විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මැදපෙරදිග සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් සිට යුරෝපා රටවලට පලාගිය ජාවාරම්කරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට දැනටමත් පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘මව්රට’ට පැවැසීය.
පසුගිය මාසය තුළ සිදුකළ ‘යුක්තිය’ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙරට සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන්ගෙන් අදාළ සැකකරුවන් පලා ගිය විදෙස් රටවල් පිළිබඳ තොරතුරු හෙළිකරගෙන ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ අතර පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 17 සිට ජනවාරි 24 දක්වා වූ දින 41 තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 41,587ක් සිදුකොට සැකකරුවන් 41,267ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම සැකකරුවන් අතර කාන්තාවන් 1,171ක්ද වෙයි.
රඳවාගැනීමේ නියෝග ලබාගෙන ඇති පිරිස 1,774ක් වන අතර, පුනරුත්ථාපනය සඳහා 1,886 දෙනකු යොමුකොට ඇත.
සැකකරුවන්ගෙන් 224කගේ වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කොට තිබේ.
අදාළ වැටලීම් අතරින් හෙරොයින් වැටලීම් 15,065ක් සිදුකොට හෙරොයින් කිලෝග්‍රෑම් 135යි ග්‍රෑම් 990යි මිලිග්‍රෑම් 856ක් සොයාගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 88,654ක් සිදුකොට අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 412යි ග්‍රෑම් 485යි මිලිග්‍රෑම් 858ක් සොයාගෙන ඇති අතර, ගංජා වැටලීම් 15,864ක් සිදුකොට ගංජා කිලෝග්‍රෑම් 757යි ග්‍රෑම් 824යි මිලිග්‍රෑම් 749ක් සහ ගංජා පැළ 25,53,115ක් සොයාගෙන තිබේ.
මත්පෙති වර්ග 1,29,837ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
ප්‍රේමලාල් විජේරත්න










