• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම ඉහළ වේගයකින් යූ ටර්න් එකක් ගහපු කාලයක් තමයි මේ පහු කරන්නේ. සාමකාමී ඡන්දයක් තියලා ඒ ඡන්දෙන් සාමකාමී ජනාධිපතිවරයෙක් ලංකාවට පත්වුණා. එතුමා පත්වෙලා ටික කාලෙකින් ඉතාම හොඳ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිලා, කිසිවෙක්ට චෝදනා කරන්න බැරි විදියට ප්‍රතිඵලයක් නිකුත් වුණා. ඉන් තුනෙන් දෙකකටත් වැඩි බලයක් මාලිමාව කණ්ඩායමට ලැබුණා. දැන් මාලිමාව ආණ්ඩුවක් තියෙනවා. මාලිමාවට තුනෙන් දෙකක් තියෙනවා. මාලිමාවේ පාර්ලිමේන්තුවක් තියෙනවා. මාලිමාවේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ආධුනික ජනාධිපතිවරයෙක් විදියට, පළමු වරට ජනාධිපති ලෙස පත්වෙච්ච කෙනෙක් විදියට ඉතාම ආධුනික දේශපාලකයන් රොත්තක් එක්ක මේ වැඩේ හරියට කරගෙන යනවා. සාමාන්‍යයෙන් රටක් කරගෙන යනකොට ඇතිවිය හැකි ස්වභාවික ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙමින් ඔවුන් මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ රට දැන් යම් ආකාරයකට නිවැරැදි දිශාවකට ගමන් කරන ගතියක් ඒක දිහා බලාගෙන ඉන්න අපිට දැනෙනවා. රටට එහෙම තමයි වෙන්න ඕනේ. Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහත්තයා මේ වැඩේ විචිත්‍රවත්ව කරගෙන යනකොට ඔහු යාපනේ පවා ගිහිල්ලා මිනිස්සු අතරේ ආදරේ දිනාගන්නකොට, මිනිස්සුන්ව වැලඳගන්නකොට මේ වෙලාවේ කඹුරුපිටිය, ගම්පහ, පානදුර වගේ විවිධ ප්‍රදේශවල එක එක ජාතියේ සිද්ධි වාර්තා වෙමින් යනවා. ඒ අය එළියට බැහැපු ගමන් කියන වචන ටිකක් සහ සටන් පාඨ ටිකක් තියෙනවා. අපි දැක්කා කඹුරුපිටියේ මහජනතාව විසින් සූදානම් කරපු උද්ඝෝෂණයක් කියලා එකක් තියෙනවා. ඒක මහජනතාව විසින් කරපු එකක්ද, වෙන කවුරු හරි කෙනෙක් මේක ඇතුළේ රඟපානවද, මේක ඇතුළේ චරිතයක් නිරූපණය කරනවද කියන එක අපි දන්නේ නෑ. කොහොම හරි එහෙම එකක් වුණා. මෙන්න මේ උද්ඝෝෂණ අවස්ථාවට එන පුද්ගලයෙක් ‘මරනවා, කපනවා, කොටනවා, 88-89 තිබ්බ එක ආයෙ පෙන්නනවා, උඹලා දන්නේ නෑ අපි කවුද කියලා’ කියමින් හෝ ඊට ආසන්න වචන වගයක් කියමින් පොඩි ප්‍රශ්නයක් ඇතිකර ගත්ත බව එතැන හිටපු අය ඔහුත් සමග ගැටෙමින් කෑගහමින් රණ්ඩු කරමින් කියනවා. ඔවුන් අතර විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. ගැටුමක් ඇතිවෙනවා. ගහගන්න යනවා. මේ අතර, ගම්පහත් මේ වගේම සිද්ධියක් වාර්තා වෙනවා. ගම්පහත් එක්තරා විරෝධතාවකට එක පිරිසක් කඩාපැනලා ඔවුන් එරෙහි වෙලා කරන්න දෙන්නේ නෑ කියලා, අපේ බලය අපේ ආණ්ඩුව කියලා ඔවුන් පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නවා.

තවත් සිද්ධියක් අපි දැක්කා සමුපකාර ඡන්දයක් ජයග්‍රහණය කළාට පස්සේ රතිඤ්ඤා පත්තු කළාම ඊට විරුද්ධව විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ ප්‍රශ්න රටට අවශ්‍ය නැහැ. 88-89 භීෂණය, ඒ කාලේ කරපුවා පෙන්නනවා, ටයර් සෑයවල් මතකද වගේ වචන තවදුරටත් දේශපාලනික නෑ. මොකද මේ දේශපාලනය කවුරුවත් ඒවා කරපු අය නෙවෙයි. මේ අය නව දේශපාලන ප්‍රවාහයක අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතුළේ ඉන්න ඉන්ටර්නෙට් තියෙන, තාක්ෂණය තියෙන, මොබයිල් ෆෝන් පාවිච්චි කරන ස්මාර්ට් මිනිස්සු. එතකොට මේ ස්මාර්ට් මිනිස්සුන්ට පත්තරයක් විතරක් තිබිච්ච කාලේ, රේඩියෝ එකක් කඩමණ්ඩියට ගිහිල්ලා ආපු කාලේ, ටීවී එකක් ඇහැට නොදැකපු කාලේ තිබිච්ච දේශපාලනය හෝ දේශපාලන හැඩය ගැන අවබෝධයකුත් නෑ. අවබෝධයක් අවශ්‍යත් නෑ. ඒ නිසා මේ සාමකාමීව යන රට සාමකාමීව තියෙන්න දෙන්න. ඔබ මාලිමාවේ සාමාජිකයෙක් නම්, ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නම්, ඔබ දේශපාලනික වශයෙන් මේ කණ්ඩායමට උදව් කරපු, මේ බලය ගත්තම සතුටු වෙච්ච, මේ බල පෙරළිය වෙනුවෙන් දරදිය ඇදපු මිනිහෙක් නම්, ඉහළ දේශපාලකයෝ අරගෙන යන විචිත්‍රවත් දේශපාලන සංස්කෘතියට උදව් කරන්න. මේ ආදරණීය බව රැකගන්න උදව් කරන්න. මේ ප්‍රේමයේ සංස්කෘතිය ඒ විදියටම තියෙන්න ඉඩහරින්න.

අපි දන්නවා අනුර කුමාර දිසානායකවත්, හරිනි නෝනාවත්, විජිත හේරත් මහත්තයවත්, වෙන කවුරුවත් දන්නේ නෑ මේ තක්කඩි හැසිරීම් ගැන. ඒ අය එක එක්කෙනාට කියලා එළියට දාපු අය නෙවෙයි මේ. හැබැයි එහෙම නැති වුණත් මේ කුමන හෝ කාරණාවකදී බැණුම් අහන්නේ සහ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ, නරකයි කියලා කියන්නේ, අනුර කුමාර මහතා ඇතුළු සමස්ත දේශපාලන කණ්ඩායම. ඇත්තටම එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ මෝඩ හැසිරීම නිසා විනාශයට පත්වෙන්න දෙන්න බෑ. අපි දන්නවා ලංකාවේ පහුගිය කාලේ දේශපාලනයේ හිටියේ කීප දෙනයි. ඒ කීප දෙනා කරපු නාඩගම් නිසා, නරක වැඩ නිසා ඒ අයට බලය අහිමි වුණා, ඒ අයට ගේ දොර අහිමි වුණා. සමහර විට ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්වත් අහිමි වුණා. ජීවත් වුණත් සමහර අය මියගිහිල්ලා වගේ. මිනිස්සු ෆොටෝ එකක් දැම්මාම දාන්නේ නිවන් සුව කියලා. ඒක වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව දේශපාලනය කරන්න ගියාම. ඒ නිසා ඡන්දේ දුන්නද, නැද්ද, විපක්ෂෙද, අර පක්ෂෙද, මේ පක්ෂෙද, ශ්‍රී ලංකාද, යූ.ඇන්.පී,ද, සුදුද, කළුද, යාපනේද, කොළඹද, නගරෙද, ගමේද මේ කිසි දෙයක් වැඩක් නෑ. රටකට අවශ්‍ය වෙන්නේ යහපත් දේශපාලන ප්‍රවාහයක්. ඒ යහපත් දේශපාලන ප්‍රවාහය හැදෙන්න දීලා පුළුවන් තරම් පැත්තකට වෙලා හිටියා නම් තමයි වඩා හොඳ. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ මේ යහපත් දේශපාලන ප්‍රවාහයට හානි කරන්න ආපු තක්කඩි කවුද කියලා දන්නෙත් නෑ, හැබැයි ඒ ආපු එවුන්ගේ පරිප්පු කන්න වෙන්නේ මේ මාලිමා ආණ්ඩුවට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එක රැයට එක පොතක් ලිව්වා! ලියපු පොත් ගණන 1800ක්! අදටත් එක පොතක්වත් නෑ! රේස්කොලේ කියවපු අයට පොත් කියවීම හුරු කළ රහස් පරීක්ෂක ලේඛකයා! Sri Lanka Latest News

Next Post

ජේ.ආර්.ගේ මාලදිවයින් ගමනේදී මාරයාත් එක්ක ගිය මාලේ බෝට්ටු ගමන! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.