• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමාත්‍යාංශය භාරගෙන මාස 8යි! දුම්රිය ප්‍රමාදය 1%කින්වත් අඩුකරගන්න බැරිවෙලා! බිමල් ෆේල්ද? Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අමාත්‍යාංශය භාරගෙන මාස 8යි! දුම්රිය ප්‍රමාදය 1%කින්වත් අඩුකරගන්න බැරිවෙලා! බිමල් ෆේල්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුම්රිය ප්‍රමාදය ගැන තමන්ට ලැබුණ පැමිණිලි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දිනක් මොරටුවේ සිට කොළඹ කොටුවට දුම්රියෙන් පැමිණි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ කිසිදු දිනෙක මාධ්‍යවේදීන් කැඳවාගෙන ජනතා ගැටලු විසඳීමට තමන් නොගිය බවයි. පහත පළවන්නේ බිමල් රත්නායක අමාත්‍යවරයා ස්වාධීන රූපවාහිනිය සමග කළ සාකච්ඡාවෙන් උපුටාගත් කොටසකි. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
අපි ඔබේ අමාත්‍යාංශය දෙසට යොමු වුණොත් එහෙම ප්‍රවාහන අමාත්‍යාංශය බොහෝ සෙයින් ජනතාවට සමීප අමාත්‍යාංශයක්. හැමෝම පොදු ප්‍රවාහනය භාවිත කරන නිසා. ඔබත් පොදු ප්‍රවාහනයේ ගමන් කරමින් මාධ්‍ය කැඳවාගෙන යමින් විවිධ අවස්ථාවල කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්ද කියලා සමහර අය ප්‍රශ්න කරනවා?

අමාත්‍ය බිමල් රත්නායක
මම කවදාකවත් පොදු ප්‍රවාහනයේ මාධ්‍ය කැඳවාගෙන ගිහිල්ලා නෑ. එක දවසක් මොරටුවේ ඉඳලා මම කොළඹ කොටුව ස්ටේෂන් එකට ආවා. ඒ දුම්රිය ප්‍රමාදය උහුලන්න බැරි තැන. මට හැමදාම උදේට කෝල්ස් ගොඩාක් එනවා. මම ඒවායින් 15ක් 20ක් විතර ආන්සර් කරනවා. ඒවායින් වැඩිම ප්‍රමාණයක් මට එන්නේ දුම්රිය ප්‍රමාදයන් සහ දුම්රිය අවලංගු වීම් ගැන. ඉතින් මම නිලධාරීන්ට කිව්වා මේක හදන්න කියලා. ඒගොල්ලෝ එක එක හේතු කියනවා. ඇත්තටම මම ආවට පස්සේ තමයි ඒගොල්ලන් දුම්රිය ප්‍රමාදයන් පිළිබඳ දිනපතා වාර්තාවක් හරි හදන්න පටන් ගත්තේ. දවසකට දුම්රිය 35%ක් 40%ක් ප්‍රමාද වෙනවා. දැන් මට ප්‍රතිශතයක් එනවා. 35%ක් 40%ක් ප්‍රමාදයි. මම දවසක් ඇහුවා දුම්රිය ප්‍රධානීන්ගෙන් සාමාන්‍යයෙන් කෝච්චියක මිනිස්සු කීයක් එනවද කියලා. දැන් ප්‍රතිශතය 35% කිව්වම මොකද තේරෙන්නේ නෑනේ. දුම්රිය 280ක් 300ක් දවසක දුවනවා. ඕකෙන් 40%ක් ඩිලේ කියන්නේ මොකක්ද? දුම්රිය 125ක් ප්‍රමාදයි කියන එක. දුම්රියක 1000ක් හිටියොත් කොච්චරද? මිනිස්සු 125,000ක් ප්‍රමාදයි. රට විනාශ වෙනවා. ඔක්කොටම වඩා පුදුම ලෙස මිනිස්සු ඩිප්‍රෙස් වෙනවා. මිනිස්සු උදේ ලස්සනට ඇඳලා, පිළිවෙළට දරු පැටව් ඉස්කෝලේ යවලා මොන යුද්ධයක්ද ඔය උදේ අම්මලා නෝනලා කරන්නේ? හතරට නැගිටගෙන ඔක්කොම කරලා පිළිවෙළට ඇඳගෙන 8.00ට 8.30ට ජොබ් එකට එන්නේ. තමන්ගේ අතේ සල්ලි වියදම් කරලා කෝච්චියේ එන්නේ. නිකන් එන්නේ නෑනේ. නිකන් එනවා සුළු පිරිසක් හොරෙන් එන අය. ඒ චෙක් කරන්නේ නැති නිසා.

ඒත් එන්න බැහැනේ අපිට ඔෆිස් එකට, ෆැක්ටරි එකට, මේ මීඩියා එකට, ඉස්කෝලෙට. ඉතින් උහුලන්නම බැරි තැන තමයි මම කල්පනා කළේ දෙයියනේ කෝච්චි 125ක් කියන්නේ මිනිස්සු 125,000ක් අඩුම ගානේ ප්‍රමාද වෙනවා. කෝච්චි 7%ක් 8%ක් ඩිලේ වෙනවා. මට එන වාර්තාව 7%ක් 8%ක්. මම ඇහුවා. ඩිලේ නෙමෙයි කැන්සල් වෙනවා කෝච්චි. ඒ කියන්නේ කැන්සල් කියන්නේ සොරිමනේ. අරක නම් පරක්කු වෙලා හරි එනවා. ඒවා මොකක් හරි ඇක්සිඩන්ට් වෙලා නෙමෙයි. කෝච්චි කියන්නේ ඉතාම විශාල යන්ත්‍ර, විශාල මැෂින්. ඒවා ටිකක් පරණත් එක්ක. ගැටලු තියෙනවා. නමුත් කැන්සල් වෙනවා. මම දන්නවා කැන්සල් වෙන එක ගොඩක් වෙලාවට වෙන්නේ කාර්මික දෝෂනිසා විතරක්ම නෙමෙයි. ඉතින් මට බලන් ඉන්නම බැරි තැන තමයි මම ගියේ. ඉතින් මම වීඩියෝ කැමරා අරන් ගියේ නෑ. මට ඇත්තටම එහෙම අහේනියක් නෑ. මම ඇමැතිකම කරන්නේ ඒකට අදාළ කාලෙදී විතරයි. මම දැන් මෙතැන ඇමැතිකමක් කරන්නේ නෑ. මම සාමාන්‍ය මනුස්සයෙක්. මම රිසි සේ මම ආදරය කරන ජීවිතය ගතකරනවා. මට පක්ෂයෙන් දීලා තියෙනවා ඩියුටි එකක්, ඇමැතිකම කරන්න කියලා. මම ඒ වෙලාවට ඇමැතිකම කරනවා. නැතුව මම පිස්සෙක් නෙමෙයි මේ ඇමැති ඇඳුමක් ඇඳන් බුදියන්න. මට එහෙම රෝගයක් නෑ.

මම හිතන්නේ නෑ අපේ කාටවත් තියෙනවා කියලා. අපි සාමාන්‍ය මිනිස්සු. ඒකේ අපිට භූමිකා තියෙනවා. දැන් ඔබතුමා හැම වෙලාවෙම මාධ්‍යවේදියෙක් විදිහට ඉන්නේ නෑනේ. ඔබතුමා බැඳලා නම් ගෙදර ගියාම ස්වාමිපුරුෂයෙක් වෙන්න පුළුවන්. යාළුවෝ අතර යාළුවෙක්. මමත් එහෙමයි. මට කිසිම රෝගයක් නෑ. මම එහෙම මීඩියා හන්ග්‍රි කෙනෙක් නෙමෙයි. මීඩියා ක්‍රේසි කෙනෙක් නෙමෙයි. ඉතින් කවුරු හරි වීඩියෝ කරලා දාපු එකට මට කරන්න දෙයක් නෑ. නමුත් මම ගියේ ඇත්තටම, මම කෝච්චියේ ගිහිල්ලා තියෙනවා. මම නිතර කෝච්චියේ යන කෙනෙක් නෙමෙයි. ඉතින් මම බලාගත්තේ ඇයි මේ, මොකක්ද මේ හේතුව කියන එක.

නමුත් ඊට අමතරව අපි මහන්සි වෙනවා. මම එක සැරේ එහෙම ගියේ. ඊට අමතරව මම මිනිස්සුන්ගේ, මට පොත් සියයක ලියන්න තොරතුරු තියෙනවා. මම මිනිස්සුන්ට කියල වොයිස් රෙකෝඩ් කරලා තියෙනවා. සමහර ඒවා කියන්න වෙන්නේ නෑ, රෙකෝඩ් කරලා තියෙනවා. පුදුමාකාර තොරතුරු. ඇත්තටම හොඳ නෑ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අවංකව වැඩකරන නිලධාරීන්ට සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවනේ. නැත්නම් මට දාන්න පුළුවන් මෙතැන වොයිස් රෙකෝඩ්ස් සිය ගණනක්. මිනිස්සු සාප කරනවා. මේවට. මිනිස්සු පව්. හැබැයි ඉතින් මම කනගාටු වෙනවා අපේ ආණ්ඩුව ඇවිල්ලා මාස 10යි. මම ඇමැතිකම අරන් මාස 8යි. මට බැරි වෙලා තියෙනවා සහෝදරයා ඒ 38%ක 40%ක විතර ඩිලේ එක අඩු ගානේ 36%කට ගේන්න. ඒ කියන්නේ 1%ක්වත් අඩු කරන්න බැරි වෙලා තියෙනවා.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ තවමත් ප්‍රමාදයි?
අමාත්‍ය බිමල් රත්නායක

ඔව්, හොඳටම ප්‍රමාදයි. ඒ කියන්නේ මගේ අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුව. නමුත් ඒවා අර අමාත්‍යාංශයෙන්ම පාලනය වෙන ආයතන නෙමෙයි.

මාධ්‍යවේදියා
කොහොමද මේක කරන්නේ?
අමාත්‍ය බිමල් රත්නායක

ඔව් ඉතින් ඒකට මහන්සි වෙනවා. මහන්සි වෙනවා. ඒකට මම හිතනවා ඒකේ ඉන්න හොඳ ස්ටේෂන් මාස්ටර්ස්ලා, හොඳ නිලධාරීන්, පහළ සේවක මහත්වරු, නෝනලා, ඒගොල්ලන් මම හිතන්නේ ටික ටික වෙනස් වෙයි. ඒකේ නායකත්වය මට්ටමින් හොඳම කැපවීම මේකට වෙන්නේ නැහැ.

ITN News – Sri Lanka

SendShareShare
Previous Post

බුදු රුව මුලින්ම රන් කාසියට ගෙනා කුෂාණවංශික රජවරු! Sri Lanka Latest News

Next Post

හැදියාවක් නැද්ද? මිනීමරුවන්ගේ දූලා! තාත්තලා වධකාගාර තියාගෙන හිටියා! ජගත් – බිමල් – රෝහිණී තුන්කොන් සටන! සහායට සජිත්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.