බස්නාහිර පළාතෙන් පිිට පළාත් සඳහා ධාවනය වූ දුම්රිය සහ බස් සේවා හෙට (17) දිනයේ සිට නැවත දැනම් දෙනතුරු අත්හුටුවීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.
පළාත් අතර දුම්රිය ධාවනය නතර කිරීමට Covid- 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතය ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පලාත් වල සිට දුම්රිය හතක් ඉකුත් 14 වැනි දින කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබිණ.











