2005 වසරේ දී සම්මත කර ගන්නා ලද ආපදා කළමණාකරණ පනතට අනුව මේ වන විට රට තුළ ආපදා සහන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි.Sri Lanka Latest News
එකී ආපදා සහන ප්‍රතිපත්තියට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් සදහා රජයට ගෙවිය හැකිඋපරිම වන්දි මුදල මුදල රුපියල් ලක්ෂ 25 කි.
නීතිය එසේ තිබිය දී අරගල සමයේ දී ගිනිතබන ලද මැතිඇතිවරුන්ගේ නිවාස සදහා මේ තරම් විශාල මුදලක් මුදා හැරීම කෙසේ සිදුවූවාදැයි සොයා බැලිය යුතු බව ආචාර්ය ප්‍රතිභා මහානාම පවසයි.
පැවති රජය මෙම වන්දි ගෙවීම ගණනය කර තිබෙන්නේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශය මතයි.
මෙම කමිටුව අදාල නිර්දේශ ඉදිරිපත් කරන ලද්දේ කවර පදනමකින් ද විමසිය යුතු ආචාර්ය ප්‍රතිභා මහානාම යෝජනා කරයි.
එමෙන්ම, රජයෙන් වන්දි ලබාගෙන තිබෙන මේ බොහෝ නිවාස, ගිනි උවදුරු රක්ෂණයට යටත් කරන ලද ඒවා බවත්, අදාල රක්ෂණ සමාගම් ඊට අදාල වන්දි මුදල් වින්දිතයන්ට ගෙවා ඇති බවත් දැන ගන්නට ලැබී ඇති බවද ප්‍රතිභා මහානාම මහතා පවසයි.
මෙම මුදල් නැවත විධිමත් ක්‍රම වේදයකින් මහභාණ්ඩාගාරයට අයකරගතයුතු යැයි ද ඔහු යෝජනා කරයි.










