“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹීණ.Sri Lanka Latest News
පස්වරු 3.00 ට මෙම රැස්වීම ආරම්භ විය.
නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළුව පළාත් සභා, පළාත් පාලන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.











