ශ්‍රී ලංකා, බ්‍රිතාන්‍යය සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් Lindsay Hoyle අතර හමුවක් පසුගියදා පැවැති අතර මෙහිදී ඒ පිළිබඳව සාකච්ජාවට බදුන් වී තිබේ.
එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු කථානායකවරයා ඊට එකඟතාවය පළකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මීට අමතරව ශතවර්ෂ ගණනාවකට පෙර ශ්‍රී ලංකාව – එක්සත් රාජධානියේ ඉතිහාසය ගැන සඳහන් කරමින්, වෙළඳ, ආයෝජන, සංචාරක, ජනතාව අතර සම්බන්ධතා, අධ්‍යාපනය සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන්ගේ සහයෝගය වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද එහිදී සාකච්ඡා වී ඇත.











