ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට අධිකරණ පද්ධතියට හැර වෙනත් කිසිවකුට අධිකරණ බලය ලබාදීමේ හා ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැතැයි අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) අවධාරණය කළේය. Sri Lanka Latest News
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි පරිදි පිහිටුවන ලද අධිකරණ පද්ධතියක් මෙරට ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයන්ගේ අතීත ක්‍රියාකාරකම් අනුව පොදු මහජනතාව යම් යම් නිගමනවලට එළඹෙන බව ද හෙතෙම පැවසීය.
1988-1989 වකවානුවේදී අධිකරණ 27කට ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණ හෝමාගම අධිකරණය ගිනි තබා විනිසුරුගේ කබාය කුළුහරකෙකුට අන්දවා නගරය පුරා ඇවිද්දවූ බව ද ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය කුළුහරකෙකුට භාරදුන් බව සිහිපත් කළ විජයදාස රාජපක්ෂ මහතා එම වකවානුවේදී යුක්තියේ සංකේතය බවට පත්වූයේ කුළුහරකා බව ද සඳහන් කළේය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ඇතිවූ සංවාදයේදී සිය අදහස් දක්වමිනි.