අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරය භාරගත් සැණින් මහජන බැංකුවේ සභාපතිවරයා විසින් තමන්ට ලිපියක් එවා ඇති බවත්, තමන් මැයි 20 වැනිදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අනුව දයා ගමගේ මහතා විසින් ගනු ලැබූ ණය බොල් ණය වශයෙන් කපා හැර නැති බවත්, එය අයකරගන්නා ආකාරය සොයා බලමින් සිටින බව එම ලිපිය මගින් පැහැදිලි කිරීමක් කොට ඇති බවත් දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කළේය.
මෙය අගමැතිවරයා මුදල් ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසු මහජන බැංකු සභාපතිවරයාට කළ පළමු නියෝගය විය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










