• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්සෙල්ලාම කොළඹ ඉස්කෝලවලින් පටන් ගමු! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉස්සෙල්ලාම කොළඹ ඉස්කෝලවලින් පටන් ගමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොත් බෑගයේ සැඟවී සිටින මාරයා මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළමින් සිටී. රටේ අනාගතය බාර ගන්නට සිටින දරු පරපුර මත්ද්‍රව්‍ය නම් වූ බිහිසුණු උවදුරට බිලිවීම සමස්ත සමාජයම මුළු ඇඟම හිරිවැටී භීතියට පත් කරන මහභයානක හෙළිදරව්වකි. විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ලෝලීන් බවට පත්ව සිටීම කිසිසේත් සැහැල්ලුවට ගත හැකි කරුණක් නොවේ. මෙය ඉතාම ඛේදනීය තත්ත්වයකි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලින්ද පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය සඳහා වැඩිම නැඹුරුවක් දක්වන්නේ බස්නාහිර පළාතේ ළමුන් බවයි. ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස වැනි අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන ප්‍රදේශවල දරුවන් මෙයට ගොදුරුවීමේ අවදානම වැඩිය.Sri Lanka Latest News

රටක අනාගතය විය යුත්තේ දරුවන් වේ. කුඩා කල සිටම වැඩිහිටියන් විසින් දරුවන් හට යහපත් දේ පමණක් ලබාදීම අරමුණු කොටගෙන ඔවුන්ගේ අනාගතය තවදුරටත් සරු කරවීම උදෙසා පාසල් අධ්‍යාපනයට යොමු කරනුයේ දැනුමෙන් යුතු යහපත් මනුෂ්‍යයෙක් බිහිකිරීමේ අරමුණෙනි. එනමුත් පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන මත් ජාවාරම් ආදී හමුවේ වර්තමානය තුළින් දරුවන් පාසලට යැවීමටත් මවුපියන් බොහෝ සෙයින් බිය වී ඇත.

කොළඹ තත්ත්වය මෙසේ නම්, පාතාල ක්‍රියාකාරකම්වලින් ඉහළින්ම සිටින බවට විශ්වාස කෙරෙන දකුණු පළාතේ තත්ත්වය ඊටත් වඩා දැවැන්ත විය හැකි බවට සැකයක් නැත. දකුණු පළාතෙන් පමණක් මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳව ලැබෙන ඔත්තු සංඛ්‍යාව පවා දහස් ගණනක් වීමෙන් මෙම අඳුරු සත්‍යය තහවුරු වේ. මත් ජාවාරම්කරුවන්ගේ නව උපක්‍රමය වනුයේ පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය විකිණීමේ ඉතා සූක්ෂ්ම ක්‍රමවේද අනුගමනය කිරීමයි. පාසල් ගේට්ටු අසල අයිස්ක්‍රීම්, ටොෆි, පැණිබීම විකුණන මුවාවෙන් සිසුන්ට මත්පෙති, ගංජා, මදන මෝදක සහ මත්කුඩු වර්ග අලෙවි කිරීමත්, මුදල් ලබාගෙන, සංඥා කර තවත් තැරැව්කරුවෙක් ලවා මත්ද්‍රව්‍ය දරුවාට ලබාදීමටත් වේදනා නාශක සහ මනෝචිකිත්සක ඖෂධ වර්ග අධික ලෙස හා අනවශ්‍ය ලෙස භාවිතයට ගැනීමත් හා ඇතැම් සිසුන්ට නොමිලේ මත්පෙති ලබාදී, ඔවුන්වම පාසල තුළ අන් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ඉත්තන් බවට පත්කර ගැනීමත් ඔවුන්ගේ උපක්‍රමයන් වී ඇත.

දරුවන් මෙවැනි භයානක තත්ත්වයකට ඇද වැටීමට තනි හේතුවක් නොමැත. විවිධ සාධක සමූහයක් මෙයට බලපා ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඇතුළු විශේෂඥයන් පෙන්වා දෙයි. මිතුරන්ගේ බලපෑම මෙහිදී ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.එමෙන්ම බිඳුණු පවුල්, ආතතිමය තත්ත්වයන්, මවුපියන්ගේ නොසලකා හැරීම,ජීවත්වන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට තිබීම සහ දිළිඳුකමත්, පාසල් තුළ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට විදුහල්පතිවරුන්ගේ සහ කලාප අධ්‍යාපන කාර්යාලවල උනන්දුව අඩුවීම හා පාසල් ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්, වැඩිහිටි සමාජයෙන් වන අඩත්තේට්ටම් නිසා ඇතිවන ආතතිය සහ මත්ද්‍රව්‍ය ගැන ජාවාරම්කරුවන් විසින් ඇතිකරන දුර්මත ආදී හේතූන් කරණකොට ගෙන දරුවන් බොහෝ සෙයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇත .

මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල හුදෙක් සුළුපටු නොවේ. මන්දයත් “අයිස්“ වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් කෙටි කලකින් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවන අතර, සමහර විට සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන බවට වෛද්‍යවරු අනතුරු අඟවති. කොළඹ ප්‍රදේශයේ පමණක් මසකට තරුණයන් 10ක් පමණ සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවට වාර්තා වීම මෙම උවදුරේ දරුණුකම පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගතව වැඩි පිරිසක් සිටිනුයේ තරුණයන් බවත් මෙහිදී හඳුනාගෙන ඇත. එනයින් බහුතරයක්ම සාක්ෂරතාවය ඉතා අවම මට්ටමක ඇති පිරිස් බවට වාර්තාවලින් හෙළි වී ඇති කරුණකි.

මෙය හුදෙක් තනි පුද්ගල හෝ රාජ්‍ය ආයතන කිහිපයක ගැටලුවක් නොවේ. සමස්ත සමාජයේම වගකීමකි. මවුපියන් දරුවන්ගේ කල්‍යාණ මිත්‍රයන් විය යුතුය. දරුවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටීම, ඔවුන්ගේ ගමන් බිමන්, මිතුරන් සහ හැසිරීම් රටා ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්ති දැඩිව ක්‍රියාත්මක කිරීම, උපදේශන සේවා ශක්තිමත් කිරීම සහ ගමන් මලු පරීක්ෂා කිරීම වැනි වැඩසටහන් අහඹු ලෙස ක්‍රියාත්මක කිරීමත් සිදුකළ යුත්තකි. තවද පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව ‘රටම එකට‘ වැනි ජාතික වැඩසටහන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එපමණක් නොවේ. මතට ඇබ්බැහි වූ දරුවන් සඳහා නිසි ප්‍රතිකාර, උපදේශන සහ පුනරුත්ථාපන සේවා ලබාදී, ඔවුන් නැවත අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවට යොමු කිරීමද සිදුකළ යුතුම වූවකි.
අපේ දරුවන් බිලිගන්නා මේ බිහිසුණු මත් උවදුර මැඩලීමට සමූහ ප්‍රයත්නයක් අවශ්‍ය වේ. මේ මොහොතේ නිහඬව සිටියහොත්, නැතිවනුයේ අපේම රටේ අනාගතයයි. මේ වෙනුවෙන් සියලුම සමාජයීය කණ්ඩායම් වගකීමෙන් කටයුතු කළ යුතුය. මූලිකවම රාජ්‍ය මැදිහත්වීම ඉතා වැදගත් වනු ඇත. මන්දයත් මත්ද්‍රව්‍ය යනාදිය මෙරටට රැගෙන ඒමට මූලිකත්වය ගනු ලබන්නේ මහා පරිමාණ ධනවත් ව්‍යාපාරිකයින්ය. එහෙයින් ඔවුන්ව කඩිනමින් නීතියේ රැහැනට කොටු කර ගැනීමට රජය අසමත් වුවහොත් රට ඉතාමත් අභාග්‍ය සම්පන්න ආගාධයකට ඇද වැටෙනු නිසැකය. මන්දයත් මේ වැනසෙනුයේ අප රටේ අනාගතයයි. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කළ යුතු බව මෙනයින් නැවත නැවතත් පසක් කරමි.

පී.එම්.සඳලි සත්සරණි රත්නායක.
ජන සන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

‘අනුරට ඡන්දෙ දෙන්න..! රනිල් එක්ක බෑ කිව්වා…! සජිත්ට ගන්න කිව්වා…! ගැහුවා….! ගෙදරටම ගියා..! මෙයා මාර මිනිහෙක්නේ..!’ රනිල්-මෛත්‍රී-සන්නා-සජිත්..! VIDEO I Sri Lanka Latest News

Next Post

මාධ්‍යවේදී ඝාතන 10න් 9කටම යුක්තිය ඉටුවී නෑ! වහාම සාධාරණය ඉටු කරන්න! ජගත් මහලේකම් ගුටරේස්ගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.