යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යනය අංශයේ තාවකාලික කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් සිටි ශ්‍රී රංජනී කුමාරස්වාමි මහත්මිය කොවිඩ් ආසාදිතව මියගොස් ඇත.
ඇය කොවිඩ් ආසාදනයට ලක්වන්නේ ඇයගේ ගම් ප්‍රදේශය වූ ආරියාලේදී බව වාර්තා වේ.
ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඉකුත් 28 දින සිය ජීවිතයෙන් සමුගෙන ඇති අතර මියගිය ඇයගේ ආදාහන කටයුතු එදිනම සිදු කොට ඇති බව දැනගන්නට ඇත.










