කොවිඩ් ආසාදිතවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල ) ඇතුළත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
කතානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවකයෝ තිදෙනෙක්ද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබති.










