මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි.Sri Lanka Latest News
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, 2026 මැයි 18 වන විට ඩෙංගු මරණ 15 ක් මේවනවිට වාර්තා වී ඇති බවය.
“අපි හඳුනාගෙන තියෙනවා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක්. ඊට අමතරව බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වුණේ. දකුණ සහ සබරගමුව පළාත් ඊළඟට. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් 25 පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. එයින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර නුවර දිස්ත්‍රික්කයෙන් තමා රෝගීන් වැඩි ශයෙන් වාර්තා වෙන්නේ.”
පාසල්, රජයේ ආයතන, වැඩබිම් සහ ආගමික ස්ථානවල ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.











