මැයි පළමු වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයදා කොළඹට විශාල ජනකායක් කැඳවා අතිඋත්කර්ෂවත් ආකාරයට මැයි දින පෙළපාළියක් පැවැත්වීමට මේ වන විට සියලු පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා නිකුත් කෙරුණු මත විමසුමට අනුව ඉදිරි ජාතික මැතිවරණයකදී තම ඡන්ද ගොඩ ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් යුතුව මෙසේ සියලු දේශපාලන පක්ෂ මෙවර මැයි දින රැලිය සඳහා වැඩි බරක් තබා කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, මත විමසුමේ 39%ක් ලබා ඉහළින්ම සිටින සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය මෙවර මැයි දිනයේදී ඉතිහාසයේ කිසිදු දේශපාලන පක්ෂයක් සිදු නොකළ ආකාරයට ලක්ෂය ඉක්මවූ ජනතාවක් කොළඹට කැඳවා මැයි දින රැලිය පැවැත්වීමට තීරණය කොට ඇත.
මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයද, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයද, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවද ඉහළ ජනතා සහභාගිත්වයෙන් යුතුව මැයි දින රැලිය කොළඹදී පැවැත්වීමට තීන්දු කොට තිබේ.