඉහළින් නියෝගය ලැබෙන්නේ. එම ස්ථානයට රැස්වුණා වූ ඒ හමුදා සාමාජිකයන් නිල ඇඳුමක් දැරුවත් බෞද්ධ අය. ඔවුන් හැඬූ කඳුළින් තමයි ඒ ස්ථානයෙන් පිටවෙලා ගියේ. ‘අනේ අපි මොනවා කරන්නද, අපේ රැකියාව බේරගන්න වෙනවනේ’ කියන අදහසින්. අපි මේ වෙලාවේ ආණ්ඩුවට සිහිපත් කරනවා, මේ ඔබ විනාශ කරන්න හදන්නේ ජාතිකත්වය පිළිබඳ තිබෙන්නා වූ අදහස. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් පැහැදිලිවම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන්න රාජ්‍යය බැඳී සිටිනවා. ඒ රාජ්‍ය අනුග්‍රහය තමයි දැන් මේ විදියට අපෙන් කප්පාදු කරන්න හදන්නේ. අපි කිව්වා මේ ආණ්ඩුව එන්න කලිනුත්.

අපිට සජිත්ද, අනුරද, නාමල්ද, එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ද ජනාධිපති වෙන්නේ කියන එක අදාළ නැහැ. හැබැයි එන පුද්ගලයා රටේ සම්බුද්ධ ශාසනයට, රටේ මහා සංස්කෘතියට අභියෝගයක් වෙන ආකාරයෙන් බාධා වන ආකාරයෙන් කටයුතු කරනවා නම් අපි ඕනෑම මොහොතක ඊට එරෙහිව නැගී සිටිනවා. හැබැයි දළදා ප්‍රදර්ශනය කරලා බෞද්ධයන්ව රවටලා ඡන්ද ගන්න හදන මේ පසුබිමේ මේ විදියට තමයි තර්ජනයට ලක්වෙලා තියෙන විහාරස්ථාන සඳහා ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරීන්ගෙන් අහනවා, මෙය ජනාධිපතිවරයාගේ නියෝගයක්ද, එහෙම නැත්නම් හමුදාපතිවරයාගේ නියෝගයක්ද, එහෙමත් නැත්නම් කොටි ඩයස්පෝරාවේ නියෝගයක්ද කියලා. අපිට පේන විදියට කොටි ඩයස්පෝරාවට ඕනේ විදියට තමයි උතුරු නැගෙනහිරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ. ඒ වගේම තමයි විහාරස්ථාන සඳහා හමුදා නිලදරුවන්ගේ සහාය ලබාදීම හෝ නොදීම පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කොටි ඩයස්පෝරාවේ වුවමනාව මත නම්, අපිට වෙනත් විකල්පවලට යන්න වෙනවා.

ඉදිරියේදී අපි හිතනවා ගෞරවනීය මහානායක නාහිමිපාණන් වහන්සේලා මේ වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් කරයි කියලා. මොකද එක පැත්තකින් බෞද්ධයන් රවටන අතරේ තර්ජනයට ලක්වෙලා තියෙන ප්‍රදේශවලට රාජ්‍ය ආරක්ෂාව ලබා නොදෙනවා නම්, අවසානයේදී සිවිල් ජනතාව එහි ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්න ගත්තොත් අවසානයේදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහලයට එරෙහිව. මේ මහා දාගැබ් නිර්මාණය කරපු, මේ රටේ මහා සංස්කෘතිය ගොඩනගපු සිංහලයට හැමදාම කෙනහිලිකම් වෙනවා නම්, අපිට ඒවා හැමදාම ඉවසගෙන ඉන්න බෑ. අපි දන්නවා මේ වෙනකොට යුද හමුදා කඳවුරුවලට ෆාදර්ස්ලා අරගෙන ඇවිල්ලා යාච්ඤා මෙහෙයවල් කරනවා. අපිට කමක් නෑ කතෝලික අය යාච්ඤා මෙහෙයවල් කරගත්තට. හැබැයි බලෙන් අපේ බෞද්ධ හමුදා නිලධාරීන් මේ සඳහා වාඩිකරවනවා. අපි දන්නවා අතීතයේ සෑම හමුදා කඳවුරකම වගේ මල් පහන් පූජා කරන්න එක හමුදා නිලධාරියෙක් අනුයුක්ත කරලා තිබුණා. දැන් එම අනුයුක්ත කිරීමත් ඉවත් කරමින් පවතිනවා. ඒ වගේම බොහෝ විහාරස්ථානවල ඉදිකිරීම් සඳහා එම හමුදා නිලධාරීන් එකතු කරගෙන තිබුණා පූජනීය නගරවල. දැන් මේ වෙනකොට එම ඉදිකිරීම් සඳහා යොදවා තිබුණු හමුදා නිලධාරීන් ඉවත් කරලා තිබෙනවා. මේ පහර ගහන්නේ බෞද්ධ සංස්කෘතියට. නමුත් මතුපිටින් මොවුන් මහා බෞද්ධයන් බව පෙන්වන ගමන් මේ විදියට ඇතුළතින් බෞද්ධයා විනාශ කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා අපි කියනවා රාජ්‍ය අනුග්‍රහය මේ විදියට බෞද්ධයාට අහිමි කිරීම තුළ එහි අයහපත් ප්‍රතිඵල නුදුරේදීම වත්මන් ආණ්ඩුවට දැකගන්න පුළුවන් වේවි. මතුපිටින් පේන මහා ලොකු පින්කම්වලට සහාය දැක්වූවාට ඇතුළතින් උතුරු නැගෙනහිර තර්ජනයට ලක්වෙලා තියෙන විහාරස්ථාන සඳහා කටයුතු කරන්නේ මේ විදියට නම්, අපිට වෙනත් මගක් අනුගමනය කරන්න වෙනවා කියන එකත් බොහොම අනතුරුදායක ස්වරූපයෙන් අපි ආණ්ඩුවට සිහිපත් කර සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි…’


මේ අතර, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පසුගිය 26 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී යාපනය තිස්ස විහාරය සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලුව පිළිබඳ අදහස් පළකළේ මේ ආකාරයටයි.

‘අපේ මැදිහත් වීම් දැන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙනවා. ඒක අලුත් ආරංචියක්වත්, ඊයේ මම සහභාගි වුණේ නෑ කියන තොරතුර මත අලුත්ම තොරතුරක් හැටියට කතා කරන්නවත් අවශ්‍යතාවක් ඇති දෙයක් හැටියට මට පෙන්නේන නෑ. මේ ප්‍රශ්නයට අවශ්‍ය කරන අවංක මැදිහත්වීම රජයක් හැටියට මම අමාත්‍යාංශයක් හැටියට පාර්ලිමේන්තුවෙදිත් බොහොම නිරවුල්ව මැදිහත් වෙලා තිබෙනවා. අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා මට ඒ උත්සවයට සහභාගි වෙන්න නොහැකි බව, ඒ ආරාධනාව භාරගන්න බැරි බව ඉතාම වේලාසනින් ඉතාම ගෞරවයෙන් අපේ ස්වාමින්වහන්සේට සන්නිවේදනය කරලා තිබුණේ. කලින් යොදාගත්ත රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිසා. ඒ නිසා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට මතුකරගෙන සාකච්ඡා කරන්න යම් පිරිසකට වුවමනා බව පේනවා. නමුත් මම මේ සඳහන් කරපු කිසිදු කෙනකුට අවශ්‍යතාවක් ඇතිවෙලා නෑ මේ වෙනකොට මේක ප්‍රශ්නයක් හැටියට වවාගෙන නැති තොරතුරු විස්තර කරලා කැලඹීම් ඇතිකර ගන්න.

මාධ්‍යවේදියා
‘යාපනය තිස්ස විහාරයේ ගැටලුව ගැන ඔබතුමා සොයා බලන්න උනන්දුවක් දක්වන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව ගැන ඔබතුමාගේ පිළිතුර මොකක්ද?’
අමාත්‍ය සුනිල් සෙනෙවි
‘එහෙම චෝදනාවක් නෑ. නැති චෝදනා මතුකරමින් ඉතා අප්‍රසන්න වටපිටාවක් මවන්න යම් පිරිසකට වුවමනා වෙලා තියෙන්න පුළුවන්. මොකද අපේ මේ නව රජය ආගම් සමග ජාතීන් සමග ගනුදෙනු කරන විවෘත සහ අවංක පිළිවෙළ සහ ඒ බර දරාගන්න බැරි ජාතිවාදය ආගම්වාදය පමණක් පිළිසරණ කරගත්ත පිරිසක් අපේ රටේ දේශපාලනයේ කෙළවර තල්ලු වෙලා ජීවත් වෙනවා. ඒ අයට සිද්ධ වෙන්නේ හෙට අනිද්දා වෙනකොට අපි බොහොම ආදරෙන් සමස්ත ශ්‍රී ලංකා ජාතිය ගොඩනගන හැටි බලාගෙන ඉන්න…’

SendShareShare
Previous Post

නයනතාරාට ලැබුණු සුපිරි පන්නයේ තෑග්ග! Sri Lanka Latest News

Next Post

අහසේ කොහේ සැඟවී බලා හිඳ අම්මයි තාත්තයි ඇවිදින් යයි නේද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.