පවුල් ආරවුලක් මුල්කරගෙන ඉතාලියේ රෝමයේ මාවතකදී ශ්‍රී ලාංකිකයකු විසින් සිය ලාංකික බිරියට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරනු ලැබ ඇත.
මෙම කාන්තාව 40 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර සැමියා 49 හැවිරිදිය.
දෙදෙනා අතර මීට දින කිහිපයකට පෙර සිදුවූ ආරවුලක් මුල් කරගෙන බිරිය වෙනත් නිවෙසක රැදී සිට ඇති බව රෝම මාධ්‍ය වාර්තා කොට ඇත.
කෙසේවෙතත් පසුගිය දිනෙක සිය බිරිය වෙළෙදසැලක සිටිනු දැක ඇති සැමියා නැවත වතාවක් නිවෙසට පැමිණෙන ලෙසට ඇයට ඇවිටිලි කර ඇති බව දැනගන්නට ඇත.
නමුත් ඊට විරෝධය පළ කිරීමෙන් අනතුරුව සැමියා විසින් සගවාගෙන සිටි තියුණු ආයුධයක් ගෙන ඇයට ඇන ඇති බව පැවසේ.
පසුව රෝම පොලිසිය විසින් ඇය රෝහල්ගත කොට ඇතත් එහිදී ඇය මියගොස් ඇති අතර සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ඇත.










