ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (31) උදෑසන චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Sri Lanka Latest News
ඉන්දීය අගමැතිවරයා වසර හතකින් පසු සිදු කරන පළමු චීන සංචාරය මෙය වෙයි.
ඔහු චිනය වෙත පැමිණියේ ටිඇන්ජින් හි අද සහ හෙට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට සහභාගී වීම සඳහාය.
එම සමුළුවට එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් තිහකට අධික පිරිසක් සහභාගී වෙයි.
පසුගිය දිනවල රටතුළ පැවැති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රභෝවෝ සුබියන්තෝ මෙම සමුළුවට සහභාගී වීම අවලංගු කර තිබේ.










