ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට භාරතීය ජනතා පක්ෂය අද (10) සමත් විය.Sri Lanka Latest News
කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි විසින් පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සභාගත කළ අතර එය පිළිගත් කතානායකවරයා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ලෙස පසුගිය 8 වැනිදා නම් කළේය.
කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරව් ගොගෝයි පසුගිය 8 වැනිදා විවාදය ආරම්භ කළේය. දින තුනක විවාදයකින් පසුව අද (10) විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සමත් විය.ඡන්ද විමසීම වාචිකව පැවැත්වුවේය.










