කටුනායක ගුවන් තොටුපළේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ගුවන් පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම ආරම්භ කර ඇත. (Sri Lanka Latest News)
මෙම නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (21) පෙරවරුවේ සිදුකෙරිණ.
කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටව යන සෑම ගුවන්යානාවක්ම පාලනය, පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය මඟින් සිදු වූ අතර එම දත්ත මේ තාක් ලිවීම සිදුවූයේ පාලකවරුන්ගේ අතිනි.
නමුත් මෙම නව ගුවන් ගමන් පාලන කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දත්ත අතින් ලිවීම අවශ්‍ය fනාවන අතර, දත්ත එම මොහොතේම අවශ්‍ය ස්ථාන වෙත ලබාදීමේ හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කලාපයේ ගුවන් සංචරණ සේවා සැපයීම ඉතා කාර්යක්ෂම වන අතර, වැඩි ගුවන් යනා ප්‍රමාණයකට සේවා සැපයීමේ හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම මෙම නව පද්ධතිය පෙර තිබු පාලන පද්ධතියට වඩා තාක්ෂණික වශයෙන් ඉතා ඉහල බැවින් පෙර තිබු පද්ධතිය මගින් ගුවන්යානයක පියසර උස, ස්ථානය සහ වේගය පමණක් ලබාගත හැකි වු අතර, මෙම නව පද්ධතිය මගින් ගුවන් යානයේ නියමු කුටියේ සියලු දත්ත ගුවන් පාලන කුළුන වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
එබැවින් ගුවන් ගමන්වල ආරක්ෂාව පිලිබඳ දත්ත 100%ක් ලබාගැනීමට හැකිවනු ඇත.
මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2ක් වැයකර ඇත.
මෙම නව ඩිජිටල් පද්ධතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.