ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12%කගේ මුඛයේ එකදු දතක් හෝ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. (Sri Lanka Latest News)
එය බරපතල සෞඛ්‍ය ගැටලුවක් බැවින් මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ගාල්ලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ “සතුටු මුවයි – සුවැති සිරුරයි” යන්නයි.
hirunews