දිවයින පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී තිබේ. (Sri Lanka Latest News)
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පැවසුවේ, හානියට පත් වූ කුඹුරුවල හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි.
පසුගිය යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීම් කළ ආකාරයටම, ගංවතුර නිසා සිදු වූ හානි වීම් ද තක්සේරු කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබේ.
newsfirst










