දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය තවදුරටත් පවතිනවා. (Sri Lanka Latest News)
එම හේතුවෙන් කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර, අත්තනගලු ඔය, ගිං සහ නිල්වලා ගංගා ද ගංවතුර මට්ටම ආසන්න වී තිබෙනවා.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට 5000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
Newsfirst










