ණය නොගෙවීම හේතුවෙන් ජපානය ශ්‍රී ලංකාවේ සිදු කළ සිය ව්‍යාපෘති සියල්ල අත්හිටුවා ඇති බවට ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා කළ ප්‍රකාශයක් ‘ද මෝනින්ග්’ පුවත්පත අද වාර්තා කොට ඇත.
ටීවී දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජපානය, එක්සත් ජනපදය සහ ඉන්දියාවේ නියෝජිතයන් හමුවූ විට, ශ්‍රී ලංකාවේ තිරසාර නොවන ණය බර නිසා IMF වැඩසටහනකින් තොරව සැලකිය යුතු ආධාරයක් ලබා දිය නොහැකි බව ඔවුන් පෙන්වා දුන් බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, ශ්‍රී ලංකාවට හිඟ වගකීමක් ලෙස 2021 දෙසැම්බර් මස අවසන් වන විට ජපානයෙන් ගෙන ඇති ව්‍යාපෘති ණය ප්‍රමාණය රුපියල් බිලියන 621 කි.
එපමණක් නොව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) පර්යන්ත II ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ජපානය පදනම් කරගත් Taisei සමාගම, දැනට පවතින ආර්ථික තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවෙන් පිටවීමට සැලසුම් කරමින් සිටින බව ද ‘මෝනිං’ පුවත්පත වාර්තා කොට තිබිණ.
ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) A. චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ, Taisei Corporation සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින නමුත්, මෙම කාරණය සම්බන්ධයෙන් දෙරටේම මැදිහත්වීම සඳහා රහස්‍යභාවය අවශ්‍ය බැවින් වැඩිදුර තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ජාවල ප්‍රගතිය මත ඉන්දියාව සහ අමෙරිකාවද ලංකාවට ආධාර කිරීමට තීරණය කොට ඇති බව එම පුවත්පත වාර්තා කොට ඇත.










