• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ්මන් දවසට බිලියන 2.2යි! කබ්රාල් දවසට බිලියන 2.2යි! නන්දලාල් දවසට බිලියන 4.3යි! අච්චු ගහලා අච්චු ගහලා අපි ඇවිල්ලා හොඳ තැනකට…!

June 28, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
ලක්ෂ්මන් දවසට බිලියන 2.2යි! කබ්රාල් දවසට බිලියන 2.2යි! නන්දලාල් දවසට බිලියන 4.3යි! අච්චු ගහලා අච්චු ගහලා අපි ඇවිල්ලා හොඳ තැනකට…!
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය ‘ බඹරය වැල්ලේ කරකවන්නට’ උත්සාහ කරන්නේ ‘දෙවියන්ගේ මල්ලි නොහොත් සල්ලි’වල පිහිට පතමිනි. අද අපගේ රටේ මහ බැංකුව උදේ – හවස මල් පහන් පුදා, වැඳ නමස්කාර කරන්නේ ‘දෙවියන්ගේ මල්ලි’ටය. ‘දෙවියන්ගේ මල්ලිටද අද කිසිම ඉස්පාසුවක්, නිවනක් ඇත්තේම නැත. ඔහුට දෙන වදය අද ලෝකයේ කිසිම රටක නැති තරම්ය. මෙම ‘දෙවියන්ගේ මල්ලි නොහොත් සල්ලි’ අද දවසේ පැය 24 පුරාම මහා මැෂින්වල අච්චු ගැසෙමින් මහ බැංකුව තුළ තැන්පත් කෙරෙමින් ඇත. එහෙත් ඒ තැන්පතු තිබෙන්නේ පැය කිහිපයකට පමණි. නැවැතත් අලුත් සල්ලි මිටි අච්චු ගැසෙමින් මහ බැංකුව තුළ තැන්පත් වෙයි. එයද නැවැත වාෂ්ප වෙයි. කිසිදු කාලයකදී ශ්‍රී ලංකාව තුළ සිදුනොවූ මෙම මහා විනාශය අද ජනප්‍රිය චිත්‍රපටයක දසුන් මෙන් ඉතා මනහරව දර්ශනය වෙමින් ඇත. මෙම මුදල් නෝට්ටු ඉවක්, බවක් නැතිව මුද්‍රණය කිරීමේ කතාව අපගේ ගත, සිත කීරිගැසී යන තත්ත්වයකට අද පත්ව ඇත. සැබැවින්ම එය මහා ශෝකාන්තයකි.

අද ශ්‍රී ලංකාව තුළ වසර 02කුත් මාස 03ක් වැනි කෙටි කාලයක් ඇතුළත අලුතින් මුද්‍රණය කරන ලද රුපියල් මුදල් නෝට්ටුවල වටිනාකම අදහාගත නොහැකිය. එහෙත් එය සත්‍යයකි. එම ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 03කට ආසන්න බැව් නිල වාර්තා පෙන්වා දෙයි. එනම් රුපියල් බිලියනවලින් නම් එම ප්‍රමාණය බිලියන 3,000 ඉක්මවා යයි. ‘කොවිඩ්’ වසංගතය මුල් සමයේ සිට මෙම ගතවූ පසුගිය සතිය දක්වා මේ ආකාරයෙන් රජය විසින් මුදල් මුද්‍රණය සිදුකර ඇත. මෙසේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන් තිදෙනෙකු යටතේ මෙම ක්‍රියාවලිය සිදුවී ඇත. ඒ ගැන තිබෙන නිල වාර්තාවල වගතුග ගැන සොයා බලමු. එය පිළිවෙළින් කාලීනව මෙසේ දක්වා ඇත.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් –
‘කොවිඩ්’ වසංගතය ඇරැඹීමෙන් පසු 2020 මාර්තු 12 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා දින 551ක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,206කි. එනම් දිනකට පමණක් රුපියල් බිලියන 2.2ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් –
2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 05 දක්වා දින 203ක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 446කි. එනම් දිනකට රුපියල් බිලියන 2.2ක් මුද්‍රණය කර ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ –
2022 අප්‍රේල් 05 සිට 2022 ජුනි 17 දක්වා දින 73ක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 316කි. එනම් දිනකට රුපියල් බිලියන 4.3ක් මුද්‍රණය කර ඇත.

මේ ආකාරයට අසීමිතව මුදල් නෝට්ටු මුද්‍රණය සිදුකෙරෙන මුල් අවධියේම ආර්ථික විශේෂඥයන් ඉතා තදබල ලෙස අනතුරු හඟවා සිටියේ, මෙවැනි තත්ත්වයක් නිසා මෙරට උද්ධමනය ඉහළ යන බැව්ය. එහෙත් රාජ්‍ය පාර්ශ්ව විසින් එම අදහස් තඹයකටවත් ගණන් ගත්තේ නැත. එසේම මුදල් නෝට්ටු මුද්‍රණය කිසිදු ආකාරයකින් අඩුවන බවක් පෙනෙන්නට නොතිබූ අතර, එය දිනෙන් දිනම ඉහළ යෑම පමණක් සිදුවිය. මේ අනුව ඉහත කෙටි කාලයට පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 3,000කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කළේය. මෙහිදී නිදහසට කරුණු ලෙස රාජ්‍ය පාර්ශ්ව කියා සිටියේ, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සහ අනෙකුත් රාජ්‍ය කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුදල් මෙලෙස සොයාගන්නා බැව්ය. කෙසේ හෝ මෙම සුවිශාල ධනස්කන්ධය කෙසේ වියදම් වන්නේ දැයි හෝ කිසිවෙකුත් දන්නේ නැත. ඒවායෙහි ගණන් හිලව්වක් හෝ නිසිලෙස දැකගන්නට නැත. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු කාලයක මේ ආකාරයේ මහා විනාශයක් සිදුවී නැති බැව්, බොහෝ පාර්ශ්ව දැඩි ලෙස අවධාරණය කර සිටියේය. එහෙත් එය මේ කියන මොහොතේදීද සිදුවෙමින් පවතියි.

මෙලෙස අසීමිත ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ක්‍රමවේදය සහ විදේශ මුදල් සංචිත හිඳීයෑම හේතුවෙන් මේ වන විට මෙරට තුළ සමස්ත උද්ධමනය ඉතාමත් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් කිසිදු කාලයක නොවූ අයුරින් පසුගිය 2022 මැයි මාසය වන විට මෙරට සමස්ත උද්ධමනය 45.03%ක් දක්වා ඉහළ ගොස් ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්තාවකින් එසේ ප්‍රකාශ වෙයි. එසේම එම වාර්තාවට අනුව ආහාර උද්ධමනය 58%ක් වන අතර, ආහාර නොවන උද්ධමනය 34.2%ක්ද වෙයි. මෙරට තුළ වාර්ගික යුද්ධය ඉතා තදබල ලෙස පැවැති 2008 වසරේදී සමස්ත උද්ධමනය 22.56%ක් ලෙස පැවැති අතර, 2009 දී යුද්ධය දිනාගැනීමෙන් පසුව එම ප්‍රතිශතය 3.46% දක්වා ප්‍රබල ලෙස පහත වැටී ඇත. එහෙත් දැන් යුද්ධය හෝ වෙනත් සතුරු කරදරයක් නොමැතිව මෙසේ අතිශය උග්‍ර ලෙස උද්ධමනය ඉහළ නැඟ ඇත්තේ, රජයේ අතිශය දුර්වල ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් බැව් ආර්ථික විද්වතුන් පෙන්වාදී ඇත.

දවස පුරාම සල්ලි අච්චු ගහලා මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්නට පුළුවන්ද..?

ආර්ථික විද්වතුන් එයට පැහැදිලිවම ලබා දී ඇති පිළිතුර ‘නැත’ යන්නය. මේ ආකාරයට මුදල් මුද්‍රණය කිරීම නිසා රටවල් ඉතා දරුණු ලෙස ‘අධි උද්ධමනය’ (Hyperinflation) නැමැති තත්ත්වයට පත්වන බැව් පෙන්වා දී ඇත. මෙලෙස ‘හෙයිපර් ඉන්ෆ්ලේෂන්’ තත්ත්වයට පත්වී අදටද ගොඩ එන්නට නොහැකිව සිටින රටවල් රාශියක් ලොව පුරා ඇත. ලෝක ඉතිහාසය ගත්කල 1923 මුද්‍රණය හේතුවෙන් ‘අධි උද්ධමනය’ට පත්වූ ප්‍රධානතම රටවල් 10ක් සඳහන්ව ඇත.

• ග්‍රීසිය – 1944 – මුදල් වර්ගය – ‘ඩුච්මා’
• හංගේරියාව – 1946 – මුදල් වර්ගය – පෙන්ගෝ’
• චීනය – 1949 – මුදල් වර්ගය – ‘යුආන්’
• ජර්මනිය – 1923 – මුදල් වර්ගය – ‘මාර්ක්’
• සිම්බාබ්වේ – 2008 – මුදල් වර්ගය – ඩොලරය’
• ආර්මේනියාව – 1993 – මුදල් වර්ගය – ‘රූබල්’
• තර්ක්මෙනිස්තානය – 1993 – මුදල් වර්ගය – ‘මනට්’
• යුගෝස්ලාවියාව – 1994 – මුදල් වර්ගය – ‘ඩිනාර්’
• වෙනිසුවේලාව – 2019 – මුදල් වර්ගය – බොලිවර්’
• බොස්නියාව – 1994 – මුදල් වර්ගය – ‘ඩිනාර්’

මේ අතර මෑත ලෝක ඉතිහාසය තුළද අතිශයම උච්ච ලෙස උද්ධමනය ඉහළ ගිය රටවල් 10ක්ද වාර්තාගතව ඇත. ඒ අතරින් ලෝකයේ ප්‍රථම ස්ථානයට සෑමවිටම පත්ව සිටින්නේ වෙනිසුවෙලාව වෙයි. මෙහි මේ වන විට උද්ධමන ප්‍රතිශතය අදහාගත නොහැක.

• වෙනිසුවෙලාව – 1198%
• සුඩානය – 340%
• ලෙබනන් – 201%
• සිරියාව – 139%
• සුරිනාම් – 64%
• සිම්බාබ්වේ – 60.07%
• ආර්ජන්ටිනාව – 51.02%
• තුර්කිය – 36.01%
• ඉරානය – 35.02%
• ඉතියෝපියාව – 33.01%

එසේ නම් දැන් ශ්‍රී ලංකාවද මෙම ඉහළම ස්ථාන 10 ආසන්නයටම පැමිණ ඇත. එනම් මෙරට උද්ධමනය 34.2%ක් වෙයි.

දැන් හොඳින් මේ තත්ත්වය දෙස බලන්න. එසේ නම් ලෝකයේ රටවල් අතරින් අප සිටින්නේ ඉතියෝපියාව අසල නෙවෙයිද..? එම ලෝක වාර්තාව පසුගිය 2021 සහ 2022 වසර ආශ්‍රිතව සැකැසී ඇති එකක් වන අතර, එහි ප්‍රතිශතයන්ට අනුව ශ්‍රී ලංකාව ස්ථානගත වන්නේ ඉරානය සහ ඉතියෝපියාව යන රටවලට අතරමැද ස්ථානයකය. එහෙත් එම වාර්තාවේ ශ්‍රී ලංකාව සඳහන් කර ඇත්තේ මඳක් පහළම වන්නට වන අතර, එයට හේතු වන්නේ ප්‍රතිශතය දක්වා ඇති ‘දශම’ ගණනටද අදාළවය. දශක ගණනාවක් පුරා ඉතියෝපියාව ලොවට හඳුන්වා දුන්නේ අතිශය මහා දරිද්‍රතාවයකට සහ ආහාර සාගතයකට පත්ව ඇති රටක් ලෙසිනි. අද වර්තමානයේ ශ්‍රී ලංකාවටද ඒ තත්ත්වය උද්ගතවී තිබීම කෙතරම්ම ඛේදජනකද..? එනම් අද සත්‍ය නිර්ණය නම් ශ්‍රී ලංකාව, ඉතියෝපියාවක් වී හමාර වීමය.

කෙසේ හෝ ලෝකයේ රටවල් තුළ අසීමිතව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හේතුවෙන් යහපත මෙන්ම අයහපත සිදුවන ආකාරයද ඉතාමත්ම බුද්ධිමත් ලෙස ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත. ඉහත ආදි ඉතිහාසයක සිට එලෙස මුදල් මුද්‍රණය කළ රටවල්ද එම මුදල් විශාල තොග වශයෙන් මුද්‍රණය කර ඇත. එහිදී සඳහන් කර ඇති ප්‍රධානතම රටවල් 10 එම මුදල් මුද්‍රණය කර ඇත්තේ බිලියන සහ ටි්‍රලියනවලිනි. එසේ නම් දැන් ශ්‍රී ලංකාවේද සිදුවන්නේ එලෙසමය. එනම් ශ්‍රී ලංකාවද ටි්‍රලියන ගණනින් මුදල් මුද්‍රණය කර හමාරය. මෙහිදී ලෝකයේ ප්‍රබල ලෙස සඳහන්ව ඇති රටවල් දෙකක් වන්නේ, වෙනිසුවේලාව සහ සිම්බාබ්වේ යන රටවල් වන අතර, එහිදී මෑත කාලයක් වන තෙක්ම අතිශයම උච්ච ලෙස මුදල් මුද්‍රණය කළේය. ඒ අනුව අද එම රටවල් දෙක ඉතාමත්ම දරුණු ලෙස ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දී සිටියි. මෙලෙස ලෝක උද්ධමන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුවේලාව වන අතර, සිම්බාබ්වේද එම ස්ථානයට ආසන්නව සිටියි. මෙම තත්ත්වය මුළුමහත් ලෝකයටම අනතුර සහ විනාශය පෙන්වා ඇති පැහැදිලි සිදුවීමකි. මුදල් මුද්‍රණය කිරීම හරහා යම් ආදීනවයක් නැති බැව් පවසන සමහර ‘වළ ඉහගැනීමේ’ පාර්ශ්වවලට මෙය හොඳ උදාහරණයකි. මෙවැනි පිරිස් ශ්‍රී ලංකාව තුළද සිටිති. මුදල් නෝට්ටු අතිශය උග්‍ර අයුරින් මුද්‍රණය කිරීම ගැන ආර්ථික විiාවේද බොහෝ කරුණු පැහැදිලි කර ඇත.

රටක නිෂ්පාදනය වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ගැන නොසලකා මුදල් අධික ලෙස නිර්මාණය කිරීම (මුද්‍රණය කිරීම) නිසා මිල උද්ධමනයට හේතුවක් වෙනවා. ඒ වගේම එම තත්ත්වය මුළු වෙළෙඳපොළේම තිබෙන සාපේක්‍ෂ මිලද විකෘති කරනවා. මේ වගේ සිදුකරනු ලබන රටවල් විවිධ වර්ගයේ ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙනවා. මෙලෙස මුදල් අසීමිතව මුද්‍රණය කිරීම මගින් අපේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට හැකිද කියන එක ප්‍රශ්නයක්. පැහැදිලි විනිමය අනුපාතයක් නැති රටවල්, මුදල් අච්චු ගැසීමෙන් තවත් අවදානමට ලක්වෙනවා වැඩියි. මිනිසුන්ට පාවිච්චි කරන්න ප්‍රමාණවත් තරමට භාණ්ඩ හා සේවා තියෙනවද කියලා හිතන්නේ නැතිව සල්ලි මුද්‍රණය කළහොත් ආර්ථිකය විනාශ වෙනවා. 1971 වසරේදී ඇමෙරිකානු ඩොලරය පවා වැඩිපුර අච්චු ගැසීම නිසා කඩාගෙන වැටුණා. මෙවැනි ක්‍රමවේදයක් නිසා ‘සාමාන්‍ය උද්ධමනයක්’ නොව ‘අධි උද්ධමනයක්’ ඇති වෙනවා. ලෝකයේ ධනවත් රටවලට මේ තත්ත්වයන් බලපාන්නේ නැහැ. එහෙත් දුප්පත් රටවලට මේ තත්ත්වය ඉතාම දරුණු ප්‍රතිවිපාක ඇති කරනවා.’

මේ නිසා නිකම් කටකතාවට කියන ඒවා නොවේ. ආර්ථික බුද්ධිමතුන් විසින් මේ තත්ත්වය මනාව ප්‍රත්‍යක්‍ෂ කර ඇත. අද මෙලෙස ලෝකයේ රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් මෙසේ අසීමිත මුදල් මුද්‍රණය හේතුවෙන්, තමන්ගේ රටවල ආර්ථිකය ඉතා දරුණු ලෙස කඩාවැටීමකට ලක්වී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුවන ආන්තික මුදල් මුද්‍රණය ඉතා බරපතළ ලෙස ආර්ථික ව්‍යසනයකට පත්කර ඇති බැව් පැහැදිලිවම පෙනී යයි. මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යටතේ දිනකට රුපියල් බිලියන 2.2කට අධික මුදලක් මුද්‍රණය කෙරුණු අතර, වත්මන් නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ එම ප්‍රමාණය දෙගුණයක් වී ඇත. ඔහු එම තනතුරට පැමිණි මුල් දිනවලදී මුදල් මුද්‍රණය ඉතා අවම අයුරකින් පැවැතියද, පසුව එය ඉතා උච්චවී ඇති අයුරු පෙනී යයි. ඔහු මුලදී මුදල් මුද්‍රණය සීමා කිරීමට යම් උත්සාහයක් ගත්තද, එය ඔහුට සිදුකර ගැනීමට නොහැකි වටපිටාවක් මේ වන විට නිර්මාණය වී ඇති අයුරු දක්නට හැකිය. සංඛ්‍යාලේඛන ඒ බැව් පෙන්වා ඇත.

කෙසේ හෝ 2020 මුල් සමයේ සිට මෙලෙස මේතාක් දක්වා සිදුකෙරෙන ආන්තික මුදල් මුද්‍රණය, වහාම අඩුකළ යුතු යැයි මේ වන විට ආර්ථික විශේෂඥයන් ශ්‍රී ලංකා මහ බැංකුවට අනතුරු හඟවා ඇත. එසේ නොකළහොත් විනිමය අනුපාතිකය සහ උද්ධමනය මත, ජනතාවට බලවත් පීඩනයක් තවතවත් එල්ල වන බැව් මෙම විද්වතුන් අවධාරණය කර ඇත.

මහ බැංකුව මුදල් මුද්‍රණය කළ යුත්තේ ආර්ථිකයේ සමස්ත ගනුදෙනුවල වටිනාකමට සරිලන පරිදි ලෙස බැව් මෙම ආර්ථික බුද්ධිමතුන් රජයට අවබෝධ කර ඇත. දැනට තිබෙන තත්ත්වය යටතේ හෙට – අනිද්දා වන විට උද්ධමනය 50% ඉක්මවා ගියහොත් තත්ත්වය අතිශයම බරපතළ වන බැව්, කොළඹ විශ්වවිiාලයේ ආර්ථික විiාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත.

1971 – 1977 සංවෘත ආර්ථික සමයේ පෝලිම් යුගයටත් වඩා ඉතා දරුණු ආර්ථික පීඩනයක් මෙම සමයේදී ජනතාවට එල්ල වී ඇති හෙයින්, මෙම මුදල් මුද්‍රණයට යම් තිරිංග යෙදීමක් සිදුකළ යුතු බැව් ආර්ථික විද්වතුන් පෙන්වා දී ඇත.

මෙම වර්තමාන රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ සිටින අමනෝඥ රාජ්‍ය පාලකයන්ගේ ක්‍රියාකලාපය නිසා අද අහිංසක ජනතාව නොවිඳිනා දුක් විඳිති.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

Next Post

රට ඉවරයි! ආණ්ඩුව පන්නමු! පාරට බහිමු! අනුර විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.