අවස්ථා ගණනාවකදී කේ.අයි.යූ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පොලි රහිත ණය ලබා ගැනීමේ ගැටලුව මතු කළත් මේ මොහොත වන තුරු රාජ්‍ය බැංකුවලින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබී ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ලිඛිතව දන්වා ඇතත් අදාළ බැංකුවලින් මෙම ණය තවමත් අනුමත වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) නැවතත් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
කේ.අයි.යූ. පරිපාලනය විසින් පවසන පරිදි අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ආරම්භ කළත් ලංකා බැංකුවෙන් තවමත් පොලී රහිත ණය ලබා දෙන බවට සහතික වී නොමැති නිසා මෙම අධ්‍යාපන කටයුතු ආරම්භ කළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නතර කිරීමට කටයුතු කරන බවට පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් පවා පිළි නොගැනීමට ලංකා බැංකුවට කටයුතු කර ඇති බවත් මේ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බැවින් මේ ගැටලුව කෙරෙහි නැවතත් අවධානය යොමු කරන ලෙසත් ලංකා බැංකුවෙන් හෝ ණය ලබා ගත නොහැකි නම් වෙනත් රාජ්‍ය බැංකුවක් හා සම්බන්ධ වී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
රාජ්‍ය බැංකුවලින් කෝටි ගණනින් ණය ගෙන පැහැර හරින පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත් එම නාම ලේඛනය පවා තවමත් ඉදිරිපත් කර නොමැති මොහොතක දූදරුවන්ගේ අධ්‍යාපනය සඳහා ණය ලබා නොදීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ලබා ගෙන පැහැර හැරි පාර්ශ්ව කවරේද කියා හෙළි කරන ලෙසයි.