ආණ්ඩුවට එරෙහි එකම විකල්පය සමගි ජන සන්ධානය බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. සමගි ජන සන්ධානයේ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.Sri Lanka Latest News
රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
‘‘ජනාධිපතිවරණ 8 ක් පැවැත්වුණා , මෙවර පැවැත්වුණේ 9 වැනි ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණ 8 දීම පත්වුණ ජනාධිපතිවරයාට සියයට 50 කට වැඩි බහුතර බලයක් ලබාගන්න හැකිවුණා. මෙවර ජනාධිපතිවරණයේදී නව ජනාධිපතිවරයා ලබාගත්තේ සියයට 42 යි. ලක්ෂ 56 ක් නව ජනාධිපතිවරයා ඡන්දය ලබාගන්නා විට ලක්ෂ 76 ක් අනෙකුත් පක්ෂ වලට ඡන්දය ලබාදීලා තිබෙනවා. සියලු දෙනාම එකතු වෙලා මේ රට නිර්මාණය කළ යුතුයි කියලා ජනතාව එයින් පැහැදිලි තින්දුවක් ලබාදීලා තිබෙනවා.
අසීමිත බලයක් දුන්න සෑම අවස්ථාවකම රට වැරදි මාර්ගයට ගිහින් තිබෙනවා. ඒ බහුතර බලයක් ගත්ත ආණ්ඩු ගත්ත වැරදි තින්දු නිසා තමයි රට අද බංකොලොත් භාවයට පත්වෙලා තිබෙන්නේ. රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා තිබෙන්නේ. අසිමිත බලයක් ලබාදීලා වැරද්ද ගත්තු තැන් නිවැරදි කරන්න කියලා රටේ ජනතාවගෙන් සමගි ජන සන්ධානය ඉල්ලා සිටිනවා.
සමගි ජන සන්ධානයේ තමයි පලපුරුදු හොඳම කණ්ඩායම ඉන්නේ. පලපුරුද්දක් නැති පුද්ගලයෙකුට බලය ලබාදීලා රට බංකොලොත් වුණ ආකාරය පිළිබදව රටේ ජනතාව හොදින්ම දන්නවා. ඒ වැරැද්ද නැවත වතාවක් සිදුකර ගන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙනවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානගතවුණ සියලුම පක්ෂ සමගි ජන සන්ධානය සමඟ අද එකතු වෙලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය බව හොදින්ම පැහැදිලි වෙනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය , රටේ සාමුහිකත්වය රට ගොඩනැගිමට සියලු දෙනාමට එකතුවීමට අවකාශය ලබාදෙමින් සමගි ජන සන්ධානයට අවශ්‍ය බලය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
ඉදිරියේදී පිහිටුවන රජයකදී අනුර දිසානායක ජනාධිපතිවරයා සමඟ සාමුහිකව කටයුතු කරන්න සමගිජන සන්ධානය කටයුතු කරනවා.‘‘
පාඨලි චම්පික රණවක මහතා,
‘‘අනුර දිසානායක ජනාධිපතිවරයාට ජනතාව ලබාදුන්න ජනවරම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි දකින්නේ. මහජනතාව බලාපොරොත්තු වුණේ පිරිසිදු පාලනයක් සහ යුක්ති සහගත පාලනයක්. අනුර දිසානායක ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන ගනුදෙනු වලදී , ව්‍යවස්ථා සංශෝධන වලදී , අණ පනත් සංශෝධනවලදී යුක්ති සහගතව සහයෝගය ලබාදෙන්න අපි පාර්ලිමේන්තුවේදී කටයුතු කරනවා.
නව ව්‍යස්ථාවක් ගෙන ඒමේ කටයුතු වලදී , දැනට පවතින ජනාධිපතිධූරය අවසන් කිරිමේ කටයුතු වලදී , පළාත් සභා මැතිවරණය , පළත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ ශක්තිය අවශ්‍ය වෙනවා. එහිදී ජනාධිපතිවරයාට ධනාත්මක සහයෝගයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ විවෘතභාවයකින් යුක්තිව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තිබෙන එකඟතා වෙනස් කරන්න කටයුතු කරනවා කියලා. ණය විශ්ලේෂණ සහතිකය වෙනුවට විකල්පයක් ඉදිරිපත් කරන බව ඔවුන් ප්‍රකාශ කළා. එහිදී අපගේ සහ පාර්ලිමේන්තුවේ අදහස් විමසා එම කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මුල්‍ය අරමුදලට රටක් ලෙස එකට එකුවෙලා මුහුණ දුන්නොත් ජාත්‍යන්තර වශයෙන් අපගේ ප්‍රතිරූපයට සහ එම කටයුතු සාර්ථක කරගැනීමට වගේම අපගේ ණය හිමියන්ට අභිතව මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හැකි වෙනවා. සාමුහික එකඟතාවයක් ඇතිව රටේ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරමු කියලා අපි ඉල්ලා සිටිනවා.
ඒ වගේම දුෂණය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හිටපු ජනාධිපතිවරු , හිටපු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පණත් තිබෙනවා. ඒවා වෙනස් කිරීමේදී අපගේ උපරිම සහයෝගය රජයට ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒවා විවෘතව සිදුකරන ලෙස අපි කටයුතු කරනවා.
ඒ වගේ දුෂිතයින්ට දඩුවම් දිමේදී පවතින නීති තත්ත්වයන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. රටෙන් පිට ධනය රැස් කරගෙන සිටින පිරිස පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා ඒවා ආපසු ගැනිමට නිති රිති සකස් කර ගැනිමට , එවැනි කාරණාවලදී අපි සාමුහිකව කටයුතු කරන්න සුදානම්. මානව හිමිකම් ඇතුළු චෝදනා වලට මුහුණ දීමේදී සාමුහිකව රටක් ලෙස අපි ජනාධිපතිවරයාට සහාය දෙන්න අපි සුදානම්.
ගැටුම්කාරි විපක්ෂ දේශපාලනය වෙනුවට සම්මුතිගාමි දේශපාලනයට එළඹෙන්න සමගි ජන සන්ධානය සුදානම්.‘‘
ඩලස් අලහප්පෙරුම මහතා,
‘‘මිනි කන්නන්ගේ දේශය ලෙස වසර 40 කට පෙර හදුන්වපු රටක් ප්‍රජාතන්ත්‍රවාදය රකින නිර්මල රටක් ලෙස හැදින්විම ශ්‍රි ලාංකිකයන් ලෙස අපි ලබාගත්ත ජයග්‍රහනයක්. ඒ නිසා සමගි ජන සන්ධානය ලෙස මැතිවරණ ව්‍යාපාරයට එකතු වුණ සියලු දෙනාමට , රටේ මිලියන 12 කට අධික ජනතාවට අපගේ කෘතවේදිත්වය පුදකරනවා.
මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජන සන්ධානය දෙවන ස්ථානයට පත්වුණා. අපි නිහතමානිව ඒ මැතිවරණ ප්‍රතිඵලය පිළිගත්තා. සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි වතාවට මැතිවරණ කොමිසමට ගිහින් ජනාධිපතිවරණයෙන් ජගයත් ජයග්‍රාහකයාට සුබ පතලා රටට අලුත් දේශපාලන සංස්කෘතියක නව පරිච්ඡේදයක් එතුමා එකතුකළා. සමහරුන්ට පිට කොන්දක් තිබුණේ නෑ ඒ ආකාරයට ජනතාවට මුහුණ දෙන්න.
සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න සියලුදෙනා සංඛ්‍යාත්මකව පරාජය වුණාත් ඔබලා දේශපාලනිකව පරාජය වෙලා නෑ. සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ දේශපාලන න්‍යාය පත්‍රය අදටත් හෙටත් ඉදිරියටත් වලංගුයි.
මැතිවරණයෙන් වැඩිම ඡන්ද ලබා ගත්තෙත් , ඊළග ඡන්ද සංඛ්‍යාව ලබාගත්තෙත් ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවෙගයයි. මේ පක්ෂ දෙකම වසර 4 කට පෙර නිර්මාණය කළ පක්ෂ. මේ වසර 4 ක ඉතිහාසයක් ඇති පක්ෂ දෙකක් දශක 5 ක සහ 6 ක ඉතිහාසයක් තිබෙන දැවැන්ත දේශපාලන පක්ෂ පසුපසුට තබමින් ඉදිරියට ආවා. මේ දේශපාලන පණිවිඩය අපි කියවා ගත යුතුයි.
නව ජනාධිපතිවරයා සහ නව රජයට ජනතාවට පක්ෂපාතිව ගන්නා ඕනෑම තිරණයකට කොන්දේසි විරහිතව පෙනි සිටිනවා , දුෂණයට , වංචාවට දුෂිතයන්ට දඩුවම් දිම සඳහා චකිතයකින් තොරව ගෙන එන ඕනෑම පනතකට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සන්ධානය එකඟතාවට පළ කරන්න සුදානම්.
ජනාධිපතිවරයා සහ නව රජය දෙස ලක්ෂ 56 ක ජනතාවක් බලාගෙන සිටිනවා. ඒ ජනතාවගේ බලාගෙන සිටිනවා මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා ලබාදුන්න ප්‍රතිඥා ප්‍රකාශ සහ අනාගත වාක්‍ය සම්බන්ධයෙන්. වර්තමාන ආණ්ඩුව ගත්ත තින්දු දෙකක් නිසා ජනතාව යම් මන්දොත්සාහි භාවයකට පත්වෙලා සිටිනවා. පහේ ශිෂ්‍යත්වය විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් එක තින්දුවක් , අධ්‍යාපන ඇමැතිතුමිය එක තින්දුවක් , ජනාධිපතිවරයා වෙනස්ම තින්දුවක් ලබාදිලා තිබෙනවා. තින්දු අතර ව්‍යාකූල භාවයක් තිබෙනවා. මේ පරස්පරතාවයන් රටක අනාගතයට ගැලපෙන්නේ නෑ. ඒ වගේම ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුවුණ කාරණයේදී ජනතාව බලාපොරොත්තු වුණ සහනය දෙන්න රජයට නොහැකි වුණා. මේ පිළිබඳව නැවත අවධානය යොමුකරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.‘‘
මනෝ ගනේෂන් මහතා,
‘‘අපි නිර්මාණය කරන්න හදන ආණ්ඩුව විධායකය සමග ගැටුම් ඇති කර ගන්න ආණ්ඩුවක් නෙවෙයි. සමගි ජන සන්ධානය රටට ආදාරය කරන ප්‍රගතිශිලි සන්ධානයක්. දුෂණය නැති කිරිමේ වැඩපිළිවෙලට අපි ආණ්ඩුවට පුර්ණ සහාය ලබාදෙන්න කටයුතු කරනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසට දඩුවම් දෙනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. අපිටත් අවශ්‍ය වෙන්නේ එයයි. රටෙන් සොරකම් කළ දේපළ නැවත ගෙන ඒමේ කටයුත්තේදී රජය ගන්න තින්දුවලට අපි සහාය දෙනවා. මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදි අපි සහාය දෙනවා. රටේ සිදුවුණ ඝාතන සම්බන්ධයෙන් සොයන්න වැනි කාරණා වලදි අලුත් නිති හදන්න , නිති සංශෝධනය කරන්න අපි සම්පුර්ණ සහාය ලබාදෙනවා.
විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් ගන්න තින්දු තිරණ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තින්දුවක් ගන්න ලැස්තියි. ඒ සඳහා අපේ සම්පුර්ණ සහාය ලබාදෙනවා. තුනෙන් දෙකක බලයක් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවානම් ඒ බලය අපි ලබාදෙන්නම්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වර්තමාන ආණ්ඩුව සාකච්ඡා කරන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක හොද දෙයක් ඒ සඳහාත් අපි සහාය ලබාදෙන්න කටයුතු කරනවා.
ඒ වගේම දමිල ජනතාව වෙනුවන් ජනාධිපතිවරයා ඉඩම් ලබාදෙන බව මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. ඒ බව මුලින්ම ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා, කෙසේ නමුත් වතු කරයේ ජනතාවට ඉඩම් සහ නිවාස ලබාදෙන්න ජනාධිපතිවරයා කටයුතු කරන්න. ඒ සඳහා අපේ සහාය ලබාදෙනවා.
අපි සියලු දෙනාට එකතු වෙලා තමයි ශ්‍රී ලාංකික ආණ්ඩුවක් හදන්න පුලුවන් වෙන්නේ. නැත්නම් මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න නොහැකියි. රටේ බංකොලොත් භාවය තවම අවසන් වෙලා නෑ. ඒ නිසා රට ආර්ථික වශයෙන් ගොඩගන්න සාමුහික ආණ්ඩුවක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අවස්ථාව ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.‘‘










