• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්.ගේ මාලදිවයින් ගමනේදී මාරයාත් එක්ක ගිය මාලේ බෝට්ටු ගමන! Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජේ.ආර්.ගේ මාලදිවයින් ගමනේදී මාරයාත් එක්ක ගිය මාලේ බෝට්ටු ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය ජීවිතය තුළ අත්දැකීම් අතරට එක්වන අතීත සිද්ධීන් අතර දේශපාලන තර්ජන, බියගැන්වීම් කොතෙකුත් තිබූ බව ‘දවස’ පත්තර සමූහයේ සිටි යුගයේ මා අත්දැක ඇත. දේශපාලනඥයන්ට ප්‍රශස්ති ගයන විට මාධ්‍යවේදියාට දේශපාලන පැසසුම් ලැබෙන නමුත්, වැරැදි මාර්ගයට හැරී යන දේශපාලනඥයන්ගේ රෙදි ගැළවෙන විට මාධ්‍යවේදීන් දේශපාලනඥයන්ගේ සතුරන් වී උදහසට ලක්වීම ගැන උදාහරණ කොතෙකුත් ගෙනහැර දැක්විය හැකි බව සත්‍යයකි. නිර්භයව පෑන හසුරුවන්නට ගිය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට වුණේද ඒ දෙයමය. අද මා සටහන් තබන්නේ එම ක්‍රියාදාමයට පටහැනි ලෙස මාධ්‍යවේදීන්ට මරබිය දැනුණු සිද්ධියක එක්තරා යටගියාවක්ය. Sri Lanka Latest News

ඒ මගේ මතකයේ රැඳී ඇති අතීත සිද්ධිය 1979 අගභාගය දක්වා දිවයන්නකි. ඒ එදා ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි මාලදිවයින් රාජ්‍යයේ එවක ජනාධිපතිව සිටි අබ්දුල් ගයුම්ගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාට දින දෙකක නිල සංචාරයකට ආරාධනා ලැබී තිබූ අවස්ථාවය. එම නිල සංචාරය ‘දවස’ පත්‍රය වෙනුවෙන් ආවරණය කිරීමට අවස්ථාව ලැබුණේ මටය. මා සමග එදා රූපවාහිනී වාර්තාකරුවකු ඇතුළු තවත් මාධ්‍යවේදීන් හතරදෙනකුද මාලදිවයින බලා ගියේ ජේ.ආර්.ගේ නිල සංචාරය ආවරණය කිරීමටය. මාලේ දූපතේ ගුවන් යානා නැවැත්වීමට සහ ආපසු ගුවන්ගත වීමේදී සාදා ඇති ධාවන පථය අවසාන කෙළවර මුහුදය. ගුවන් යානාවල ටයර් එසවෙන්නේද ඒ අවසන් කොටස ආසන්නයේදී බව දකින විටත් බියගන්වනසුලුය. ආසියාවේ කුඩා රාජ්‍යයක් ලෙස හැඳින්වන මාලදිවයින් රාජ්‍යය ප්‍රධාන මාලේ දූපත වර්ග කිලෝමීටර් 298කි. දූපත් සංඛ්‍යාව 1,192කි. මාලේ දූපත් වැඩි කොටසක සංචාරක හෝටල් පිහිටා තිබීමද එරටේ සංචාරක ව්‍යාපාරයට රුකුලක් වී ඇති බව ප්‍රසිද්ධ කරුණකි. මාලේ සංචාරක ආකර්ෂණය දිනාගත් කුඩා රාජ්‍යයක් මෙන්ම ධීවර වෘත්තියද එහි අඩුවක් නැත. 2022 වසරේ ලබාගත් ජනගහනය සංඛ්‍යාලේඛනවලින් හෙළිව ඇත්තේ ඒ වනවිට එරට ජනගහනය 5,15,132ක් ලෙසටය.

ජේ.ආර්. මාලේ දිවයිනට යෑමට පෙර අපි එහි ගියෙමු. මාලේ තට්ටු ගොඩනැගිලි තැනීම තහනම්ය. මාලේ ප්‍රධාන දූපතේ සංචාරක හෝටල් දෙකකි. ඒ ලසුන්දරා සහ අරලිය යන හෝටල් දෙකය. ජනපති නිල සංචාරය සම්බන්ධීකරණය කළේ (මගේ මතකයේ හැටියට) විදේශ අමාත්‍යාංශයේ ජයසිංහ නමැති අයෙකි. මාලේ තනි මහලේ ගොඩනැගිලි තැනීම සඳහා මුහුදේ වැලි පොම්ප කරගෙන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා සකස් කරගන්නා බවක්ද පෙනෙන්නට තිබිණි. අප හට ලැගුම් ගැනීමට සිදුවූයේ ලසුන්දරා හෝටලයේය. මුහුදෙන් වටවූ මාලේ දූපතේ මුහුදේ රළ බිඳෙන හඬින් පමණක් හෝටලයේ නිහඬ බව බිඳී ගියේය. එහි ගිය අවස්ථාවේ දැකගන්නට ලැබුණේ ජේ.ආර්. මාලේවලට පැමිණීමට පෙර එහි සිටි සැකකටයුතු පිරිසක් අත්අඩංගුවට ගෙන දූපතක තිබෙන එළිමහන් සිර කඳවුරක රඳවා ඇති බවය. ජේ.ආර්. මාලදිවයිනට පැමිණෙනවාට විරෝධය දැක්වූ පිරිසක් විසින් තාප්පවල විරෝධතා වැකි ලියා තිබූ අතර, ආරක්ෂක අංශ විසින් ඒවා මකා දමා තිබුණද ඒවා හරිහැටි මැකී නොතිබුණු බවයි දක්නට ලැබුණේ.

ජේ.ආර්. මාලදිවයිනට පැමිණ සහභාගි වූ උත්සවවලට ඔහු එරට ජනාධිපති සමග මෝටර් රථයක ගමන් කළද මාධ්‍යවේදීන්ට එම ස්ථානයට සුළු වේලාවක් තුළ පාගමනින් දිව යෑමට හැකිය. එයට හේතු වූයේ එම ස්ථාන කෙටි දුරකින් පිහිටා තිබීම නිසාය. ඉස්ලාම් භක්තිකයන්ගේ වැඩි නියෝජනයක් තිබෙන මාලේ සෑම දිනකම උදේ 7ටත් දහවල් 12ටත් රාත්‍රී 7ටත් මුස්ලිම් දේවස්ථානයෙන් ලබාදෙන සංඥාවක් මත සියලු දෙනාම ව්‍යාපාරික ස්ථාන වසාදමා දේවස්ථානයට පැමිණියහ. මාලදිවයිනේ පොලිසිය සංවිධාන කිරීමටද ශ්‍රී ලංකාවේ උසස් පොලිස් නිලධාරියකුගේ සහාය ලැබුණු බවද එහිදී දැකගන්නට ලැබිණි. මාධ්‍යවේදීන් ලෙස ගොස් සිටි අප සියලු දෙනා යන එන තැන් ගැන එහි සිටි ආරක්ෂක නිලධාරීන්ගේ උකුසු ඇස නිරන්තරයෙන් යොමුවුණේද අපට බාධාවක් නොවුණු අයුරිනි. ජේ.ආර්. මාලදිවයිනට පැමිණ දින දෙකකින් ආපසු ගියද අපට තවත් දින දෙකක් එහි නැවතී සිටීමට සිදුවූයේ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසාය.

ඒ අතරතුර අපට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එහි ගොස් සිටි නිලධාරියාගෙන් ඇරයුමක් ලැබිණි. ඒ, මාලේ ප්‍රධාන දූපතේ සිට පැය එකහමාරක් ගෙවා යාහැකි තුලුස් දූව නමැති දූපතේ පිහිටි ඇඟලුම් කම්හලක් නැරඹීමට යෑමටය. එම ඇඟලුම් කම්හලේ සේවය කරමින් සිටියේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් බවත්, එහි කටයුතු හොඳින් සිදුකෙරෙන බවත් පෙන්වීමට ඒ ගමන සූදානම් කර ඇති බවත් එම නිලාධාරියා අප වෙත දන්වා සිටියේය. ඔහුගේ අරමුණ වූයේ ඒ ඇඟලුම් කම්හල ගැන පත්තරයට ලිපියක් ලියවා ගැනීමය. ඒ බව අපට ඔහුගේ කතාබහෙන් තේරුණද තවත් දූපතක් නැරඹීමට යෑමේ ආශාව නිසාම අප ඒ ගමනට එකඟතාව පළ කළෙමු. තුලුස් දූවට යෑමට පැය එකහමාරක් ගතවන නමුදු අධිවේගී බෝට්ටුවකින් එහි යෑමට ගතවන්නේ විනාඩි 45කට අඩු කාලයක් බවද එම නිලධාරියා පවසා සිටියේය. එදා සවස 2ට පමණ මා සමග සිටි මාධ්‍යවේදීන් පිරිස රැගත් අධිවේගී බෝට්ටුව තුලුස් දූව බලා ප්‍රධාන මාලේ දූපතෙන් පිටත් විය. මාලේ අවට ගැඹුරු මුහුදු ප්‍රදේශය එදා තරමක් රළු විය. අප රැගත් අධිවේගී බෝට්ටුව මුහුද මැදට ඇදීගොස් මාලේ ප්‍රධාන දූපත නොපෙනී යද්දී මුහුදේ රළ සමග වේගයෙන් අප සිටි බෝට්ටුව දෙසට ඇදී ආ දිය වැලකට බෝට්ටුව හසුවී දියවැල දිගේ බෝට්ටුව අඩි ගණනාවක් ඉහළට ඇදී යද්දී අපේ සිත් තුළට දැනුණේ මර බියකි. දියවැල දිගේ ඉහළට රැගෙන ගිය බෝට්ටුව උඩු අතට හැරවුණි නම් අප සියලු දෙනාම නවතින්නේ මුහුදු පතුලේ බවට අපට සිහියට එන්නටද වැඩි වේලාවක් ගත නොවුණි. දියවැල දිගේ බෝට්ටුව ඇදී යද්දී අප බෝට්ටුව තුළ දිග අතට වැතිරගත්තෙමු. අප සමග සිටි රූපවාහිනී කැමරා ශිල්පියාද ඉටි කොළයකින් ඔතාගෙන සිටි සිය කැමරාව බදාගෙන බෝට්ටුවේ වැතිර ගත්තේ අපිව අනුගමනය කරමිනි.

එදා මහ සයුරේ බෝට්ටුව දියවැලත් සමග නොපිටට පෙරලුණා නම් අපේ නම් ටික සටහන් වන්නේ මාලදිවයිනේ මුහුදු පතුලේය. එම සිද්ධිය අදටත් මතක් වෙද්දී දැනෙන්නේ එදා ජීවිතයක අවසානය පිළිබඳ බියජනක මතකයක්ය. එදා දියවැල දිගේ ගිය බෝට්ටුව යළිත් මුහුදට පතිත වූයේ අපවද ඒ සමග උස්සා පොළොවේ ගසන්නාක් මෙන් බියකරු රළකට මැදිකරගෙනය. ඒ සිදුවීමත් සමග යන ගමන නවතා ආපසු හැරෙමුයි කියා සියලු දෙනා කෑගැසුවද, ආපසු යන්න ගොස් යළි තවත් දියවැලකට හසුවේයැයි යන බිය නිසා අපි තුලුස් දූවට සවස 2.45ට පමණ ළඟා වුණෙමු. එහි අප පිළිගැනීමට සිටි නිලධාරියාට අප කියා සිටියේ ආපසු යද්දී වහල සෙවිලි කර ඇති මාලදිවයිනේ යාත්‍රා කරන විශාල ප්‍රමාණයේ බෝට්ටුවකින් මිස අප ආපසු නොයන බවයි. ඔවුන් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් දැක්වීම අපට තරමක අස්වැසිල්ලක් විය.

තුලුස් දූවේ පිහිටා තිබූ එම අලංකාර ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් ඒ වනවිටත් එළිමහනේ වොලිබෝල් සෙල්ලම කරමින් සිටියේය. සේවකයන්ට සැලකීමේ සත්කාර සේවයක් එහි ක්‍රියාත්මක වන බව පෙන්වීමට මේ ගමන සූදානම් කර ඇති බවත් අපට වැටහීමට එතරම් වේලාවක් ගත නොවීය. එහි සිටි සේවක සේවිකාවන් පිරිසක් නිලධාරීන් මගහැර සිටි අවස්ථාවක අපට කියා සිටියේ මෙම ඇඟලුම් කම්හල ජේ.ආර්.ගේ ඥාති පුතුන් දෙදෙනකුට අයත් බවකි. අපව බැලීමට ආ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියාගෙන් ඒ ගැන විමසුවද ඔහු එය ප්‍රතික්ෂේප කළා මිස එය කාගේද යන්න හෙළි නොකළේය. ඇඟලුම් කම්හලේ දිග පළල නොසොයා අපට අවශ්‍යව තිබුණේ හැකි ඉක්මනින් ආපසු මාලේ ප්‍රධාන දූපතට යෑමටය.

එදින සවස 6ට පමණ එහි සිටි නිලධාරීන් සංවිධාන කර තිබූ මගීන් රැගෙන යන විශාල ප්‍රමාණයේ බෝට්ටුවකින් යළි මාලේ ප්‍රධාන දූපත කරා ඒමට අපි පිටත් වුණෙමු. ඝන අඳුරේ සෙමින් ධාවනය වූ එම බෝට්ටුවද මාලේ ප්‍රධාන දූපත් නගරය පෙනෙද්දී යළි සුළු ප්‍රහාරාත්මකව ඇදී ආ දියවැලකට හසුවී බෝට්ටුව ඒ මේ අතට වේගයෙන් පැද්දී ඉස්සී නතර වීම නිසා ඒ අවස්ථාවේද අපට සිතුණේ මාලදිවයින මුහුදු ප්‍රදේශය දියවැල් ප්‍රහාර නිතර එල්ල වන ගැඹුරු මුහුදු ප්‍රදේශයක් බවයි. එය විශාල ප්‍රමාණයේ බෝට්ටුවක් නිසා දියවැල බෝට්ටුවට පැරැදී රළ පහරක සැඟවී යන්නට ඇතැයි අපට සිතුණු වාර අනන්තය. යළිත් කිසි දිනෙක බෝට්ටුවක නැගී මුහුදට නොයමියි යනුවෙන් මසිතේ ඇතිවූ සිතුවිල්ල අදටත් මගේ සිතෙහි තැන්පත් වී තිබේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

Next Post

රනිල්ගේ මහජන මුදල් බෙදිල්ල නීතිවිරෝධියි? දෙන්න පුලුවන් උපරිම ලක්ෂ 25යි?  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.