අද දිනට දින පනස් දෙකේ සිදුවී වසර 3ක් ගතවී ඇති බවත්, එම කුමන්ත්‍රණය සිදු කිරීම සදහා හේතුවූ කරුණු දැන්වත් රටට හෙළිදරව් කරන ලෙස තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ඉවත් කොට නීත්‍යානුකූල නොවන අගමැතිවරයකු පත් කළේ ඇයිද යන්න තවමත් කිසිවකුත් නොදන්නා බවකි.
ඒ අවස්ථාවේ රටේ ආර්ථික අර්බූදයක් හෝ වසංගතයක් හෝ ආරක්ෂක ප්‍රශ්නයක් හෝ නොතිබූ බවද ඒ මහතා කියා සිටියේය.









