රිදීමාලියද්දේ පින්නගොල්ල සිට වීරගොල්ල දක්වා දිවෙන අතුරු මාර්ගය කාපට් අතුරා ඇතත් එය නිසි ප්‍රමිතියකින් යුක්තව සිදු කොට නොමැති බව කියමින් ගම්වැසියන් නිහඩ විරෝධයක් දක්වද්දී එම ස්ථානයට පැමිණි රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාපති නිශාන්ත ජයසුන්දර මහතා ගැටුමක් ඇති කරගනු දැකගන්නට ලැබිණ.
එහිදී පුද්ගලයන් කිහිපදෙනකු පැමිණි සභාපතිවරයා ගම්වැසියන් සමග වචන හුවමාරුවක්ද ඇතිකර ගනු දැකගන්නට ලැබිණ.
පසුව එම ස්ථානයට රිදීමාලියද්ද පොලිසිය පැමිණ තත්ත්වය සමතයකට පත්කරනු ලැබිණ.










