පසුගිය සතියේ අප පුවත්පතේ පළවූ කාලි ඇතාගේ මරණය පිළිබඳ පුවත හා සැබැඳේ. භූමියෙන් ලද තොරතුරු හා ලැබුණු සීමිත ඡායාරූප හා අදාළ ස්ථානයේ රාජකාරි කළ අයගේ වාර්තා හා සැසඳීම් අනුව එකී මරණය කාලි ඇතාගේ යැයි අප සඳහන් කළෙමු. ජුනි මස දහනව වැනි දින, එනම් අදාළ දිනට දින දෙකකට පසු කාලි ඇතා නැවතත් වනන්තරයෙන් මතුවී තිබේ. මොල්ලිකුලම් නාවික හමුදා කඳවුර ආශ්‍රිත වනාන්තරයේ ඔහු ගැවසුණු බවට ඡායාරූප මගින් සනාථ කොට ඇත. ඒ ඡායාරූපයද මේ සමග පළවේ. Sri Lanka Latest News
තහවුරු කරගත් හා වඩා විශ්වාසය තැබිය හැකි තොරතුරු මත කාලි ඇතා ජීවතුන් අතර සිටින බව අපිට නිශ්චිතවම පවසා සිටිය හැකිය. එහෙත් මියගොස් සිටින්නේ කාලිගේ දේහ ලක්ෂණවලට ඉතා සමීප වෙනත් ඇතෙකි. එය ඛේදවාචකයකි. සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපගේ කනගාටුව ප්‍රකාශ කොට පසුගිය සතියේ පළවූ අදාළ පුවත මෙසේ නිවැරදි කරන්නෙමු.



සමන් හල්ලොලුව










