පසුගිය සතියේදී නාම්ල් රාජපක්ෂ දස බල සේනා නමින් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබිණි. මෙම දසබල සේනා නම රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ වීම විශේෂත්වයකි.මෙම දස බලසේනා වැඩ සටහන කොලඹින් ආරම්භ වූයේ සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවසිනි.Sri Lanka Latest News
මෙහි අරමුණ වන්නේ ග්‍රාමීය නායකයින් විශේෂයෙන්ම මහ නගරසභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මෙන්ම සියළු ග්‍රාම සේවක වසම්වල නායකයින් මුණ ගැසීමත් මෙන්ම පොහොට්ටුවට එරෙහිව ක්‍රියාත්මකවන මඩවලට උත්තර දීම සදහා එක් ග්‍රාමසේවක වසමකින් 10සම්බන්ධ කර ගැනීමය.පසුගිය සතියේ නාමල් සිටියේ කාල්ටන් නිවසේ වූ අතර දසබල සේනා ආරම්භ වූ බවට මාධ්‍ය හරහා දැනගත් බොහෝ පිරිස් නාමල්ට කතා කරන්නට විය. නාමල් මුණ ගැසීමට බොහෝ පිරිසක් කාල්ටන් නිවසට පැමිණි අතර නාමල් මෙම පිරිස් මුණ ගැසීමට ලේසි නිසා නැවත කොලඹ මලලසේකර මාවතට පැමිණියේය
25 බ්‍රහස්පතින්දා පාන්දර නාමල්ගේ දුරකථනය එකදිගට නාදවන්නට විය.වහාම නාමල් සිය දුරකථනය රැගෙන බැලූ විට කතා කරන්නේ මහින්දානන්දය. අයියා මොකෝ මේ මහ පාන්දර නාමල් විමසීය. මල්ලි මාර වැඩේ සනත් නිශාන්ත නැතිවෙලා මේක අහද්දී නාමල් ඇදෙන් බිමට පැන්නේ නොදැනුවත්වමය. ඇයි අයියේ ඒ මොනවා වෙලාද රෑත් මාත් එක්ක කතා කලා දසබල සේනා නැගලා යනවා නේද කොහොමද මගෙ නම කියලා කතා කරකරත් හිටියා කියලා.. නාමල් පැවසීය. හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක්. රාගම හොස්පිටල් එකේ මම ඉන්නෙ. මහින්දානන්ද පැවසීය.
නෑ මම දැන්ම එනවා නාමල් පැවසීය. නාමල් වහාම රාගම බලා පිටත්ව තිබූ අතර ඒ වනවිට මහින්දානන්ද අරුන්දික හා සනත් නිශාන්තගේ බිරිද රාගම රෝහලට පැමිණ සිටියහ.
ඉන් අනතුරුව ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් රාගම රෝහලට පැමිණ සිටියහ. තවද තේනුක ඩී.වී චානක ඇතුළු පිරිසක් කොලඹ මල්ශාලාව සම්බන්ධීකරණය කිරීමට බාරගෙන තිබිණි.මාධ්‍ය විසින් නාමල්ගෙන් වොයිස්කට් එකක් ඉල්ලූ අතර නාමල් මේ වෙලාවක් නෙවෙයි කියා කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය. ඉන් අනතුරුව රාගම රෝහලේ පැය දෙකක් පමණ සිටි නාමල් නැවත කොලඹ බලා පැමිණියේ දැඩි ශෝකයෙනි.










