ගොවි ජනතාවට මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව කණගාටු වෙන බවත් ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණ දී සිටින ගොවීන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පොහොර ගැටලුව පිළිබඳ අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
ඇත්තටම මේ ගොවි ජනතාවගෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි කණගාටු වෙනවා. මම නම් ඇත්තටම මේ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණ දී සිටින ගොවීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා මොකද අපිට ඇත්තටම මේ කන්නයේ යම් පිරිසිකට ඒ කටයුත්ත කරන්න බැරිවෙලා තියෙන එක ගැන. ජනාධිපතිතුමා රසායනික පොහොර ගෙන්වීම නැවැත්තුවේ මුලික අරමුණක් තිබුණා එළැඹෙන මාස් කන්නයේ ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරන්න පුළුවන් කියන අදහසින් තමයි එතුමා මේ නතර කිරීම කරේ. ඒ වෙලාවේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව අමාත්‍යංශය දැනුම් දුන්නේ යල කන්නයට ඇතිවෙන්න පොහොර තියෙනවා කියලා. නමුත් අවාසනාවකට එය යම් ප්‍රදේශයකට දෙන්න බැරිවුණා. ඒ ගැන තාමත් අපි කණගාටුවෙනවා. කැබිනට් මණ්ඩලයේ 3 වතාවක් කතා කළා. තාමත් ඒ ගැන විසඳුමක් දෙන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඒක පිළිබඳව නැවතත් කණගාටු වෙනවා.
කෙසේවෙතත් ඊයේ දිනයේදී නායක හිමිවරුන් හමුවූ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගත් තීන්දුව ආපස්සට නොගන්නා බවකි.










