අද වන විට රටේ ජනතාව දුෂ්කර තත්ත්වයකට වැටී ඇති බවත් මේ ජනතාව සහ මේ රට යළි ගොඩනගන ගමනට පූර්ණ ශක්තිය සහ සහයෝගය ලබාදිය යුතු බවත් කුහක දේශපාලන සංස්කෘතිය ඉවත දැමිය යුතු බවත් තවත් වෙර යොදා රට මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසදුම් ලබා දෙන වැඩපිළිවෙළට දායකත්වය සහ නායකත්වය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
එසේම මහමැතිවරණයට තරග කර ජයග්‍රහණය කර එය ජනතා ජයග්‍රහණයක් බවට පත් කර රටට ප්‍රමුඛතාව ලබා දී ජාතික අවශ්‍යතාවට මූලිකත්වය ලබා දිය යුතු බවත් පටු දේශපාලන වාදභේද පසෙකලා විසදුම් සෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දෙහිවල දී දෙහිවල ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය
වෙනස්වන තර්කවිතර්ක වාදභේද කල හැකි වුවත් රටේ සාධනීය ප්‍රශ්නවලට විසදුම් දීම අමාරු බවත් මේ වන විට ආර්ථික වර්ධනය මන්දගාමී බවත් ඒ නිසා ජනතාවගේ අතට මුදල් ලැබීම සීමා වී මුදල් සංසරණය අඩාල වී ආර්ථික වර්ධනය අඩු වී ඇති බවත් සෘණාත්මක බලපැමක් නිෂ්පාදන ක්‍රියාවට සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආර්ථික සංකෝචනය නොව වර්ධනය විය යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ අතමිට සරුකරන යුගය උදා කළ යුතු බවත් සම්ප්‍රදායික පැරණි ගතානුගතික දේශපාලන බැහැර කර අලුත් විදිහට සිතා මාතෘභූමිය ගොඩගත යුතු බවත් රටක් ලෙස ගොඩ ආ යුතු ආකාරය ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
තවද රටේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් රැකගෙන ආයෝජන ප්‍රවර්ධනය කර අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනය ඇති කර යෞවන යෞවනියන්ට රැකියා ලබා දිය යුතු බවත් රටට විසදුම ජනතාවගේ ගැටලුවලට උත්තර ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන් ම මැතිවරණයෙන් පසුබැමට ලක්වුවා කියා මන්දගාමී නොවී සුපුරුදු දේශපාලන ක්‍රමය අමතක කර රට ගොඩගත යුතු ආකාරය ගැන සිතිය යුතු බවත් මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

















