• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විමල් සහ අනුර! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

January 20, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
විමල් සහ අනුර! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුණදාස අමරසේකර 1988 ජවිපෙ කැරැල්ල වෙලාවේ කීවේ ජවිපෙ කියන්නේ 56 විප්ලවයේ දරුවන් කියාය. දරුවන් අකීකරු වුණාම දරුවන් හදාගැනීම මවුපියන්ගේ වගකීමක් යැයි කියමින් ඔහු ජවිපෙ කැරැල්ලට ශ්‍රීලනිප සහාය සහ ආරක්ෂාව අවශ්‍ය යැයි කීවේය. Sri Lanka Latest News

සෝවියට් දේශයේ ආකෘතියට හදපු ලංකා සමසමාජ පක්ෂය මෙන් නොව විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ ශ්‍රී ලාංකික ආකෘතියකටය. ඒ, ඔහුට සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග තිබුණු වෛරයත්, සෝවියට් දේශයේදී ඔහු මුහුණපෑ ප්‍රශ්නත් නිසාද දන්නේ නැත. කෙසේ හෝ විජේවීර හදපු ජවිපෙ, ශ්‍රීලනිපයට බොහෝ සමීප විය. 1970 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණේ ජයග්‍රහණයට බිම් මට්ටමේ තරුණ තරුණියන්ගේ රැඩිකල් දේශපාලන මෙහෙයුමක් දියත් කළේ ජවිපෙය. සමගි පෙරමුණේ අතිවිශිෂ්ට ජයග්‍රහණයට තරුණ තරුණියන්ගේ ඒ රැඩිකල් දේශපාලන මෙහෙයුම විශාල කාර්යභාරයක් කළේය. ඒත් මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී ඒ ජවිපෙ රැඩිකල් දේශපාලන න්‍යායපත්‍රයට අනුව ආණ්ඩු කළේ නැත. ඔවුන් බලාපොරොත්තු වූ සමාජවාදය ක්‍රියාත්මක කළේ නැත. එහි ප්‍රතිඵලය ජවිපෙ තමන් දිනවපු ආණ්ඩුව පෙරළන්න කැරැලි ගැසීමය. 1971 කැරැල්ල එහි ප්‍රතිඵලයක්ය. මේ කැරැල්ලෙන් ශ්‍රීලනිපය ඇතුළු වාමාංශික පක්ෂත් විනාශ විය. ජවිපෙත් විනාශ විය.

මෙයින් වාසි ගෙන බලයට පත්වන ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.ය ශ්‍රීලනිපයේ පවුල් අවුල අවුලා පක්ෂය දෙකට තුනට කඩද්දී ජවිපෙ යූ.ඇන්.පී.යේ සහායෙන් යළි නැගිටින්නට උත්සාහ දරයි. ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.ය ජවිපෙට නැගිටින්න ඉඩ දෙන්නේ ශ්‍රීලනිපය විනාශ කරන්නටය. ඒත් ජේ.ආර්.ගේ කුප්‍රකට ජනමත විචාරණයට එරෙහිව විජේවීර සහ ශ්‍රීලනිප හිටපු ප්‍රබලතම නායකයකු වූ ෆීලික්ස් ඩයස් උසාවි යන්න හදද්දී ජේ.ආර්. 1983 කළු ජූලිය පිටදමා ජවිපෙ තහනම් කරයි.

දෙකට තුනට කැඩුණු දුර්වල විපක්ෂයක් ඉදිරියේ ජවිපෙ කැලෑවැදී ආයුධ අතට ගනී. ඉන්දු-ලංකා ගිවිසුමට සහ ඉන්දීය හමුදාවට එරෙහිව ‘මවුබිම නැතිනම් මරණය’ යන සටන් පාඨය පෙරටුකොට ජවිපෙ දෙවැනි කැරැල්ල ගහද්දී ශ්‍රීලනිපය උද්දාමයට පත්වන්නේ ජවිපෙ යටිබිම්ගත තරුණ තරුණියන්ගේ රැඩිකල් දේශපාලන මෙහෙයුමෙන් 1970 ආණ්ඩුව ගත්තා සේ මෙවරද ජවිපෙ කැරැල්ලෙන් යළි බලයට එන්නටය. ඒත් ජවිපෙ 1970 මෙන් නොව 1988 මතුවන්නේ ශ්‍රීලනිපයටත් පාලනය කළ නොහැකි ශ්‍රීලනිප අභිභවා යන මහා බලයක් ලෙසය. එතැනදී ජවිපෙ ශ්‍රීලනිපය බලයට ගෙන එන්න මස් රාත්තලම ඉල්ලයි. මැතිනිය සහ අනුර තමන් ගැන අධිතක්සේරුවෙන් ජවිපෙට කොකා පෙන්නා 1988 ජනාධිපතිවරණයට යයි. ජවිපෙ මැතිනියව පරාජය කරනු ලැබීය. ප්‍රේමදාස ජනාධිපති වන්නේ මැතිනියට වාසිදායක දකුණ ඇතුළු සිංහල බෞද්ධ පළාත්වල ජවිපෙ ඡන්ද වර්ජනයක් දියත් කිරීම නිසාය. ජනාධිපති වූ ප්‍රේමදාස ජවිපෙ සමග දීගයකට යන්න අත වැනුවත් සාම්ප්‍රදායික යූ.ඇන්.පී.ය එයට ඉඩ නොදී ජවිපෙ මර්දනය කරනු ලැබීය. එහි නායකත්වය ගත්තේ රන්ජන් විජේරත්න සහ රනිල් වික්‍රමසිංහය. ප්‍රේමදාසද පසුව මර්දනයට එකඟ වෙයි. ජවිපෙ නායකයන් සියල්ල ඝාතනය වී ජවිපෙ නැත්තටම නැතිවෙයි.

ජවිපෙ යළි හිස ඔසවන්නේ රන්ජන් විජේරත්න ඝාතනය වී ලලිත් සහ ගාමිණී, ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විටදීය. 1993 දකුණු පළාත් සභා ඡන්දයෙන් යූ.ඇන්.පී.ය අන්තයටම පරද්දන්න චන්ද්‍රිකාටත්, ඇගේ පොදු පෙරමුණටත් හයිය දෙන්නේ ‘ජනතා මිතුරෝ’ නමින් එන ජවිපෙ තරුණ තරුණියන්ය. 1994 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කොන්දේසිය මත ජවිපෙ චන්ද්‍රිකාට සහාය දෙනු ලැබීය. චන්ද්‍රිකා දිනන්නේ ජවිපෙට එරෙහිව යූ.ඇන්.පී.ය දියත් කළ භීෂණය විකුණලාය.

චන්ද්‍රිකා ජනාධිපති වූ පසු පවත්වන පුංචි ඡන්දයට ජවිපෙ නැගී එන තරුණයන් දෙදෙනෙක් කරළියට ගෙන ආවේය. එක් අයෙක් විමල් වීරවංශය. අනෙකා අනුර කුමාර දිසානායකය. එම දෙදෙනා සසඳන විට විමල් අනුරට වඩා ඉදිරියෙන් සිටින අතර, ඔහු එක රැයින් තරුවක් බවට පත්වේ. ජවිපෙ 1970 ශ්‍රීලනිපය බලයට ගෙනැවිත් එහි තරුණ ජවය උරාගත්තා සේ, 1988 ශ්‍රීලනිපයට ඔක්සිජන් දී එහි තරුණ ජවය උරාගත්තා සේ, 1994 චන්ද්‍රිකා බලයට ගෙනැවිත් එහි තරුණ ජවය උරාගෙන ‘උනුත් එකයි මුනුත් එකයි’ සටන් පාඨය සියතට ගනී. චන්ද්‍රිකා ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කොන්දේසිය කඩයි. ජවිපෙ කඩන්නේ තම ඡන්ද බව දැන චන්ද්‍රිකා ජවිපෙට ගහන්න පටන් ගනී.

2001 මහ ඡන්දයෙන් යූ.ඇන්.පී.ය දිනන්නේ එස්.බී. – ජී.එල්. හවුල ශ්‍රීලනිපයෙන් කඩාගෙන ආ ඡන්දවලට අමතරව ජවිපෙ, ශ්‍රීලනිපයෙන් කඩපු ඡන්ද නිසාය.

ජවිපෙ ඡන්ද නැතිව තමන්ට දිනන්න බැරි බව ශ්‍රීලනිපය තේරුම් ගනී. ශ්‍රීලනිපයට මුක්කු ගහන්නේ නැතිව තමන්ට ආණ්ඩුවක් ගත නොහැකි බව ජවිපෙ තේරුම් ගනී. චන්ද්‍රිකා විනාශ වන්නේ ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ජන පදනම අමතක කොට සුළු ජාතික ඡන්ද දිනාගන්න ගිහිල්ලාය. චන්ද්‍රිකා විනාශ කරපු සිංහල බෞද්ධ ජන පදනමට යළි හුස්ම දෙන්නේ ශ්‍රීලනිපය සමග සන්ධානගත වෙන ජවිපෙය. චන්ද්‍රිකා විසින් තටු කපපු සිංහල බෞද්ධ ජන පදනමට පණ පිහිටුවන තියරිය වෙන කාගෙවත් නොව විමල්ගේය. 2004 මහ ඡන්දය ශ්‍රීලනිප, ජවිපෙ, එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනන්නේ විමල්ගේ ඒ තියරිය නිසාය. චන්ද්‍රිකාත් බලයට ඒමට ඒ තියරිය පාවිච්චි කරන්නේ මංගල හරහාය.

මේ ශ්‍රීලනිප-ජවිපෙ ආණ්ඩුවේ විමල් ඇමැති ධුර ගත්තේ නැත. ඒත් අනුර කුමාරට ඇමැති ධුරයක් ගැනීමට පක්ෂය ඉඩ දෙයි. චන්ද්‍රිකා යළිත් 1994 කළ වරදම කරමින් ජවිපෙ අමතක කොට ප්‍රභාකරන් සමග සුනාමි සහන මණ්ඩලය අස්සන් කරනු ලැබීය. ජවිපෙ ඊට එරෙහි වී ආණ්ඩුවෙන් එළියට එනු ලැබීය. විමල්ගේ තියරියට හරියන අපේක්ෂකයා ශ්‍රීලනිපයෙන් මතුවන්නේ මේ වෙලාවේය. ඒ, මහින්ද රාජපක්ෂය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දිනවන්න වැඩකරන්නේ ශ්‍රීලනිපය නොව ජවිපෙය. ඒ වෙලාවේ මහින්දගේ වේදිකාවේ සුපර් ස්ටාර් විමල්ය. අනුරද ජවිපෙ ස්ටාර් කෙනෙක් ලෙස මතුවන්නේ ඒ ජනාධිපතිවරණයේදීය.

2005 ජනාධිපති වන මහින්ද 1970 මැතිනිය සහ 1994 – 2004 චන්ද්‍රිකා මෙන් ජවිපෙට කරපිංචා තියරිය දැම්මේය. මහින්දගේ ආණ්ඩුවෙන් ජවිපෙ වෙන් වෙන්න තීරණය කරද්දී මහින්ද විමල්ව කඩාගන්න සමත් වන්නේ විමල්ම නිර්මාණය කරපු දේශප්‍රේමී මහින්දව හැරදමා විමල්ම නිර්මාණය කරපු දේශද්‍රෝහී රනිල් සමග විමල් විපක්ෂයේ ඉන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමිනි. විමල් මහින්දට එක් වෙද්දී අනුර මහින්දගෙන් වෙන්විය. එතැන් සිට මහින්ද-විමල් සුසංයෝගය දවසින් දවස ශක්තිමත් වන්නේ අනුර සහ ජවිපෙ දවසින් දවස දුර්වල කරමිනි. විමල්ව හැදුවේ ජවිපෙය. හැබැයි මහින්දව හැදුවේ විමල්ය. මහින්ද විමල්ව තමන්ගේ දෙවැනියා හෝ අගමැති ලෙස පත්කරගත යුතුව තිබුණත් මහින්ද විමල්ට දැම්මෙත් කරපිංචා තියරියය.

මහින්ද සහ විමල්ගේ දේශප්‍රේමී රංගනය හමුවේ අන්ත අසරණ වෙන අනුර, යූ.ඇන්.පී.ය සමග පොදු විපක්ෂයකට එක්වන්නේ ජවිපෙ කලින් උරාබීපු ශ්‍රීලනිප තරුණ ජවය උරාබොන්න සුදුසුකම් පෙන්වන්නේ විමල් බව දැනගෙනය. අනුර උත්සාහ ගන්නේ යූ.ඇන්.පී.යේ තරුණ ජවයට කතාකොට යූ.ඇන්.පී. ඡන්ද ගිලගන්නටය. 2010 සහ 2015 අතර පළාත් සභා ඡන්දවලදී අනුර එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. යූ.ඇන්.පී.යේ රනිල් සහ සජිත් බල අරගලය නිසාත්, රනිල්ගේ පරාජිත නායකත්වය නිසාත් මහින්ද විරෝධී තරුණ ඡන්ද ආකර්ෂණය කරගත්තේ ජවිපෙය. ඒත් 2015 ජනාධිපතිවරණයේදී අනුරලා වක්‍රව මෛත්‍රිපාලට සහාය දක්වන්න ගොස් ඒ ආකර්ෂණය මෛත්‍රීට බෙදාදෙනු ලැබීය.

2015 මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු මහින්ද සුළඟ නිර්මාණය කොට විමල් යළි කරළියට එයි. මෙවර විමල් ගෝඨාභය සමග එක්වී අලුත් සුසංයෝගයක් හදා අලුත් දේශප්‍රේමී රංගනයක් පෙන්වීය. අනුර යළිත් අනාථ වන්නේ 2019 ජනාධිපතිවරණයේදී 3%ක් ගනිමිනි.

ගෝඨා ජනාධිපති වී මැතිනිය, චන්ද්‍රිකා සහ මහින්ද දමපු කරපිංචා තියරිය විමල්ට දැමීය. හරි නම් විමල් ඒ වෙලාවේ පොහොට්ටුවේ තරුණ ජවය උරාබී නැගිටිය යුතුව තිබිණි. ඇත්තටම ඒ වෙලාවේ පොහොට්ටුවේ ගෝඨා විරෝධී කොටස් විමල්ලාට ආකර්ෂණය විය යුතුව තිබිණි. ඒත් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය අරගලය හරහා ගෝඨා විරෝධය දේශප්‍රේමයෙන් ජනතා ප්‍රේමයකට ගෙන ආවේය. එහි වාසිය ගත්තේ අනුරය. රනිල් ජනාධිපති වී අරගලය මර්දනය කිරීමෙන් පසු පෙරටුගාමීන් කොන්විය. අනුර ගෝඨා විරෝධී පොහොට්ටු ඡන්ද ජවිපෙ වටා එකතු කරගත්තේ ඒ ඡන්දදායකයන් තමන් බලයට ගෙන ආ ගෝඨාභය තමන්ව නිර්වස්ත්‍ර කළ වෛරය දරාගත නොහැකිවය.

විමල්ට එරෙහි චෝදනා තිබුණත් ඔහු කවදාවත් ඔහුගේ දේශප්‍රේමී ප්‍රතිපත්තිය පාවාදුන්නේ නැත. චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය පිහිටුවද්දී ඔහු ඊට එරෙහිව එළියට බහින්න ජවිපෙ මෙහෙයවූවේය. ජවිපෙ මහින්දගෙන් වෙන් වෙන්න තීරණය කරන විට මහින්ද යුද්ධය දිනන තැන සිටි නිසා ඔහු යුද විරෝධී මංගල සමග ගනුදෙනු කළ ජවිපෙ අතහැර මහින්ද සමග සිටගත්තේය. මහින්ද බලය බෙදන්න යන විට ඊට එරෙහිව කෑගැසුවත් මෛත්‍රිට සහාය දෙන රනිල්ගේ බලය බෙදන ප්‍රතිපත්තිය සමග සිටගත නොහැකි නිසා 2015 මහින්දට සහාය දුන්නේය. 2019 ගෝඨා ජනාධිපති වී වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යද්දී යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ කම්පැනියකට දෙන්න යන විට ඊට එරෙහිව රට වටා ගොස් ඇමැතිකම අහිමි කරගත්තේය. ඔහු ජවිපෙ ප්‍රචාරක ලේකම් ධුරය දරන කාලයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධය. ආර්ථික අර්බුදයට පසු මුළු රටම අයි.එම්.එෆ්. යන්න ඕනා කියද්දී ඔහු තමාගේ ප්‍රතිපත්තියේ සිටියේය.

අනුර කුමාර එසේ නොවේ. ඔහු ඔහුගේ දේශප්‍රේමී ප්‍රතිපත්තිය වෙනස් කළේය. අයි.එම්.එෆ්. විරෝධී ප්‍රතිපත්තිය ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තිය වෙනස් කළේය.

‘උනුත් එකයි මුනුත් එකයි’ සටන් පාඨය විමල්ගේය. විමල් ඒ සටන් පාඨය හැදුවේ ජවිපෙට තනිවම ආණ්ඩුවක් අරන් දෙන්නටය. අද විමල්ගේ සටන් පාඨය සියතට ගෙන අනුර, විමල් සිටිය යුතු තැන සිටී. ලංකාවේ පුටින්ලා හොයපු කැලණියෙන් මතුවූ නාගයන්ට ස්තෝත්‍ර කියපු ධම්මික පැණිය බීපු, කුරහන් සාටකයට රෙද්ද බැනියමට උඩු රැවුලට හුරේ දමන බයි සමාජය නොහොත් රාජපක්ෂ ඡන්ද පදනම හැදුවේ විමල්ලාය. අද ඒ බයි සමාජයේ වීරයා අනුරය. 2010 සිට 2022 දක්වා ඔවුන් අනුරව දැක්කේ රතු අලි පැටියෙක් ලෙසය. අද ඔවුන්ට අනුර පේන්නේ රජෙක් වගේය.
අද ඔවුන් අනුර කුමාර ළඟ දණ නමා ඇත්තේ ඔටුන්න හිමි කුමරා ළඟ දණ නමන මඟුල් ඇතා වගේය. හැබැයි හෙණ්ඩුව හංගලා තියෙන තැන දන්නේ විමල්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ස්වභාවධර්මය පන්න පන්න ගහනවා! ඔන්න අදත් වහිනවලු! Sri Lanka Latest News

Next Post

කුඹුරු 61000ක් ඉවරෙටම ඉවරයි! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.