• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දම එපා! අප්‍රේල් වෙනකම් ලග්න පලාපල බලාගන්න! Sri Lanka Latest News

January 12, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

මම සූදානම් වෙන්නේ 2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 13 වැනිදා දක්වා කාලය සඳහා පලාපල විස්තරයක් ගෙන එන්න. අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද විදියට සලකන්නේ අප්‍රේල් මාසයේ උදාවන සූර්ය වර්ෂය. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ජනවාරියේ සිටම තමන්ගේ ලග්න පලාපල දැනගන්න. නමුත් නක්ෂත්‍ර විද්‍යාවට අනුව නම් අප්‍රේල් මාසය තමයි වැදගත්ම දේ සිද්ධ වෙන්නේ. නමුත් දැන් අපි 2025 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 13 වැනිදා දක්වා ලග්න දොළහට අදාළ පලාපල මොනවද කියලා බලමු. (Sri Lanka Latest News)

මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ ජනවාරි 01 වැනිදා දවස ආරම්භ වන විට 12 වැන්නේ රාහු ග්‍රහයාගේ ගමන සිදුවෙනවා. ඒක තරමක් හොඳ මදි. හැබැයි තිබුණු තත්ත්වයක් හැටියට හොඳ තත්ත්වයක්. මේ වසරේ පළමු කාර්තුව ඇතුළත 12 වැන්නේ පිහිටන නෙප්චුන් සමග රාහු ග්‍රහයාගේ තරමක සංයෝගයක් හටගන්නවා. ඒ සංයෝගය ධනාත්මක ඍණාත්මක කියන දෙපැත්තටම බලපානවා. එකක් තමයි අධ්‍යාපනය පැත්තෙන් ගමන් කරන මේෂ ලග්න හිමියන්ට මේක තමන්ගේ කටයුතු වේගවත් කරගන්න හොඳ අවස්ථාවක්. ඒ තත්ත්වය හරියට පිරිපහදු කරලා ගත්තේ නැත්නම් ලෝකයට නොගැළපෙන, යථාර්ථවාදී නොවන කාල්පනීක මට්ටමේ දේවලට පටලැවිලා වැරැදි තීන්දු ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන්ට පොදුවේ දෙන්න තියෙන පළමු පණිවුඩය තමයි ඔබේ රැකියාව, අධ්‍යාපනය හෝ තමන් තෝරාගත් ගමන් මාර්ගය පිළිබඳ මේ වෙලාවේ අනවශ්‍ය කලබලයකින් යමක් වෙනස් කළයුතු නැහැ. තෝරාගත් මාර්ගය දිගේම යන්න. මොකද මේ මාසයෙන් පස්සේ කොහොමත් ඔබේ ගමන් මාර්ගය වඩා බලවත් සුවපහසු තත්ත්වයකට පත්වෙනවා.

ගුරු ග්‍රහයා ගමන් කරන්නේ ලග්නයේ දෙවැන්න වන වෘෂභ රාශියේ. ජනවාරි 01 වැනිදා වනවිටත් ගුරු ග්‍රහයා වක්‍රව ඉන්නවා. ඒක තරමක් හොඳ මදි මූල්‍ය ශක්තියට, අධ්‍යාපනයට සහ යුග ජීවිතයට. ආහාර පානාදියෙන් බොහෝ පරිස්සම් වෙන්න අවශ්‍යයි. මූල්‍ය පරිහරණයේදී ආහාර පරිභෝජනයේදී විශේෂයෙන්ම අනෙකා සමග සංවාද කිරීමේදී තරමක පරිස්සමක් තබාගැනීම වැදගත්. මොකද වැරැදීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් මේ තත්ත්වය පෙබරවාරියෙන් පසුව වෙනස් වෙලා මේෂ ලග්න හිමියන්ට සුබදායී බවට පත්වෙනවා. ඒ අනුව, අධ්‍යාපන, ධනෝපායන මාර්ග නැවත ප්‍රකෘති මට්ටමෙන් පටන්ගන්න පුළුවන්.

රාහු ග්‍රහයාගේ ප්‍රතිවිරුද්ධ අන්තය තමයි කේතු. කේතු දැනට ඉන්නේ 6 වැන්නේ. ඒක සෞඛ්‍ය තත්ත්වයට හොඳ මදි. දරු පල අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන්, ගර්භාෂය සම්බන්ධ ගැටලු තියෙන කාන්තාවන් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා.
වැදගත්ම දේ තමයි සෙනසුරු. සෙනසුරු ඉතා බලවත්ව ඔබේ කේන්ද්‍රයේ 11 වැන්නේ නිරුපද්‍රිතව ගමන් කරනවා. ඒක බලවත් දෙයක්. කේන්ද්‍රයක 11 වැන්න බලවත් වූ සැණින් ඔබ කරන සෑම කටයුත්තකම හොඳ පල ලැබෙනවා. ඒ හේතුව නිසා මේෂ ලග්න හිමියාට අනෙකුත් සියලු බාධක මැඬගෙන ආර්ථික වශයෙන් වෘත්තීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් සහ යුග ජීවිතය සම්බන්ධයෙනුත්, සමාජ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් පැහැදිලි විශ්වාසයක් සහිතව ගමනක් යන්න හැකියාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයාගේ මාරුවක් සිදුවෙනවා මාර්තු මාසයේදී. ඒ යන්නේ ලග්නයේ 12 වැන්නට. මේෂ ලග්න හිමියන් අනවශ්‍ය ආකාරයට බය වෙන්න එපා. ඒරාෂ්ටක ලබනවා කියලා. ඒවාට මැණික් ගල් දාලා හරියන්නෙත් නෑ, යන්ත්‍ර මන්ත්‍ර කරලා හරියන්නෙත් නෑ. ඔබේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ ස්වභාවය මත තමයි ඒ තත්ත්වය තීන්දු වෙන්නේ.

සෙනසුරු 12 වැන්නට පිවිසීම නිසා මේෂ ලග්න හිමියා අනවශ්‍ය පරිදි කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. උපතේදී සෙනසුරු කුමන ආකාරයෙන් සිටියත් 11 වැන්නේ ගමන් කරන ග්‍රහයා විසින් ඔබට දෙන්න පුළුවන් සුබ පල සේරම දෙනවා. මේෂ ලග්න හිමියා මේ ඉන්නේ සංක්‍රාන්තිමය තැනක.

වෘෂභ ලග්නය
2025 වෘෂභ ලග්න හිමියන්ගේ වසර විදියට හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියා මේ වසරේදී සෑහෙන මට්ටමේ බලවත් සාධක රාශියක් සහිතවයි මේ අලුත් කාලපරිච්ඡේදය ආරම්භ කරන්නේ. සෙනසුරු 10 වැන්නේ ගමන් කරනවා ඉතා බලවත් ආකාරයට. රාහු ග්‍රහයා ගමන් කරනවා 11 වැන්නේ. ඒත් බලවත් ආකාරයෙන්. ඒ ස්ථානයේම ඉන්නවා නෙප්චූන්. යුරේනස් ගමන් කරමින් ඉන්නවා 12 වැන්නේ. ගුරු ග්‍රහයා වක්‍රභාවයෙන් යුතුව වුණත් ලග්නය මත ගමන් කරනවා. මේ වගේ ග්‍රහචාරයක් වෘෂභ ලග්න හිමියකුට ලැබීමම භාග්‍යයක්. ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කරන වෘෂභ ලග්න හිමියකුට ඕනෑම අභියෝගයක් මැඬගෙන ජයග්‍රහණය කරන්න පුළුවන්.

පහුගිය කාලයේදී (ජුනි 30 – නොවැ. 16) සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර ගමනෙදී නම් වෘෂභ ලග්න හිමියන්ට කිසිම සුබ පලයක් අත්පත් කරගන්න බැරිවුණා. නමුත් ඔවුන් ඒ මදිපාඩුවත් පියවාගෙනම මේ 2025 පෙබරවාරියේ සිටම විජයග්‍රාහීව නැගීසිටිනවා. ඔහුටත් පුදුම හිතෙන්න පුළුවන් මම කොහොමද මේ විදියට නැගීසිටියේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි 10 වැන්න. 10 වැන්න තමයි කේන්ද්‍රයක තිබෙන ආලෝකම මුදුන. ඒ ස්ථානයේ සෙනසුරු සිටීම වෘෂභ ලග්න හිමියන්ට ඉතාම බලවත්. පසුගිය කාලයේ සෙනසුරු දුර්වලව හිටියත් දැන් සෙනසුරු ගමන් කරන්නේ බලවත් තැනක. තමන්ගේ ව්‍යාපාර පටන්ගන්න අයට, සමාජ දේශපාලන කටයුතුවල නායකත්වය දරන අයට, රැකියාවක් සොයමින් සිටි අයට භේදයක් නැතුව පොදුවේ මේ තත්ත්වය භුක්ති විඳින්න ලැබෙනවා.

රාහු 11 වැන්නේ සිටිමින් ලැබෙන ජයග්‍රහණය දෙගුණ තෙගුණ කරලා දෙන ග්‍රහයා. විශේෂයෙන්ම බලය පැතිරවීම නෙප්චූන්ගෙන් එන බලයක්. ඕනෑම කෙනෙක්ව තමා කෙරෙහි ආකර්ෂණය කරගැනීමට හැකියාව තිබෙනවා. කාලයක් මුළුගැන්විලා සිටි අයට එකවරම යම් තේජස්භාවයකින් යුතුව නැගීසිටීමේ අවස්ථාව ලැබීමේ ඉඩ තිබෙනවා. වෘෂභ ලග්න හිමි අයට හැම අංශයකින්ම සුබ පලදායකයි. අධ්‍යාපනය ලබන කුමන වයසක කෙනකුට වුණත් පැහැදිලිවම වාසිදායක තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික, දේශපාලන, සිනමාව, කලාව, සංගීත, ජනමාධ්‍ය ක්ෂේත්‍රය යන ඕනෑම අංශයක ඉන්න අයට ජයග්‍රාහී අවස්ථාවක් උදාවෙනවා. මේ තත්ත්වය අපේ්්‍රල් මාසයෙන් පසුව තවත් වර්ධනය වෙනවා.

මේ සුබ දේවල් අතර අසුබ කරුණු කිහිපයකුත් තියෙනවා. ඒ තමයි, රාහු සහ නෙප්චූන් 11 වැන්නේ එකතු වෙද්දී කීර්තිය සහ ප්‍රශංසාව ලැබෙන නිසා ටිකක් කලබලකාරී ගති ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සිහි විකල්වෙලා වගේ කටයුතු කරන්න පුළුවන්. ඒක වළක්වා ගන්න අවශ්‍යයි. යුරේනස් ග්‍රහයා 12 වැන්නේ ගමන් කරන නිසා නින්දට බාධා ඇතිවෙනවා. ඇස් සම්බන්ධයෙනුත් ප්‍රවේසම් විය යුතුයි. සූර්ය පිරිත, අභිසම්භිධාන පිරිත, බොජ්ඣංග පිරිත කියනවා නම් මේ බාධා මඟහරවා ගන්න පුළුවන්.

මිථුන ලග්නය
මිථුන ලග්නය, 2025 වසරේ විජයග්‍රාහී ලග්නයක් විදියට හඳුන්වන්න පුළුවන්. දැනට තියෙන ග්‍රහ පිහිටීම ගත්තම රාහු ග්‍රහයාගේ ගමන 10 වැන්නේ. ඒක බලවත් ස්ථානයක්. සෙනසුරු ගමන් කරමින් ඉන්නේ 9 වැන්නේ. ගුරු ග්‍රහයා ගමන් කරමින් ඉන්නේ 12 වැන්නේ. ඒ ස්ථානයේම තමයි යුරේනස්ගේ ගමනත් සිදුවෙන්නේ. මේ ග්‍රහ පිහිටීම් ටික වෙනස් වෙනවා. මිථුන ලග්න හිමියාගේ ජීවිතයේ රැකියාව, වෘත්තිය, අධ්‍යාපනය සම්බන්ධව මෙතෙක් තිබුණු පසුබෑම් තත්ත්වයන්, අපේක්ෂා භංගත්වයන් වෙනස් වෙන වසර තමයි 2025 කියන්නේ. වසර ආරම්භයේ සිටම මේක දැකගන්න ලැබේවි.

විශේෂයෙන්ම පෙබරවාරි මැදභාගය වනවිට ගුරු ග්‍රහයාගේ නිවෘත වීම සිදුවෙනවා. ඉන් පසු ඒ ග්‍රහයා ගමන් කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ලග්නය මුලට. ගුරු සිද්ධාන්තයක් හැටියටම ඕනෑම ලග්නයකට ලග්නභාවයට පිවිසීම බලවත් අවස්ථාවක් විදියට සැලකෙනවා. මේකෙන් පේන්නේ ඒ පුද්ගලයා තුළ තිබුණු ප්‍රතිභාව, කුසලතාව ඔප්නැංවීම. සමාජයේ යම් සම්භාවනාවකට පත්වීම. ඒ අය නැවත ඉගෙනගන්න පටන්ගන්නවා. එකම දෙයක් කරන්න තියෙනවා. තමන් මෙතෙක් යම් ක්ෂේත්‍රයක නිරත වෙලා සිටියා නම්, ඒ ක්ෂේත්‍රය මොනම හේතුවක් නිසාවත් අතහරින්න හොඳ නැහැ. තමන් මෙතෙක් පැමිණි ගමන් මාර්ගයේ ගියොත් පමණයි ඔවුන් ජයග්‍රහණ ලබන්නේ. මොකද සෙනසුරු ඔවුන්ගේ කේන්ද්‍රයේ 10 වැන්නේ බලවත් වෙනවා. ඒ වගේම නැගෙනහිර දිශාවේ ගුරු ග්‍රහයාගේ බලවත් වීම සිදුවෙනවා. නෙප්චූන් ග්‍රහයාත් බලවත් ස්ථානයකයි ගමන් කරමින් ඉන්නේ. මේ සියල්ලම මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ බලවත් ශක්ති මධ්‍යස්ථානයක්. මේක දුර්ලභ අවස්ථාවක්. තරමක් දුරට පීඩනකාරී තත්ත්වයක් ඇතිකරන්නේ යුරේනස් පමණයි. නමුත් ඒකෙන් පෙන්වන්නේ අතිධාවනකාරී තීන්දු ගන්න එපා කියන එකයි. විප්ලවකාරී තීන්දු ගත්තට කමක් නැහැ. නමුත් මෙතෙක් තමන් ආපු ගමන් මාර්ගය අමතක කරලා අලුත් මාර්ගයකට යන්නේ නැතුව සුපුරුදු ගමන් මාර්ගයේම අලුත් අදියකට මාරුවීම තමයි මේකෙන් පෙන්වන්නේ. දේශපාලන, ව්‍යාපාරික, සිනමාව කලාව සංගීතය ආදී ඕනෑම ක්ෂේත්‍රයක නියැළිලා ඉන්න මිථුන ලග්න හිමියන්ට මේ අවස්ථාව අලුත් ආරම්භයක් විදියට යොදාගන්න පුළුවන්.

ධනය, මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතයේ කාලයකට පස්සේ යම් සාරවත්භාවයක් විශ්වසනීය ලෙස තමන්ගේ ආදායම් මාර්ග සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙන්නේ. රැකියා බලාපොරොත්තුව සිටි මිථුන ලග්න හිමියන්ට මේ කාලය හොඳට පාවිච්චියට ගන්න පුළුවන්. අධ්‍යාපනයේ නිරත වෙලා සිටින මිථුන ලග්න හිමියන්ටත් මේක හොඳ කාලපරිච්ඡේදයක් විදියට සලකන්න පුළුවන්.

ආහාර පාන රටාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන්න සිදුවෙනවා. එහෙම නැත්නම් නිධන්ගත රෝග ඉස්මතු වෙන්න පුළුවන්. බෝ නොවන රෝගවලට බහුල වශයෙන් ගොදුරු වීමේ හැකියාවකුත් තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටලු ඇති අය, ගර්භාෂගත රෝග ඇති අය, ස්නායු, අස්ථි, සන්ධි ආශ්‍රිත රෝග ඇති අයත් වඩාත් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා. ඒ හැර මිථුන ලග්න හිමියන් 2025 අවුරුද්දේ අනෙක් සෑම අංශයකින්ම නැගී සිටීමක් සිදුවන බව වසර ආරම්භයේ සිටම දැකගන්න ලැබේවි.

කටක ලග්නය
කටක ලග්න හිමියන්ට 2025 ආරම්භ වෙද්දී සෙනසුරු ගමන් කරමින් සිටින්නේ 8 වැන්නේ. 8 වැන්නේ ගමන් කරන සෙනසුරු සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ. සෙනසුරු එතැනින් මාරුවෙනවා. හැබැයි ඔබ සැලකිලිමත් විය යුත්තේ සෙනසුරු ගැන නෙවෙයි, 9 වැන්නේ ගමන් කරමින් ඉන්න රාහු ග්‍රහයා ගැන. ඔබ අධ්‍යාපනය ලබමින් ඉන්නවා නම්, යම් රැකියාවක නිරත වෙලා ඉන්නවා නම්, තෝරාගත් කිසියම් ක්ෂේත්‍රයක ගමන් කරමින් ඉන්නවා නම් ඒ ක්ෂේත්‍රයෙන් ඔබව ඉවතට ඇද දැමීමට තමයි විශේෂ බලපෑමක් ඇතිවෙන්නේ. ඒ බලපෑම ඇතිවුණාම කෙනකුට තමන් ඉන්න ක්ෂේත්‍රය මාරු කරන්න හිතෙනවා. පසුබෑම් ඇතිවෙනවා. ඒ පසුබෑම් ඇති වෙනකොට ඔහු හිතුවොත් මම මේ කරන දේ හරියන්නේ නෑ, අලුත් දෙයක් කළොත් හරි යයි කියලා, ඒ කරමින් හිටපු දේ කඩාවැටෙනවා. ඒ වගේම අලුතින් කරන්න යන දේ කොහොමත් වැටෙනවා. ඒ නිසා ලබන මැයි මාසය වනතුරුම ඔබ දැනට කරමින් ඉන්න දේම අඛණ්ඩව කරන්න අවශ්‍යයි. ඒකේ බාධක නොතකා වැඩ කිරීමෙන් තමයි ජයග්‍රහණ ලබන්න හැකියාව තියෙන්නේ. අධ්‍යාපන, ප්‍රේමය හා විවාහය, සමාජ, ආර්ථික, දේශපාලන ක්ෂේත්‍රයේ නියැළී ඉන්න අයට, තමන්ගේම ව්‍යාපාර පටන්ගන්න හදපු අයට බාධක තිබුණා. ඒ බාධාව එන්නේ ඒ පටන්ගත්ත දේ කරගන්න බැරිවෙන විදියේ අභ්‍යන්තර හා බාහිර පීඩන නිසා. මේක අවසන් වෙන්න තියෙන්නේ තව කෙටි කාලයක්. ඒ නිසා මේ කෙටි කාලයේදීත් තමන් තෝරගත්ත මාර්ගයේම ගමන් කිරීමෙන් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. මේක කටක ලග්න හිමියන්ට දෙන්න තියෙන ප්‍රබලම පණිවුඩයක්. මැයි මාසෙන් පස්සේ ඔබේ තත්ත්වය කොහොමත් වෙනස් වෙනවා.

කොඳුඇට පෙළේ යටි කොටස ආශ්‍රිතව, අක්මාව, වකුගඩු සම්බන්ධව නිධන්ගත රෝග තියෙන අය පරිස්සම් වීම වැදගත් වෙනවා. සෙනසුරු 8 වැන්නේ ඉන්න නිසා අනෙක් කටක ලග්න හිමියන් අනවශ්‍ය ලෙස බිය වීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. සෙනසුරු 8 වැන්නේ ඉන්න අවස්ථාවල හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. කල්ගිය උසස්වීම්, නඩු හබවලින් ජයග්‍රහණ වගේ දේවල් සෙනසුරු 8 වැන්නේ ඉන්න අවස්ථාවලදී අනපේක්ෂිත ලෙස ලැබෙනවා.

ඔබේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා ගමන් කරමින් ඉන්නේ හොඳ තැනක. ඉතාම පැහැදිලිව ඔබේ ජීවිතයේ මේ වසරේ පළමු මාසය හමාර වෙනවාත් සමගම ආර්ථික වශයෙන්, වෘත්තීය වශයෙන් සහ ලාභාංශ වශයෙන් මෙතෙක් පැවැති බාධා මැඬගෙන ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා. රාහු සහ නෙප්චූන් ග්‍රහයන් දෙදෙනාගේ පිහිටීම විශේෂයි. රාහුගෙන් යම් විෂ තත්ත්වයක් ඇතිකරලා දුන්නත්, නෙප්චූන්ගෙන් ඇතිකරලා දෙන්නේ නිර්මාණශීලීභාවයක්. ඔබටම අනන්‍ය වූ නිර්මාණශීලී ක්‍රමයකින් ප්‍රශ්න විසඳා ගැනීම හා තවත් ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. කෙටි කලකට රාහු සහ නෙප්චූන් සංයෝග වෙනවා. මැයි මාසය වෙනතුරු ඔබේ ජීවිතය පිළිබඳ, රැකියාව පිළිබඳ දිගු කාලයකට බලපාන තීන්දු ගැනීමෙන් වැළකී සිටීම වාසිදායකයි. සමස්තයක් වශයෙන් ගත්තම කටක ලග්න හිමියා ගතකරමින් ඉන්නේ දුෂ්කර කාලයක අවසානභාවය. පසුගිය කාලේ පසුබෑමකට ලක්වුණා නම් ඔවුන්ට නැගීසිටීමේ හැකියාව ලැබෙනවා. අනපේක්ෂිත ආකාරයෙන් නැගීසිටීමට පුළුවන් වෙනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, තරගකාරී රැකියාවල නිරත අයටත් ඉදිරියට යෑමට සුදුසු කාලයක් තමයි උදාවෙන්නේ. ඒ වගේම විවාහ ජීවිතයේ යම් පීඩනයක් තිබුණා නම් ඒ පීඩනයන්ද නුදුරේදීම දුරුවෙන බවත් කියන්න පුළුවන්.

සිංහල ලග්නය
සිංහල ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සෙනසුරු ගමන් කරමින් ඉන්නේ 7 වැන්නේ. 2024 ජුනි 30 වැනිදා ඉඳලා නොවැම්බර් 16 අතර කාලයේ නම් සිංහ ලග්න හිමියන්ට සෑහෙන මට්ටමේ පීඩනයක් තිබුණා. ඒ තමයි 7 වැන්න සෙනසුරුට ඉතාම හොඳ ස්ථානයක් වුණත්, ඒ කාලයේදී සිංහල ලග්න හිමියන් නොසෑහෙන පීඩාවන් සිදුවුණා. කායික මානසික වශයෙන් සෑහෙන පීඩනයක් ඇතිවුණා. නොවැම්බර් 16 දිනයෙන් පසුව ඒ පීඩනයන්ට වඩා යම් සහනයක් ලැබෙන්න පටන් ගන්නවා.
2025 අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල වනවිට 7 වැන්නේ ඉන්න සෙනසුරු යන්න හදන්නේ 8 වැන්නට. සෙනසුරු 8 වැන්නට යෑම නිසා සුවිශේෂ පීඩනයක් ඇතිවෙන්නේ නැහැ. මේකේ හොඳ පැත්තක් තියෙනවා. අක්මාව, වකුගඩු, පිත්තාශය, කොඳුඇට පෙළේ යටි කොටස සම්බන්ධ නිධන්ගත රෝගවලින් පෙළෙන අය පරිස්සම් වෙන්න ඕනේ. ආහාර පානවලින්, ඇවතුම් පැවතුම්වලින් ප්‍රවේසම් වෙන්න කියන එකයි සෙනසුරු 8 වැන්නට ඒමේදී මතක් කරන්නේ. එවැනි රෝග තියෙන සිංහල ලග්න හිමියන් දැන් සිටම තමන්ගේ චර්යා රටාවන් ගැන පරිස්සම් වෙන්න.

යම් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට, අධ්‍යාපනය ලබන කෙනෙක්ට, අධ්‍යාපනයේ දියුණුවක්, ව්‍යාපාරික අවස්ථාවකින් ස්ථාවරභාවයක්, නඩුවකින් ජයග්‍රහණයක් වුණත් මේ කාලයේදී ලබාගන්න පුළුවන්. නෙප්චූන් ග්‍රහයා ඉන්නවා 8 වැන්නේ. නෙප්චූන් කියන්නේ යම් ඇබ්බැහිකාරක ග්‍රහයෙක්. නෙප්චූන් හොඳට හිටියොත් තමයි භාවනා කරන්න පුළුවන්. මනස සමාධිගත කරගන්න පුළුවන්. ධ්‍යාන පවා වඩන්න පුළුවන්. අතීන්ද්‍රීය ඥානයක් ලබාගන්න වුණත් පුළුවන්.

ගුරු ග්‍රහයා සිංහ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ යන්න හදන්නේ බලවත්ම තැනට. කේන්ද්‍රයක 10 සහ 11 ස්ථාන බලවත් වීම කියන්නේ අනෙක් කුමන ග්‍රහ පිහිටීම් නරකට තිබුණත් ඒ සාධක එකක් දෙකක් හේතුකොට ගෙන අවාසිදායක තත්ත්වය මැඬපවත්වාගෙන ආර්ථික දියුණුව, වෘත්තීය දියුණුව තරගකාරී අංශයේ දියුණුව ලබන්න හැකියාව තියෙනවා. දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධව, නීතිය සම්බන්ධව, පරිපාලන ක්ෂේත්‍රය සම්බන්ධව ඉගෙනගන්න අයට වැඩි වාසියක් තියෙනවා. අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් ඉගෙනගන්න අයටත් මේකෙන් අමතර වාසියක් ලබන්න පුළුවන්.

යුරේනස් ග්‍රහයාගේ පිහිටීමත් එක්ක සිංහ ලග්න හිමියන් තුළ යම් හිතුවක්කාරී ගතියක්, අධිවේගී බවක් ඇතිකරලා දෙනවා. ඇතැම් විට ඒක හොඳයි. තවත් විටක ඒක නරකයි. තමන්ට එරෙහිව තියෙන බලවේග පිටුදැකීමට එවැනි බලයක් යෙදුවාට කමක් නැහැ. හැබැයි සාමකාමීව විසඳාගන්න පුළුවන් තැන්වලදී අධි බලය යෙදීම අහිතකර වෙනවා. ඒ නිසා මේක තේරුම් අරගත්තොත් සිංහ ලග්න හිමියන්ට ඉතා හොඳ ගමනක් යන්න පුළුවන්.

ආහාර පාන ගැනීමේදී ස්වභාවික ආහාරවලට වැඩි නැඹුරුවක් දැක්වීම යහපත් වෙනවා. ගින්දර, ගෑස්, විදුලිය සමග වැඩ කරන අය පරිස්සම් වෙන්න ඕනේ. සුරතල් සතුන්, කෘමි සතුන්ගෙන් හානි සිදුවෙන්න පුළුවන්.

කන්‍යා ලග්නය
සියලු කන්‍යා ලග්න හිමියන් 2025 ජනවාරි 01දා සිට මැයි මාසය දක්වා ගතකරන්නේ සංක්‍රාන්ති අවස්ථාවක්. තිබුණු නරක කාලය අවසන් කරලා සිටියාට වඩා සුවිශාල ජයග්‍රහණ ලැබෙන අවස්ථාවකටයි ගමන් කරමින් ඉන්නේ. දැනට කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නභාවයේ කේතුත්, බටහිර දිශාවේ රාහුත් ගමන් කිරීම හොඳ නැහැ. ඔවුන් තුළ තිබෙන අභ්‍යන්තර සහ බාහිර සමතුලිත බව බිඳවැටීමයි මේකෙන් වෙන්නේ. බාහිර සමාජයෙන් ඔවුන්ට අවශ්‍ය සහාය ලැබෙන්නේ නෑ. නමුත් මේ වසරේදී වෙන්නේ ඒ තත්ත්වය වෙනස් වෙන එකයි. ඒ අනුව ඔවුන්ගේ විශාල නැගීසිටීමක් සිදුවෙනවා. අධ්‍යාපනය, රැකියාව, ක්‍රීඩාව, සමාජ දේශපාලනය, ව්‍යාපාරික කියන සෑම අංශයකින්ම විශාල ජයග්‍රහණ ලැබීමේ භාග්‍යය කන්‍යා ලග්න හිමියන්ට මේ වසරේදී උදාවෙනවා. ඒ අවස්ථාව තමයි 2025 ජනවාරි 01 වැනිදා සිටම සනිටුහන් වෙන්නේ. එය සියලු කන්‍යා ලග්න හිමියන්ට බලාපොරොත්තුසහගත අවස්ථාවක්.

කන්‍යා ලග්න හිමියන් මෙතෙක් ගමන් කරමින් සිටි මාර්ගය, වෘත්තීය ක්ෂේත්‍රය වෙනස් කරන්න එපා. දැනට එම ක්ෂේත්‍රයේ පසුබෑමක් තිබුණත්, එම මාර්ගය ඔස්සේම දිගටම ගමන් කරන්න කියන එක තමයි ඔබට දිය යුතු අවවාදය. සෙනසුරු 6 වැන්නේ ගමන් කිරීම ඔබට සුබදායකයි. මාර්තු අග වෙද්දී ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු 7 වැන්නට මාරුවෙනවා. එතැනදී ඔබ ඉතා ස්ථාවර තත්ත්වයන්ට ගමන් කරනවා. බොහෝ විට බාහිර සමාජයෙන් ලැබෙන අනුග්‍රහය, ආකර්ෂණය කළමනාකරණය කරගැනීමේ හැකියාව ඔබට ලැබේවි. ගුරු ග්‍රහයා දැනට ඉන්න තැනට වඩා ඔබේ කේන්ද්‍රයේ 10 වැන්නට ගමන් කරනවා. ඒක සමාජමය වශයෙනුත්, වෘත්තීයමය වශයෙනුත්, අධ්‍යාපන අංශයෙනුත් ගමනක් යන්න සූදානම් වන අයට සුබ පණිවුඩයක්.

මේ සියලු කරුණු අනුව කියන්න තියෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට පෙර සිටියාට වඩා සුවිශේෂ ජයග්‍රහණ සහිත තැනකට ඔසවා තැබීමක් මේ වසරේදී සිදුවෙනවා කියන එකයි. මේ වෙනස පෙබරවාරි මාසයේ සිටම ඔබට දකින්න ලැබේවි.

පුංචි අඩුපාඩුවකට තියෙන්නේ නෙප්චූන් ග්‍රහයා 7 වැන්නේ ගමන් කිරීම. ඒ ස්ථානයට නෙප්චූන් ඒ තරම් සුදුසු නැහැ. මීන රාශියට නෙප්චූන් බලවත් වුණත් 7 වැනි භාවයේ සිටීම කියන්නේ මුළාවීමයි. යම් යම් දේ ගැන පහසුවෙන් ඔබ මුළාවෙන්න පුළුවන්. පුද්ගලයන් සම්බන්ධව, අවස්ථාවන් සම්බන්ධව, තෝරාගැනීම් සම්බන්ධව බරපතළ මුළාවන්ට ඔබ ලක්වෙන්න පුළුවන්. මේක යුග ජීවිතයටත් අදාළයි. හවුලේ කරන ව්‍යාපාරවලටත් සම්බන්ධයි. ඔබ මේ තත්ත්වය තේරුම් ගෙන සිටීම හරිම වැදගත් වෙනවා. මොකද නෙප්චූන් අවම වශයෙන් තවත් වසර 10ක්වත් මේ ස්ථානයේ ගමන් කරන නිසා. ඒ වගේම යුරේනස් ග්‍රහයාගේ පිහිටීමත් ඒ තරම් සුබ නැහැ. එයින් කියැවෙන්නේ තමන්ටම තමන්ව රුස්සන්නේ නැති ස්වභාවයක්. ඒ නිසා ඔබ අතිධාවනකාරී තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය වෙනවා.

තුලා ලග්නය
ඔබට මේ වසරේ වාසිදායක තත්ත්වය 50%යි, අවාසිදායක තත්ත්වයත් 50%යි. මැද මට්ටමේ පිහිටා තමයි තුලා ලග්න හිමියන් මේ වසර ආරම්භ කරන්නේ. මොකද මේ වනවිට තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 6 වැන්නේ රාහු ග්‍රහයාගේ ගමන ඉතා බලවත්. මොන බාධක ආවත් නිරිත දිශාව බලවත් වීම නිසා ඔවුන් තමන්ගේ ආර්ථිකය, මානසිකත්වය, සමාජ මට්ටම රැකගෙන අභියෝගාත්මක ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ලබනවා. නමුත් මේ ගමන ටික ටික අඩුවෙමින් යන්නේ. නිරිතේ බලය අඩුවෙනවා. එතකොට සිදුවෙන්නේ වරප්‍රසාදීත්වය, ඔරොත්තු දීමේ හැකියාව ටිකක් අඩුවීමයි. ඒ අවාසිය පියවන්න තවත් මාරුවක් සිදුවෙනවා. ඒ තමයි මාර්තු අග වනවිට දැනට 5 වැන්නේ ගමන් කරන සෙනසුරු 6 වැන්නට එනවා. එක පැත්තකින් පාඩුවක් වුණාට අනෙක් පැත්තෙන් ඒ පාඩුව පියවලා දෙනවා.

6 වැන්නේ සෙනසුරු බලවත්. ඒ වගේම නිරිත දිශාවට එන සෙනසුරු රාහුට වඩා බලවත්. නමුත් රාහු 5 දී කරන විපරීත තත්ත්වයක් තියෙනවා. තමන් යන මාර්ගයෙන් ඉවත් කරන්න බලනවා. රැකියාවක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, අධ්‍යාපන ධාරාව වෙන්න පුළුවන්, පදිංචි ස්ථානය වෙන්න පුළුවන්, විවිධ මානසික ව්‍යාකූලතා හදනවා. මේ ගමන කරදර වැඩියි, මේක අතහැරියොත් ඔක්කොම හරි වගේ දේවල්. ඒ නිසා තුලා ලග්න හිමියන්ට පොදුවේ දෙන්න තියෙන උපදේශය තමයි ඔබ දැනට නියැළිලා ඉන්න ක්ෂේත්‍රය කුමක් වුණත් එය වෙනස් කරන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ දැනට ඔබ යන ගමනේ පීඩනය වැඩි වුණත් ඒකෙන් ඉවත් වෙන්න එපා කියන එකයි. මේක විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අයට බලපානවා. සමහරු එක අධ්‍යාපන ධාරාවක් තොරගෙන ටික කාලයක් ගියාම කියනවා මේක අමාරුයි, ඒ නිසා මාරුකරන්න ඕනේ කියලා. නමුත් මාරුකරපු හැටියේ වෙන්නේ මෙතෙක් කල් ඉගෙනගත්තු දේත් නැතිවෙනවා, අලුතෙන් කරන්න යන දේත් කඩාවැටෙන එක. සමහරු රැකියාවෙන් කරදරයි කියලා ඒ රැකියාව මාරුකරනවා. එතකොටත් වෙන්නේ අර වගේම කඩාවැටීමක් විතරයි.

විදේශ රැකියා, විදේශ මුදල්, විදේශ වෙළෙඳ ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ට පෙරට වඩා වැඩි වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙන අයටත් බොහෝ ජයග්‍රහණ ලැබෙන වසරක්.

නෙප්චූන් ග්‍රහයාගේ ගමන ඔබට ඒ තරම් සුබ නෑ. නිධන්ගත රෝග ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒවා ස්නායුවලට සම්බන්ධ, හෝමෝනවලට සම්බන්ධ රෝග වෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ සමතුලිත බව බිඳවැටීම හේතුවෙන් ඇස්වලට, කන්වලට, නාසයට, මුඛ ප්‍රදේශයට, මොළයට මේ රෝග අවදානම වැඩිපුර තිබෙන බවත් කියන්න පුළුවන්. ඒ නිසා ඔබ කුමන ආගමක් ඇදහුවත්, ඒ ආගමට අනුව පොඩි භාවනාවක යෙදිලා හිත සංසුන් කරගැනීමකට යොමුවුණොත් මේ රෝගී තත්ත්වයන් පහසුවෙන් සමනය කරගන්න පුළුවන්. ඔබ බෞද්ධයෙක් නම් අභිසම්භිධාන පිරිත, චන්ද පිරිස සහ සූරිය පිරිත ශ්‍රවණය කිරීමෙන් මෙම රෝග වැලඳීමට පෙර වළක්වා ගන්න පුළුවන් වෙනවා. ආහාර පාන ගැන සහ ඇවතුම් පැවතුම් ගැන වඩාත් සැලකිලිමත් වීමෙනුත් මේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියි. හවුල් ව්‍යාපාරවලදී, දේශපාලන කටයුතුවලදී අවධානයෙන් ඉන්න සිදුවෙනවා. යුරේනස් අටවැන්නේ ගමන් කිරීම නිසා ගින්දර, ගෑස්, විදුලිය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වෙන්න.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන් 2025 වසර ආරම්භයේ සිටම ගමන් කරන්නේ 50ට 50 තත්ත්වයක. ඔවුන් තමන්ගේ රැකියාවෙන්, වෘත්තියෙන් පැහැදිලිවම ජයග්‍රහණ ලබන වසරක් තමයි 2025. අධිවේගයකින් වැඩකරන කාලයක්. ඇතැම් විට පමණ ඉක්මවන වේගයක් බවට පත්වෙන්න පුළුවන්. ඔබ කොයි තරම් ප්‍රවේසම් වුණත් ඔබේ රුධිරගත සීනි සහ රුධිරගත අහිතකර මේදය ඉහළ යෑමේ ප්‍රවණතාවක් මේ වසරේදී දක්නට ලැබෙනවා. නිධන්ගතව එම රෝග සහිත අයට මේක දැඩි අවදානමක් ගෙන දෙන්න පුළුවන්. එවැනි රෝගාබාධ සහිත වෘශ්චික ලග්න හිමියන් ඉදිරි වසරක කාලය පුරාම ප්‍රවේසම් වීම වැදගත්. එහෙම නැතිනම් ආමාශය, ගලනාලය, අක්මාව, වකුගඩු, පිත්තාශය වගේ ඉන්ද්‍රියන්වල අහිතකර තත්ත්වයන් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආහාර පාන, ඇවතුම් පැවතුම්වලින් ප්‍රවේසම් වීම ඉතා වැදගත්.
මේ වසරේදී ඔබේ සිතුවිලි වේගවත් වෙනවා. නිතර ආතතියට පත්වෙනවා. හිතේ නිවනක් නැති ස්වභාවයක් ඇතිවෙනවා. ඒ නිසා හිත සංසුන් කරගන්න පුළුවන් නම්, අධ්‍යාපන, වෘත්තිය, ව්‍යාපාර ආදී ඕනෑම ක්ෂේත්‍රයක දිගු ගමනක් ඔබට යන්න පුළුවන්.

4 වැන්නේ ඉන්න සෙනසුරු 5 වැන්නටත්, 5 වැන්නේ දැනට ඉන්න රාහු 4 වැන්නටත් ගමන් කරනවා. කාලසීමාව මාස 2ක වගේ වෙනසක් වුණත් ඒ මාරුව සිදුවෙනවා. ඒක වෘශ්චික ලග්න හිමියන්ගේ ජීවිතවලට සුවිශේෂ පරිවර්තනයක්. හිතන විදිය, ආකල්ප, වැඩකරන ක්‍රමවේදය පැහැදිලිව වෙනස් වෙනවා. රැකියා ස්ථානයේ අර්බුද, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. නමුත් තමන් මෙතෙක් තෝරාගත්ත මාර්ගය, වෘත්තීය ක්ෂේත්‍රය වෙනස් කරන්න එපා. හිසරදයට කොට්ට මාරුකරනවා වගේ රැකියාව මාරු කරමින් යන ගමනේදී ඔබට ජයග්‍රහණයක් ලැබෙන්නේ නෑ. අලුත් ව්‍යාපාර, වෙළෙඳාම් කටයුතු පටන්ගැනීම නම් ඒ තරම් සුදුසු නැහැ.

නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීම ඔබට ආකර්ෂණීය බවක් ගෙනදෙන බලවත් පිහිටීමක්. සිනමාව, කලාව, සංගීතය ආදී නිර්මාණශීලී ක්ෂේත්‍රවල ඉන්න අයට මේක බලවත් ලෙස භාවිත කරන්න පුළුවන්. අලුත් නිර්මාණ කරන්න පුළුවන් වෙනවා. ඒවායින් ඔවුන්ට පෙර වඩා වාසිදායක තත්ත්වයන් ලබාගන්න පුළුවන්. ඔබ ප්‍රවේසම් විය යුතු තැන් දෙකක් තියෙනවා. එකක් තමයි වෘෂභ රාශිය තුළ තමයි යුරේනස් ග්‍රහයා ගමන් කරන්නේ. නෙප්චූන් ග්‍රහයා දිගටම ගමන් කරන්නේ මීන රාශියේ. යුරේනස් ආසන්න වශයෙන් අවුරුදු 6ක්වත් ඉස්සරහට ගමන් කරනවා. නෙප්චූන් තව අවුරුදු 10ක් විතර ගමන් කරනවා. ඒ නිසා ඔබ ගන්නා තීරණ, ඔබේ චර්යාවන් බාහිර නිරීක්ෂකයකුට අසම්මත විදියට පේන්න පුළුවන්. නමුත් බාහිරින් එන විවේචන ගණන් නොගෙන ඔබේ ගමන ගියොත් පමණයි ඔබට ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වෙන්නේ.

ශරීර සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් තමයි ඔබට ප්‍රශ්නයක් තියෙන්නේ. අනෙක් සෑම අංශයක්ම මේ වසරේදී ඔබට වාසිදායක අන්දමට පිහිටනවා.

ධනු ලග්නය

ධනු ලග්න කේන්ද්‍රයේ 2025 වසර ආරම්භයේදීම සෙනසුරු 3 වැන්නේ පිහිටනවා. රාහු සහ නෙප්චූන් 4 වැන්නේ පිහිටනවා. ගුරු සහ යුරේනස් 6 වැන්නේ පිහිටනවා. කේතු 10 වැන්නේ පිහිටනවා. මේ පිහිටීම ධනු ලග්න හිමියන්ට මිශ්‍ර ඵදායකයි. ඉදිරියට සිදුවන ග්‍රහ මාරුවට කලින් දැනට තියෙන තත්ත්වය කියන්න අවශ්‍යයි. නිධන්ගත හෘද රෝග, පෙණහලු රෝග, ශ්වසන රෝගවලින් පෙළෙන ධනු ලග්න හිමියන් ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍යයි. සීනි සහ අධික මේදය සම්බන්ධ රෝග ඇති අය තවදුරටත් ප්‍රවේසම් වීම වැදගත් වෙනවා.

මේ කාලයේදී ධනු ලග්න හිමියන් තමන්ගේ රැකියා ප්‍රධානියා සමග හෝ ගුරුවරුන් සමග හෝ අනවශ්‍ය ආකාරයේ ගැටුම් ඇතිකරගන්න බව පේනවා. මේක ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් ටිකක් නරක කාලයක් වුණත් පසුගිය නොවැම්බර් 16 වැනිදායින් පසුව 3 වැන්නේ ගමන් කරන සෙනසුරු බලවත් වීම නිසා එන ඕනෑම අභියෝගයක් දරාගෙන ඔරොත්තු දීමේ හැකියාව ඔබට තියෙනවා. එක ග්‍රහ පිහිටීමක් නිසා තත්ත්වය අයහපත් වනවිට, තවත් ග්‍රහ පිහිටීමක් නිසා ඒක සමනය කරගන්න පුළුවන්.
මේ වෙලාවේ ධනු ලග්න හිමියන්ට තියෙන වාසියක් තමයි 6 වැන්නේ ගමන් කරන ගුරු සහ යුරේනස් ඉතා විෂකුරු මට්ටමක හිටියත් යුරේනස් 3 වැන්නේ බලවත් ලෙස ගමන් කරන නිසා එන ඕනෑම ගැටලුවක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් නම් පරිස්සම් වීම අත්‍යාවශ්‍යයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය, පරිවෘත්තීය ක්‍රියාවලිය, ශරීරයේ බර සම්බන්ධයෙන් ගැටලු තියෙන අය, සීනි සහ මේද සම්බන්ධ රෝග තියෙන අය ලබන මැයි මාසය දක්වා විශේෂයෙන් ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍යයි.
ධනු ලග්න හිමියන්ගේ නිර්මාණශීලීභාවය, මනස ඒකාග්‍ර කරගැනීමේ හැකියාව, ආත්ම සංයමය සහ වඩා ගැඹුරු තැන්වලට නිර්මාණශීලීව යෑමේ හැකියාව තියෙනවා. ලේඛන කලාව, පර්යේෂණ, සිනමාව, කලාව, සංගීත වැනි ක්ෂේත්‍රවල යෙදිලා ඉන්න අයට ඉතා හොඳ ග්‍රහ පිහිටීමක් තිබෙන බව කිව යුතුයි. ඉදිකිරීම්, සංකල්ප සම්බන්ධ නිර්මාණ ඇතිකරන්න පුළුවන්.

යුරේනස් ග්‍රහයාගේ පිහිටීම ටිකක් අසුබයි. ශරීරය අභ්‍යන්තරයේ බඩවැල්වල තුවාල හටගැනීමට එය හේතු වෙන්න පුළුවන්. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න සිදුවෙනවා. ඒ නිසා ධනු ලග්න හිමියන් මේ තත්ත්වයන් ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් මැයි මාසය වනවිට මේ අයහපත් දේවල් සමනය වන බවත් කිව යුතුයි.

මකර ලග්නය
මකර ලග්න හිමියන් පසුගිය ජුනි 30 වැනිදා සිට නොවැම්බර් 16 දක්වා කාලයේදී කායික මානසික වශයෙන් තරමක් පීඩාවට පත්ව සිටියා. නමුත් දැන් ඒ පීඩාවන් අවසන් වෙලා තිබෙනවා සෙනසුරුගේ වක්‍ර වීම නිසා. දැනට සෙනසුරු ගමන් කරමින් ඉන්නේ මකර ලග්නයේ දෙවැන්නේ. එය ඉතාම හොඳ තත්ත්වයක්. ඒ නිසා හොඳින් ආදායම් උපදවන්න පුළුවන් මේ කාලයේදී. ව්‍යාපාර, අනාගත සැලසුම් ආදිය ස්ථිරසාරව දිගුකාලීන ගමනක් වෙනුවෙන් සූදානම් කරගන්න ඉතා හොඳ කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ.
රාහු සහ නෙප්චූන් 3 වැන්නේ ගමන් කරනවා. එය ඉතා හොඳ පිහිටීමක්. එයින් කෙනෙකු වශී කිරීමේ හැකියාව, එහෙම නැත්නම් තව කෙනෙක්ව හෘදයාංගමව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. දේශපාලනයෙ නිරත අයට මේ පිහිටීම වාසිදායකයි. ජනතාවගේ හිත දිනාගන්න පුළුවන්. සිනමා කලා සංගීතය ආදී වෘත්තීන්වල ඉන්න අයටත් තමන්ගේ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගන්න පුළුවන් වෙනවා. අලුත් බුද්ධිමය නිර්මාණ වුණත්, භෞතික දේවල් නිර්මාණය කරන්නත් මේක සුදුසු කාලයක්.

3 වැන්නේ සිටින රාහුගේ බලය ටිකෙන් ටික අඩුවෙමින් යනවා මැයි මාසයෙන් පසුව. ගුරු සහ යුරේනස්ගේ ගමනත් තරමක් හොඳ මදි. දරුවන් නිසා හෝ අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ පසුබෑමක් හටගන්න පුළුවන්. එයත් පෙබරවාරි මැද වෙද්දී ඒ පීඩනයත් අවසන් වෙලා යනවා. ඊට පස්සේ නැවත පෙර තිබූ අතපසුවීම් පවා මැඬගෙන අධ්‍යාපනික වශයෙන් හොඳ ගමනක් යන්න පුළුවන්. විවාහාපේක්ෂාවෙන් සිටි අයටත් සුබදායී කාලයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම විවාහ වෙලා සිටින අයගේ පවුල් ජීවිතවලත් පෙර තිබුණු බාධක දුරුවෙලා යන්න පුළුවන්.

කුම්භ ලග්නය
කුම්භ ලග්න කේන්ද්‍රයේ දැන් දිගුකාලයක සිට සෙනසුරු ගමන් කරමින් සිටින්නේ ලගන්ය මතින්. ඔවුන්ට නොසෑහෙන මානසික පීඩනයක් වගේම ධන හානි ගෙනදුන්නා. ඒකට හේතුව සෙනසුරුගේ වක්‍රවීම. නමුත් දැන් ඒ පීඩනය නැහැ. 2025 අප්‍රේල් මාසයට කලින් සෙනසුරු ඔබේ කේන්ද්‍රයේ ගමන් කරන්නේ 2 වැන්නට. ඒක හොඳ පිහිටීමක්. ඒ නිසා දිගුකාලයකට බලපත්වන විදියට ආර්ථිකමය වශයෙන් අධ්‍යාපනික වශයෙන්, ගෘහමය වශයෙන්, ව්‍යාපාරික වශයෙන්, සමාජමය වශයෙන් කටයුතු සංවිධාන කරගෙන බොහෝ හෙමිහිට නමුත් ක්‍රමානුකූලව ගමනක් ආරම්භ කරන්න කුම්භ ලග්න හිමියාට හැකියාව තියෙනවා. ඒ හැකියාව වසර 10කට ආසන්න කාලයක් පවතිනවා. ඒ අතර පොඩි පොඩි උස්පහත් වීම් තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

ඉක්මන් වීම සුදුසු නැහැ. හෙමිහිට ගමන් කිරීමයි වැදගත්. තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම ආදී සෑම දෙයක්ම හෙමිහිට ක්‍රමානුකූලව කිරීම තමයි වටින්නේ. දැනට ගුරු ග්‍රහයාගේ ගමන තරමක් සුබ නැහැ. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකින්ම ඔබ බලාපොරොත්තු වෙන විදියේ ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. නමුත් ඒක පෙබරවාරි 19 වැනිදායින් පසුව මඟහැරිලා යනවා. ඔබ අපේක්ෂා කරන මානසික සතුට, කායික සතුට, අනාගතය සඳහා කරන සැලසුම්වල සාර්ථකත්වය ආදී සෑම යහපත් බලාපොරොත්තුවක්ම මේ කාලයේදී ඉෂ්ට වෙනවා. යුරේනස්ගේ පිහිටීමත් බලවත්ව තියෙනවා. නවීකරණය තමයි ඒකෙන් පෙන්වන්නේ. අතිනවීන තාක්ෂණයට ගමන් කිරීමක්. ඔබේ ජීවිතයේ පරිහරණය කරන උපකරණ පමණක් නෙවෙයි, ඔබේ සිතුවිලි පවා විප්ලවකාරී ආකාරයට වෙනස් වෙනවා. නමුත් එතැනදී පරිස්සම් වීම වැදගත්.

හැම විටම යුරේන්ස් කරන්නේ ඔබ තුළ අනවශ්‍ය කැලඹීමක් ඇතිකරන එක. නමුත් ඒ ගැන සැලකිලිමත් වීමට ඔබ වගබලාගත යුතුයි. අධ්‍යාපනය ලබන ලොකු කුඩා සැමටත් මේක හොඳ පිහිටීමක්. කෘෂිකර්මය, ඉඩකඩම් දේපළ සහ ව්‍යාපාරික අංශයේ කටයුතු කරන අයටත්, පස සම්බන්ධ ව්‍යාපාර කරන අයටත් මූල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යමය සම්පත් හැටියට වාසිදායක අවස්ථා ලැබෙනවා. ඔබට අභියෝග තියෙනවා. නමුත් ඒවා මාර්තු මාසයෙන් පසුව අවසන් වෙනවා. කෙසේ වෙතත් 2025 වසර කුම්භ ලග්න හිමියන්ට විජයග්‍රාහී වසරක් විදියට සලකන්න පුළුවන්.

මීන ලග්නය
මීන කියන්නේ මතභේදාත්මක ලග්නයක්. දැනට මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සෙනසුරු ගමන් කරන්නේ 12 වැන්නේ. මේක ඒරාෂ්ටකයක් කියලා බියවිය යුතු නැහැ. ලග්නයට තමයි සෙනසුරු ඊළඟට එන්නේ. ඒ ගැනත් බිය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් නෙප්චූන් ලග්නය උඩ සිටීම තරමක් අවාසිදායකයි. නෙප්චූන්ගේ රාශිය තමයි මීන රාශිය. නමුත් මේ පිහිටීම කලාකාමී කටයුතු කරන මීන ලග්න හිමියන්ට නම් හරිම සුබදායක පිහිටීමක්. පර්යේෂණ කරන අයටත් හොඳයි. අධ්‍යාත්මික මාර්ගයේ යන අයටත් ඉතාම හොඳයි. ජීවිතය පිළිබඳ සහ යම් යම් දේ ගැන සංකල්ප ගොඩනගන, දාර්ශනික මට්ටමේ භාවිතයන් තියෙන අයටත් හොඳයි. නමුත් ලෞකික ජීවිතයේදී කටයුතුවලට නෙප්චූන් ඒ විදියට උදව් කරන්නේ නැහැ.

සෙනසුරු සහ නෙප්චූන් අතර සංයෝගයක් හටගන්නවා. මේ සංයෝගය නිසා මනසේ ඇතිවන උද්වේගකර බව අඩුවෙන්න පුළුවන්. නමුත් ඔබේ පරිකල්පන ශක්තිය වැඩි කරගන්නත්, ආත්මය සංයමයක් ඇතිකරගන්නත් මේ තත්ත්වය හේතු වෙන්න පුළුවන්.

සෙනසුරුගේ ලෝකෝත්තර පැත්තක් සහ ලෞකික පැත්ත කියලා දෙඅංශයක් තියෙනවා. ධනය උපයන්න, හොඳ රැකියාවක් ලබාගන්න, දේශපාලන සහ ව්‍යාපාර අංශයෙන් ජයග්‍රහණ ලබාදෙන්න සෙනසුරු තරම් හොඳ වෙනත් ග්‍රහයෙක් නැහැ. එයා ස්ථිරවම ඒක අරගෙන දෙනවා. ඒ කියන්නේ සෙනසුරුගේ බලපෑමෙන් ලග්න හිමියාගේ ඔරොත්තු දීමේ හැකියාව සහ වෙහෙස නොබලා වැඩකිරීමේ හැකියාව වැඩිවෙනවා. ඒ වගේම ඕනෑම තැනකට ගැළපෙන විදියට ජීවිතය සකස් කරගැනීමේ හැකියාව වර්ධනය වෙනවා.
ගුරු ඔබේ ලග්නයේ ස්ථානගත වෙලා ඉන්නේ වක්‍ර වෙලා. ඒක හොඳ පිහිටීමක් නෙවෙයි. නමුත් ලබන පෙබරවාරියෙන් පසුව ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඉගෙනගන්න වයසේ ඉන්න මීන ලග්න හිමියන්ට ඉතා හොඳ අවස්ථාවක් උදාවෙනවා. පහුගිය කාලේ තිබුණු බාධා මැඩගෙන තමන්ගේ ගමන යන්න. ගේ දොර ඉඩකඩම් මිලට ගන්න බලාගෙන ඉන්න අයටත් හොඳ කාලයක්. විවාහය, විදේශ අධ්‍යාපනය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මේ කාලය සුබදායී විදියට පාවිච්චි කරන්න පුළුවන්.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක

SendShareShare
Previous Post

වාහන ගේන්න දුන්නත් මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙයිද? ගහන බද්ද 600%ක් වෙන්නත් පුළුවන්!  VIDEO I Sri Lanka Latest News

Next Post

මානසික ප්‍රශ්න වැඩිවෙලා! සහන ඉල්ලලා ගිය අවුරුද්දේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට කෝල්ස් හැත්තෑඅටදාහක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.