2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තිය, 19 වැනි වගන්තිය සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ වයස 16 සිට 14 දක්වා අඩු වීම, පිරිමි වරදකරුවකුට වයස 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම මෙන්ම 363 වෙනස් කිරීම හරහා පිරිමි හා ස්ත්‍රී දූෂණ දෙකම එක වගන්තියකට ගෙන ඒම ඇතුළත් කෙටුම්පත තවදුරටත් ඉදිරියට ගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන් බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
එය පාර්ලිමේන්තුවට දැනුම් දී කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගන්නා ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.